We are maintenance come back later. Sorry about if any inconvenience.
Like us our Facebook page for keep yourself updated.

ෆයිවර් වල ලෝගෝ ඩිසයින් කරන අලුත් අයට උපදෙසක්

edited August 2016 in Fiverr
මේ දේ ගොඩාක් අය දැනටමත් කරනවා ඇති. ඒත් අලුතෙන් ෆයිවර් කරන්න එන අයට අදහසක් ගන්න තමා මේ ලිපිය දාන්නේ.. ෆයිවර් ගැන දැන ගත්ත ගමන් ගොඩාක් අය මුලින්ම දාන ගිග් එක තමා ලෝගෝ ඩිසයිනින්ග් ගිග් එක. මුලින්ම ඕඩර් නෑ කිය කිය නහයෙන් අඩලා.. කරුමෙට හරි මුලින්ම ඕඩර් එකක් ආපුවහම ඊලගට නහයෙන් අඩන්න වෙන්නේ.. බයර් ලෝගෝ එක ඕනා විදිහ ගැන විස්තර එව්වහම.. ඒක තියන කිසිම දෙයක් තේරෙන්නේ නැති වීම සහ ලෝගෝ එක ඩිසයින් කරන්න කිසිම අයිඩියා එකක් බයර් එවන විස්තරෙන් ගන්න බැරි වීම.

මේකට තියන හොදම විසදුම තමා අපි ගිග් එක හදත්දී Buyer Instructions කියන තැනට මේ විදිහට පැහැදිලිව වෙන් කරලා බයර්ගෙන් ප්‍රශ්න ටිකක් අහන එක. එතකොට අපිට බයර් ලබා දෙන පිලිතුරු වලින් බයර් බලාපොරොත්තු වෙන ලෝගෝ එක ගැන නිවැරදි පැහැදිලි අදහසක් ගන්න පුළුවන්.

01. How would you describe your business and what it does?

2. What type of unique custom logo do you require?

3. What is the exact wording for your logo?

4. Do You Have a Crucial Tagline?

5. Do you have existing brand colors?

6. What does the logo need to say about your business?

7. Please attach pictures of any logo examples you like, just to get and idea of what you have in your mind about your expecting logo.

8. Any additional comments?


මේ ප්‍රශ්න ටික භාවිතයෙන් ෆයිවර් සයිට් එකේ මගේ ලෝගෝ ගිග් එක තුල සාර්ථකව අවුරුදු 4ක් තිස්සේ මම ලෝගෝ ඩිසයින් කරනවා. ලෝගෝ එක නිර්මාණය කිරීමට හොද පැහැදිලි අදහසක් ලබාගැනීමට මෙම ප්‍රශ්න වලට බයර් විසින් ලබාදෙන උත්තර මට හැමදාම ලොකු උදව්වක් වුනා. මම හිතනවා ලෝගෝ ඩිසයින් ගිග් අලුතෙන් කරන්න ඉන්න අයටත් මේ දේ උදව්වක් වෙයි කියලා.

මේ ප්‍රශ්න ටික මේ විදිහටම තමන්ගේ ගිග් වලට දාන්න එපා.. මේ ටික දැම්මේ අදහසක් ගන්න විතරයි.. මේ ප්‍රශ්න ටිකෙන් අහලා තියන දේවල් ගැන අදහසක් අරගෙන තමන්ගේ විදිහට අලුතෙන් ප්‍රශ්න ටිකක් හදාගන තමන්ගේ ගිග් වලට දාන්න මතක තියාගන්න..

Comments

Sign In or Register to comment.