Fiverr Risk Assessment for Business Continuity

Topic එක දැක්කහම ටිකක් අනවශ්‍ය දෙයක් වගේ පෙනෙයි. ඒත් Biz එකක් කරන කෙනෙක්ට Risk Assessment කියන එක ඉතා වැදගත්. Risk Assessment එකක් ගොඩක් අරමුණු Target කරල කරන්න පුලුවන්. මම මෙතනදි කතාකරන්න යන්නෙ Biz Continuity එක Maintain කරන්න මොනවද තියන Risk සහ ඒව මගහරවා ගැනීමට කළහැක්කේ මොනවද කියන එක.

අද විශාල පිරිසක් Fiverr තමන්ගෙ එකම ආදායම් මාර්ගය කරගෙන තියනව. Fiverr කියන්නෙත් Biz එකක්. ඔබට දිගටම Fiverr හරහා ආදායම් ලබීමට නම් Fiverr Account එක දිගටම තිබිය යුතුයි, Orders දිගටම ලැබිය යුතුයි, එම Orders වෙලාවට Deliver කළයුතුයි. මේ දෙවල් මත තමයි ඔයාගෙ Fiverr Biz එක දිගටම කරගෙන යන්න පුලුවන්ද කියන එක රඳා පවතින්නෙ (Biz Continuity).

අපි එකින් එක බැලුවොත්;

www.logocouncil.com

1. අපට අපේ Fiverr Account එක අහිමි වීමට හැකි අවස්තා මොනවද?

Risk - වෙනත් රටක පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම: අපි වෙන ටරක IP එකක් භාවිත කර හෝ නොකර වෙන රටක පුද්ගලයෙකු ලෙස Account එකක් හැදුවොත් එම ගිනුම අහිමි වීමේ අවදානමක් තියනව. මන් දකින විදිහට මේක ආකාර දෙකකට වෙන්න පුලුවන්. එනම්, Fiverr විසින් ඔබව කෙලින්ම හඳුනා ගැනීම සහ වෙනත් Buyer කෙනෙක් ඔබගේ Account එක Report කිරීම මගින් (අපි USA විදිහට Account එක හැදුවට USA එකෙක් වගේ English බෑනෙ. සමහර Buyers ල මේව Report කරනව)

Preventive Action - හොඳම දේ තමයි ලංකාවෙ විදිහට Account එකක් හැදීම. මගේ අත්දැකීම අනුව ලංකාවෙ විදිහට හැදුව කියල Orders අඩු වෙන්නෙ නෑ.

Risk - Fiverr නීති රීති වලට අනුගත නොවීම: Fiverr නීති රීති වලට අනුගත නොවුනහොත් ඔබගේ ගිණුම අහිමි වීමට ලොකු අවදානමක් තියනව. බහුලවම අපි කරන දේවල් වලින් කිහිපයක් නම්, ගිණුම් කිහිපයක් භාවිතා කිරීම, Gig කොපි කිරීම, Personal Contacts හුවමරු කිරීම, බුද්ධිම දේපල Gig මගින් විකිනීම, Buyers ලට බැනීම, etc.

Preventive Action - නීති රීති වලට අනුගත වෙමින් Genuine විදිහට Fiverr කරණ එක තමයි එකම විසඳුම.


2. අපට Orders අඩු වීමට හෝ අපේ Regular Customers ල අපෙන් ගිලිහීමට ඇති අවස්තා මොනවද?

Risk - ඕනවට එපාවට Gig දැමීම: එකක් හරි ගොඩ යයි කියල Gig 10ක් 15ක් දාගෙන දාගෙන යනව සමහරු. සමහර වෙලාවට දාන්නෙ මොනවද කියලවත් තමන් දන්නෙ නෑ. මෙහෙම දාන Gig වලට පැවැත්මක් නෑ. මුලදි Orders දෙක තුනක් ආවත් ඊට පස්සෙ එන්නෙ නෑ.

Preventive Action - ගොඩ යන්න එක Gig එකක් හරියට Plan කරල දැම්ම නම් ඇති. Gig එකක් දාන්න කලින් හොදට Study කරල දාන්න. කවුරුවත් දාල නැති, කාටවත් කරන්න බැරි විදිහෙ එකක් Plan කරන්න. Buyer ට ලැබෙන දේවල් ටික පහැදිලිව Description එකේ දාන්න (ලොකු හෑල්ලක් ලියන්න අවශ්‍ය නෑ). උදාහරණයක් විදිහට, ගොඩක් දෙනෙක් Logo gig දානවනෙ. හැබැයි ගොඩක් Gig Title සමානයි, Description එකත් copy තමයි. හැබැයි “I will Design a Fresh Logo for your newborn Baby” වගේ ගිග් එකක් දම්මොත් පොඩි වෙනසක් තියෙයි. ඒ නිසා හැම වෙලේම හොඳට Plan කරල Gig දාන්න.

Risk – Seasonal Gig දැමීම: Christmas එකට, Mothers Day එකට, Valentine එකට Gig දැමීමෙන් අපට දිගුකාලීනව සාර්ථක වෙන්න බැ. හේතුව තමයි අපේ Gig එක Hit වීගෙන එනකොට Season එක ඉවරයි. අපරාදෙ මහන්සිය.

Preventive Action - මහන්සි වෙලා දාන Gig එක සදහටම පවතින විදිහට දාන්න.

Risk - Gig Package හරියට නොදැමීම: Gig Package හරියට නොදැමීම නිසා අපට ලැබෙන්න තියන ලොකු ආදායමක් නොලැබී යා හැකියි.

Preventive Action - සාමාන්‍යයෙන් Package 3ක් අපට දාන්න පුලුවන්. අපි ලගට එන Buyer ව $5 සීමාවෙන් එහාට ගෙනියන්න මේ Package පාවිච්චි කරන්න පුලුවන්. උදාහරණයට Logo Gig ගත්තොත්,

පලවෙනි Package එක $5 දාන්න. මොකද...$5 ට දේවල් ගන්න තියන්න නිසාම Fiverr එකට එන පිරිසක් ඉන්නව. මුන් එයින් එහාට යන්න කැමතිම නෑ. මේ $5 Package එකට අත්‍යවශ්‍ය දෙවල් විතරක් දෙන්න. Logo Gig වල නම් Transparent File එක තමයි අත්‍යවශ්‍ය. JPG එකත් දුන්නට අවුලක් නෑ. හැබැයි කවදාවත් Unlimited Revision and One Day Delivery දෙන්න එපා.

දෙවනි Package එකට තමයි අපි Buyer ආකර්ශනය කරගන්න ඕනි. අපි ලගට එන හැම Buyer ම පලවෙනි Package එක Skip කරන විදිහට දෙවනි Package එක හදන්න ඕනි. පලවෙනි දේ තමයි පලවෙනි Package එකට වඩා අඩු Delivery Time එකක් දෙන්න ඕනි. 1 Day නම් ගොඩක් හොදයි. ගොඩාක් Buyers ල කැමති නෑ ගොඩාක් කල් බලන් ඉන්න. දෙවනි එක තමයි Source File එක. අපි Logo එකක් හදන්කොට Source File එක ඉබේම අපි ලඟ තියනවනෙ. ඒ නිසා අමතර මහන්සියක් නෑ. Source File එකත් දෙවනි Package එකට දාන්න. තුන්වනුව අපට පුලුවන් DH File දෙනව කියල Package එකට දාන්න. අන්තිමට Unlimited Revision එකත් Include කරන්න. දැන් අපේ දෙවනි Package එකේ Transparent File, Source File, HD Image, Unlimited Revisions සහ 24 Hour Delivery තියනව. සාදාරණ විදිහට පිලිවෙලට Cost එක හදුවොත් ($5+$10+$5+$5+$10) = $35 (Cost එක තමන්ට අනුව තීරණය කරන්න). මෙම ගිග් එක දකින Buyer ගෙ මනස දෙවනි Package එක තෝරා ගැනීමට තිබෙන අවස්ථාව වැඩි. මොකද, ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්, Source File එක ගන්න පුලුවන්, Unlimited Revision නිසා තමන්ගෙ Logo එක අවශ්‍ය විදිහට හදාගන්න පුලුවන්, ඒ නිසා අමතර පොඩි ගානක් වියදම් කරාට කමක් නෑ කියල හිතන්න පුලුවන්. ඒත් අපි පලවෙනි Package එකටයි දෙවනි Package එකටයි එකම මහන්සිය තමයි වෙන්නෙ (හොඳට කල්පනා කරල බලන්න) අපිට මේකෙන් වැට උඩ ඉන්න Buyers ල ටික දෙවනි Package එකට තල්ලු කරගන්න පුලුවන්. (තම තමන්ගෙ නිර්මණ්ශීලිත්වය මත Package එක වෙනස් කරගන්න තියෙන්නේ)

තුන්වෙනි Package එක හැමදේම දාල දාන්න (Multiple Logo, Biz Card, Mockups, etc) මේකට ලොකු ගානක් දාන්න. ලෝස් නැතුව වියදම් කරන සෙට් එකකුත් ඉන්නව.

Risk - Buyer ට ප්‍රතිචාර නොදැක්වීම: Buyer අසතුටට පත් වුවහොත් නැවත අපි ලඟට නොපැමිනෙන්න පුලුවන්. අමතක කරන්න එපා Fiverr එකේ ලක්ෂ ගානක් තරඟකාරී Sellers ල ඉන්නව කියල.

Preventive Action - Buyer ගෙ ප්‍රශ්න වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න. Fiverr App එක පාවිච්චි කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ.

Risk – Vacation Mode On කිරීම: Vacation Mode දැමීම නිසා විශේෂයෙන්ම අපේ Regular Buyers ල අපට නැතිවෙන්න පුලුවන්. මොකද...Buyer අපේ Gig එක හොයාගෙන ආවහම අපි Vacation නිසා අපට සමාන වෙන Gig Fiverr එකෙන් Suggest කරනව. එම Gigs Buyer ගෙ හිතට ඇල්ලුවොත් ආයෙ අපේ Gig එක පැත්ත පලාතෙ එන එකක් නෑ.

Preventive Action - Vacation Mode නොදා ඉන්නම බලන්න. ඕනිම නම් ඉස්සරහට කරන්න තියන වැඩ ටික ඉක්මනට ඉවර කරල දාන්න එහෙම නත්නම් අදාල කාලෙට Delivery Time එක දික් කරන්න.


3. අපට ලැබෙන Orders ටික වෙලාවට Deliver කරගන්න බැරි අවස්ථා මොනවද?

අපිට Orders වෙලාවට Deliver කරගන්න බැරි උනොත් මොකද වෙන්නෙ කියල හැමෝම දන්නවනෙ. එහෙම වෙන්න පුලුවන් අවස්ථා කීපයක් තියෙනව. හබැයි මේ ගැන කවුරුත් වැඩිය හිතන්නෙ නෑ.

Risk - කරගත නොහැකි තරම් Orders ප්‍රමණයක් ලැබීම: ඔව්...සමහරෙක්ට මෙය හීනයක් උනත් එලෙස Orders ලබෙන ගොඩක් දෙනෙක් ඉන්නව. මෙලෙස ලැබෙන Orders වෙලාවට Deliver කරගන්න බැරි උනොත් අපේ Late Deliveries වැඩි වෙනව. Negative Feedbacks වැඩිවෙන්නත් පුලුවන්. මෙය අපේ Biz එකේ පැවැත්මට සුබදායී දෙයක් නෙවෙයි.

Preventive Action - මෙම තත්වයට මුහුන දීම සඳහා අපට වෙන Designers ල Hire කරන්න පුලුවන්. තමන් බලාපොරොත්තු වෙන මට්ටමේ Skills තියන Designers ල කිහිපදෙනෙක් මේ සඳහා තෝරාගෙන සිටීම ඉතා වැදගත්. මොකද...එක්කෙනෙක් නැති උනොත් තව කෙනෙක්ගෙන් වැඩේ කරගන්න පුලුවන්.

Risk - විදුලිය නොමැති වීම (Power Cut or Failure): Fiverr කියන්නෙ Online Biz එකක් නිසා විදුලිය නොමැතිව කිසිම දෙයක් කරගන්න බැරි වේවි. මෙය හදිසි බිඳවැටීමක් වෙන්නත් පුලුවන් නඩත්තු කිරීම් වලට පෙර දැනුම් දීමක් සහිතව වෙන්නත් පුලුවන්. කෙසේ වුවත් අපට අපේ වැඩ නවත්තන්න වෙනව.

Preventive Action - අපි කොහොමද මේ තත්වයට මුහුන දෙන්නෙ. අපි හිතමු මෙය විනාඩි කිහිපයක බිඳ වැටීමක් කියල. අපි Laptop එකක් පාවිච්චි කරනවනම් කිසි ප්‍රශ්නයක් නෑ. අපි Desktop එකක් පාවිච්චි කරනවනම් තමයි ප්‍රශ්නෙ. Delivery එක කට උඩ තියාගෙන Design එකක් කර කර හිටියොත් මොකද වෙන්නෙ. මුල ඉදල කරන්න වෙනව. UPS එකක් තියනවනම් Design එක බේරගන්න පුලුවන් එත් විනාඩි පහක් හයක් තමයි වැඩ කරන්න වෙන්නෙ. මේකට විසඳුමක් විදිහය Laptop එකකට යන්න පුලුවන්නම් හොඳයි. එතකොට පැය දෙක තුනක් තියන නිසා ඉස්සරහට තියන Orders ටික ඉක්මනට කරල ඉවර කරගන්න පුලුවන්. හැබැයි Router එකක් පාවිච්චි කරණවනම් අපි Lap එකෙන් කරණ දේවල් Deliver කරන්න ක්‍රමයක් නෑ. එහෙනම් ඉතින් හදිස්සියකට ගන්න Dongle එකකුත් තියාගන්න වෙනව. මෙහෙම කිවුවහම හිතයි මූට පිස්සු, මේව බොරු වැඩ කියල. ඒත් ඔබ අමතර Lap එකක් Dongle එකක් වෙනුවෙන් වැය කරණ මුදලට වඩා විශාල මුදලක් ඔබට අහිමි වීමට ඉඩ තිබෙයි.

අපි හිතමු පෙර දැනුම් දීමක් සහිතව නඩත්තු වලට විදුලිය විසන්ධි කරා කියල (සාමාන්‍යයෙන් උදේ 8 - හවස 5 වගේ). එතකොට ඉතින් Lap එකෙනුත් කරන්න බෑනෙ. ඒ නිසා හොඳම දේ තමයි පැය 24ක් අතුලත තියන Orders කරල ඉවර කරණ එක. ඒ කියන්නෙ පැය 24ට කලින් හැම Order එකක්ම Complete කිරීම. නිතරම 1 Day Safe Period එකක් Maintain කරන්න. මේක තමයි හොඳම විසඳුම. දවසකට වඩා විදුලිය නැතුව තියෙන්නෙ ඉතින් කලාතුරකින්නෙ. අමතක කරන්න එපා 24 Hours Express Orders ආවොත් පැය දෙක තුනක් ඇතුලත කරල ඉවර කරන්න.

Risk - Computer එක වැඩකරන්නැතුව ගියොත්:...ඒකත් Risk එකක් තමයි.

Preventive Action - මේ වගේ දේකින් බේරෙන්න කලින් කිව්ව වගේ 1 Day Safe Period එකක් තියාගන්න එක වැදගත්. එතකොට දවසක් ඇතුලත Computer එක හදාගෙන ආයෙත් වැඩට බහින්න පුලුවන්. එමෙන්ම මෙවන් අවස්ථාවක අවශ්‍ය වුවහොත් ගන්න අපට අත්‍යවශ්‍ය දේවල් වල Backup එකක් තියාගන්න. එනම්, OS setup එක, Design Softwares ටික, Fonts, අපි කලින් කරපු Designs වල Source Files වගේ දේවල්.

Risk - අපිට කිසිදෙයක් කරගැනීමට නොහැකිවන සේ අසනීප වීම: සාමාන්‍ය මිනිස්සු හැටියට මෙවන් දේවල් වෙන්න පුලුවන්. එහෙමයි කියල අපිට Orders ටික Late වෙලා Cancel වෙනකන් ඉන්න බෑ.

Preventive Action - හැමදේටම පොදු 1 Day Safe Period එකක් තියාගන්න. එමෙන්ම අවශ්‍ය වෙලාවට Hire කිරීමට Designers ල කිහිපදෙනෙක් තබාගන්න (ඉහත සඳහන් කළ පරිධී). අවසාන වශයෙන් ඔබට හැකියාවක් තිබේනම් ඔබේ ලඟම කෙනෙක් (බිරිඳ, ඔඳම යාලුව, සහෝදරය හෝ වෙන කැමති කෙනෙක්) Fiverr Account එක Manage කිරීමට පුරුදු කර තබාගන්න. එවිට ඔබට සුව වන තුරු අවශ්‍ය දේවල් ඔහු හෝ ඇය කරාවි.

මොකද හිතන්නෙ...සමහරවිට අනවශ්‍යයි වගේ පේන්නත් පුලුවන්, තේරුමක් නෑ කියල හිතෙන්නත් පුලුවන්. ඒත් ඔබට Fiverr විතරක් නෙවෙයි ඕනෙම Biz එකක් සාර්ථකව කරගෙන යාමට නම් මේ වගේ දේවල් ගැනත් හිතන්න වෙනව.

අපේ Biz එක දිගටම කරගෙන යාමට ඇති අවදානම් තව ගොඩක් තියනව. ඉන් කිහිපයක් තමයි මේ. මෙතන මම කියල තියෙන්නෙ මගෙ හිතේ තියන දේවල් නෙවේ, මම දැනටමත් කරණ දේවල්.

හොඳ, නරක, ප්‍රසංසා, අවලාද.....සැමදේම භාරගනු ලැබේ. :smile:
«1

Comments

Sign In or Register to comment.