Paxum සහ Skrill මුදල් ගැටලුව

🔴 පලවෙනි ප්‍රශ්නය:
============

Paxum එකේ තිබුන ඩොලර් 100ක් HNB Visa debit card එකට transfer කළා ජූලි 1.. වෙනද එවෙලේම සල්ලි එනව, එත් අද වෙනකන් මේ සල්ලි ආවෙ නැහැ.

මම කලින් කීප වතාවක් මේ විදියට අරන් තියෙනව.

මෙහෙම වෙච්ච අය ඉන්නවද?

Paxum එකට bank statement යැව්වට ඒ අය පිළිගන්නෙ නැහැ, ARN number එක සඳහන් කරල සල්ලි ලැබුනෙ නෑ කියල බැංකුවෙන් ලියුමක් ඕනලු (ARN එක මට එව්ව Paxum එකෙන්).

HNB එක ඒ විදියෙ letter එකක් දෙන්න කැමති නැහැ, ඒ අය කියන්නෙ bank statement එක විතරයි දෙන්න පුළුවන් කියල.

🔴 දෙවෙනි ප්‍රශ්නය:
============

ජූලි 2, Skrill Money Transfer service එක හරහා (Balance එක withdraw කිරීමක් නෙමෙයි) මගේ virtual debit card එකක තිබුන ඩොලර් 100ක් HNB account එකට යැව්ව, වෙනද ඒකත් එවෙලේම එනව, එත් අද වෙනකන් ආවෙ නැහැ.

කලින් මම මේ ක්‍රමයටත් 15 වතාවක් විතර සල්ලි අරන් තියෙනව, ඒ හැම එකක්ම HNB එකට විනාඩි 5ක් ඇතුලත වැටුන.

මේක විසඳගන්න bank statement එකක් යැව්ව, Skrill එකෙන් නම් investigation පටන් ගත්ත, ඒත් දවස් ගානක් යනව කියල තිබුණ.
මෙහෙම වෙච්ච අය ඉන්නවද?
Sign In or Register to comment.