SHUTTERSTOCK වලින් EARN කරන හැටි

Shutterstock කියන්නෙ Passive Income එකක්. හරියට ගොඩ දාගත්තොත් නිකන් ඉන්දි සල්ලි එන විදිහට හදාගන්න පුලුවන්. හැබැයි මුලින් මහන්සි වෙන්න ඕනෙ. ටිකක් ඉස්සරහට යද්දි වැඩේ ලේසි වෙනව. මේකෙදි වෙන්නෙ ඔයාගෙ Photos, Videos එහෙම නැත්තන් Designs Shutterstock එක හරහා stock images විදිහට විකුණන එක. එකම image එක ඕනෙ තරම් පාරක් විකුණන්න පුලුවන් නිසා ආදායම දිගටම එන විදිහට හදාගන්න පුලුවන්.
හිතන්න මෙහෙම. ඔයා designer කෙනෙක්නම් ඔයාගෙ ක්ලයන්ට්ලගෙන් රිජෙක්ට් වෙන designs මේකට දාල තියන්න පුලුවන්. (මන් කරන්නෙ එහෙම). ඔයා Photographer කෙනෙක්නම් මේක හරියට Free Unlimited Online data storage එකක් වගේ. ඕනෙ තරම් photos මේකට දාල තියන්න පුලුවන් වගේම කවුරුහරි download කරොත් ඔයාට සල්ලිත් ලැබෙනව!
වැඩේ කරන්නෙ මෙහෙමයි,
මුලින්ම පහල එකෙන් ගිහින් Account එකක් හදාගන්න.

http://submit.shutterstock.com?rid=4114717

(ඔයා Register වෙද්දි මේ ලින්ක් එකෙන්ම ගියොත් ඔයා sell කරන images වලින් මට commission එකක් හම්බෙනව අවුරුදු දෙකක් යනකන්. ඒක ඔයාගෙන් අඩු වෙන්නෙ නෑ. ඒක ගෙවන්නෙ shutterstock එකෙන්.)

Register උනාට පස්සෙ ඔයාට පුලුවන් ඔයාගෙ images මේකට upload කරන්න. මුලින් වැඩේ අහුවෙනකක් ටිකක් අමාරුවෙයි. අහූනාට පස්සෙ වැඩේ ලේසියි. මුලින් එයාලගෙ standard වලට අනුව image එක upload කරන්න ඕනෙ.
ඊට පස්සෙ අදාල විස්තර දාල submit කරන්න ඕනෙ. මේ තොරතුරු ඇතුලත් කිරීම වැදගත් තැනක්. ඔයා image එකට title එක දාද්දි හොඳට විස්තරාත්මකව දාන්න. ඊලඟට keywords. Keywords උපරිම 50ක් දෙන්න පුලුවන්. ඔයාට පුලුවන්නම් 50ක්ම හොයල ඇතුලත් කරන්න. මොකද කවුරුහරි ඔයාගෙ image එක internet එකේ search කරන්නෙ ඒ වචන වලින්.
වැදගත්ම දේ තමයි එක දිගටම මේකට images දාන එක. මොකද images වැඩිවෙන තරමට ඔයාගෙ ආදායම වැඩි වෙනව. Target එකක් තියාගන්න දවසට Images මේ ප්‍රමාණයක් upload කරනවමයි කියල. අවුරුද්දක් දෙකක් යද්දි හොඳ ආදායමක් හදාගන්න පුලුවන් වෙයි. ඒ වගේම ලැබෙන ආදායමෙන් කොටසක් use කරන්න ඔයාට කරන්න බැරි විදිහෙ designs/ photos එහෙම සල්ලි වලට අරන් shutterstock එකටම දාන්න. ( Fiverr වගේ platforms use කරන්න ඒ වැඩේට). ආදායම තව වැඩිකරගන්න පුලුවන් වෙයි ඒකෙන්. :)

ගැටළු

IMAGES REJECT වීම
Vector images එකක් Upload කරනකොට ගොඩක් අයට එන ගැටළුවක් තමයි ඒක Reject වෙන එක. මේකට විවිධ හේතු බලපානව. ගොඩක් ගැටළු මේ මන් කියන විදිහට කරොත් අඩු කරගන්න පුලුවන්.
මුලින්ම ඔයාගෙ Illustrator Artboard එක 2200px X 2200px වලට හෝ ඊට වඩා ලොකුවට හදාගන්න. (එයාල ඉල්ලන size එක 4000sqpx හෝ ඊට වැඩි).
දැන් මේ Artboard එක ඇතුලෙ ඔයාගෙ design එක හදන්න. මොනම හේතුවකටවත් image එක Artboard එකෙන් පිට යන්න දෙන්න එපා. ගියොත් Reject වෙනව.
Design එක හදල ඉවර උනාට පස්සෙ Artboard එකේ size එකටම background එකට කොටුවක් add කරගන්න. (එයාල අර මන් උඩින් කියපු 4000 pixel ප්‍රමානෙ බලන්නෙ design එකට මිසක් Artboard එකට නෙවෙයි. ඒ කියන්නෙ මුලු design එකම 4000 හෝ ඊට වැඩි වෙන්න ඕනෙ). දැන් design එක save කරගන්න. save කරන්න ඕනෙ Illustrater EPS format එකෙන් Illustrater 8 file එකක් විදිහට. Vector images දානකොට illustrater EPS file එක විතරක් දැම්මම ඇති. JPG files upload කරනකොට මේ ගැටළු ගොඩක් එන්නෙ නෑ.

සල්ලි
සල්ලි හම්බෙන්නෙ මෙහෙමයි. ගොඩක් දුරට මුලදි image එකක් කවුරුහරි download කරොත් 0.25$ ක් තමයි හම්බෙන්නෙ. ඒත් client select කරන plan එකට අනුව මේ ගාන ඉඳල හිටල වැඩි වෙන්නත් පුලුවන්. 0.25$ කියන්නෙ සාමන්‍ය ගාන. මේ ගානත් ඉස්සරහට යනකොට වැඩි වෙනව. උදාහරනෙකට අනුව ඔයා මුලු ආදායම $500 පැන්නුවට පස්සෙ එක image එකකට ගෙවන ගාන එයාල 0.33$ ක් දක්වා වැඩි කරනව. මේ විදිහට ඔයාගෙ සම්පූර්ණ ඉපයීම වැඩි වෙන්න වැඩි වෙන්න එක image එකකට ගෙවන ගානත් වැඩි වෙනව.

සල්ලි අතට ගන්න හැටි
Shutterstock එකෙන් ඔයාට $35ක් උන ගමන් සල්ලි withdraw කරගන්න පුලුවන්. මම withdraw කරගන්නෙ payneer account එකට. හැබැයි payneer එකෙන් ලංකාවෙ bank එකට withdraw කරන්න පුලුවන් අවම $50 ක්වත් තිබ්බොත්. ඒ නිසා එකේ $50ක් වෙනකන් shutterstock එකේ තියලම ගන්න එක හොඳයි.



ගැටළු තිබ්බොත් මට comment එකක් දාන්න.

image

image
Sign In or Register to comment.