99design.com එකටත් සෙට් වෙමු

ෆයිවර් විතරක් කරන උන් මේකටත් ට්‍රයි කරහල්ල මචංලා. දවසට පැයක් අයින් කලානම් ඇති. මාසෙකට 1ක් වින් කලොත් අවම $200 ක් අතේ.
$1000 ට යනකන් කන්ටෙස්ට් තියනව.
ලෝගෝ, ටීෂර්ට් ඩිසයින්, ඇප් අයිකන් හැම එකක්ම තියනව.

මේකෙ වාසිය තමයි අපි හදන ලෝගෝ එකක් වින් කලේ නෑ කියල ලොකු අවුලක් නෑ ඒ ඉන්ඩස්ට්‍රි එකේ වෙන කන්ටෙස්ට් එකකට ආයෙ දාන්න පුළුවන් නම වෙනස් කරල.

ඩිසයින් ක්‍රවුඩ් වගේ නෙවෙයි කන්ටෙස්ට් පේජ් එකට ගියාම වෙන අය දාල තියන ඩිසයින් බලාගන්න පුළුවන්. ආයෙ Sort by - Highest rated first දුන්නම කන්ටෙස්ට් හෝල්ඩර් කැමති මොන වගේ ඩිසයින් වලටද කියල අදහසක් ගන්න පුළුවන්.

මේකෙ ඩිසයින් කොපි කරලද කියල රිපෝට් කරන්නෙ ඩිසයිනර්ලා මයි. අපි කොපි කලානම් අපිට පුළුවන් ඩිසයින් එක අයින් කරන්න. නැතිනම් පුළුවන් චැලේන්ජ් කරන්න. කොපි නොකර අයිඩියා විතරක් අරන් ඩිසයින් කරනවනම් තමයි වඩාත්ම හොද.

පුළුවන් තරම් ඩිසයින් අඩුවෙන් දාල තියන ඒවට ට්‍රයි කරන්න. ෆීඩ් බැක් එකක් ආපු ගමන් පුළුවන් තරම් උව ටච් එකේ තියාගන්න. ෆීඩ් බැක් එකක් ආව කියන්නෙ පොඩ් චාන්ස් එකක් තියනවා. තව තව ඒව හදල දාන්න.

කන්ටෙස්ට් එක පටන් අරන් මුල් දවස් 3 ඉවර උනාම හෝල්ඩර් ඩිසයිනර්ලා 6 දෙනෙක් ෆයිනල් රවුන්ඩ් එකට ගන්නවා (ෆයිනල් රවුන්ඩ් නැති ෆාස්ට් ට්‍රැක් කන්ටෙස්ට් එහෙමත් තියනවා ඉද හිට)
ෆයිනල් ආව කියන්නෙ වින් කරන්න 1/6 ක චාන්ස් එකක් තියනවා. පුළුවන් තරම් මොකප් වලින් වැඩ දාල පෙන්නන්න එතකොට. හැම එකකටම කමෙන්ට්ස් ඉල්ල ගන්න. නිතර මැසේජ් දාන්න. උට උඹෙ ඩිසයින් එක නිතර නිතර මතක් කරවන්න වාත නොවී. උඹ වින් කලොත් ස්ටේෂනරි ඩිසයින් ටික ෆ්‍රී කරල දෙනව කියන්න. (ඒව දෙන්න ඕනෙ කන්ටෙස්ට් තියනව $500 න් එහා)

අනෙක් ඩිසයිනර්ල කොපි කරලද කියල උන්ගෙ ඒව ගූගල් රිවස් ඉමේජ් හරි, ටින් අයි එකට හරි දාල හොයාගන්න.ඒ ඩිසයින් එකම නෙට් එකේ තිබුනොත් රිපෝට් කරන්න. ඒක වැරැද්දක් නෙවෙයි.

අපි ඩිසයින් එකක් වින් කලොත් ඒක ඇපෘ වෙලා පේමන්ට් එක අතට ගන්නකම් කිසි තැනක පබ්ලිෂ් කරන්න එපා.

ඩිසයින් එක වින් කරල ෆයිනල් ෆයිල් ටික ඇපෘ වෙලා පැය 24 න් සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුළුවන්.

එච්චරයි..

Comments

Sign In or Register to comment.