ලංකාවෙත් සුපිරි වීඩියෝ ගේම්ස් හදන්න ඉගෙන ගමු - තුන්වෙනි කොටස

image

ඔව් මං කලින් ගෙනාවේ ගේම් ඩිසයින් කියන්නේ මොකක්ද කියන එක ගැනයි ඒ සම්බන්ද ජොබ්ස් මොනාද කියන එක ගැනයි. තුන් වෙනි කොටසෙදී ගේම් ඩිවෙලොප්මෙන්ට් ගැන ගේන්න හිටියත් ඊට කලින් මේක ගේන්න ඕන කියලා හිතුනා. ඒ තමයි මං දැකපු ලස්සනම ෆ්ලෝ එකක් තියන සැටිස්ෆයින් සහ පට්ටම පට්ට ඩීටේල් දාන සොෆ්ට්වෙයාර් එක ගැන. මේක තමයි ZBrush කියන සොෆ්ට්වෙයාර් එක. ගොඩක් අය මේකට කියන්නේ z Brush කියලා. ඒඋනට මේකට හරියටම කියන්නේ Zee Brush කියලා.

image

මේකෙන් මොකක්ද වෙන්නේ සහ ඇයි මේ නම දාලා තියෙන්නේ කියලා අපි බලමු. බ්‍රශ් එකක් කියන එක එහෙමත් නැත්තම් පින්සලක් කියන එක ඔයා දන්නවනේ. ඉතින් පින්සලකින් අපි කරන්නේ කොලේක චිත්‍ර ඇදලා පාට කරන එකනේ. හැබැයි අපි මේ අදින එක කරන්නේ කොලේක නිසා මේක 2D කියලා ඔයාට තේරෙනවා ඇති. අපිට කොලෙන් උඩට මතු කරලා මොකුත් අදින්න බෑනේ. අපි අදින්නේ කොලේ විතරයි. සාමාන්යෙන් 2D space එක එහෙමත් නැත්නම් අවකාශය අපි දක්වන්නේ X සහ Y කියන අක්ශ දෙකෙන් කියලා ඔයාලා එස්කෝලේ කාලේ ප්‍රස්තාර අදිනකොට එහෙම දන්නවනේ. එතකොට අපි මේ කතා කරන 3D අවකාශයට එනකොට තුන් වන අක්ශය ව්දියට අපි ගන්නේ X,Y පිලිවෙලට ඉන්ග්ලිශ් අකුරු හෝඩියේ පිලිවෙලට Z කියන අකුර. මේ අකුර මේ නිසා ගොඩක් වෙලාවට depth එක එහෙමත් නැත්නම් ගැඹුර යන අර්තයට ගන්නවා. දැන් ඔයාලට තෙරේනවා ඇති ටික ටික මොකද වෙන්නේ කියලා. මේ නමේ හැටියට මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ අපි අර කොලේ අදිනකොට කොලෙන් උඩටත් ඒකියන්නේ Z අක්ශයෙත් ඔයාගේ පින්සලෙන් අදින එක. හැබැයි මෙතනදී මේක වෙන්නේ ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ. (මේක ඇත්තටමත් කරන්න පුලුවන් 3D Pen කියන එකෙන්.) හරි එතකොට අපි මේ ඇත්තටම කරන්නේ ක්ලේ වලින් මොනාහරි හදනවා වගේ දෙයක්. ක්ලේ වලින් හදන එකට එහෙමත් නැත්තම් මැටි වලින් රූප නිර්මානය කරන එකට අපි කියන්නේ අඹනවා කියලානේ. මේක අපි ඉන්ග්ලිශ් වලින් කියනවා sculpt (ස්කල්ප්ට්) කරනවා කියලා. එතකොට මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපි කරන්නෙ ස්කල්ප්ටින් කරන එක. මට හිතෙනවා වැඩේ තේරුනා කියලා.

image

එතකොට අපිට මේක මොකටද ඕන වෙන්නේ? මේ වගේ වෙන සොෆ්ට්වෙයාර්ස් නැද්ද? මේකෙන් ඕන මගුලක් හදන්න පුලුවන් කෙලින්ම කිව්වොත්. කැඩුන මගුල් සෙට් කරන එක ගැන නෙමෙයි කිව්වේ. ඕනම 3D object එකක් මේකෙන් හදන්න පුලුවන්. ගොඩක් මේක ප්‍රසිද්ද කැරැක්ටර්ස් ස්ක්ල්ප්ට් කරන සොෆ්ට්වෙයාර් එකක් ව්දියට. හැබැයි එහෙම ලිමිට් වෙලා නෑ. ඕන එකක් හදන්න පුලුවන්. ඒ කියන්නේ සොෆ්ට් සර්ෆේස් සහ හාර්ඩ් සර්ෆේස් ඕන එකක්. ඒ කිවේ? Soft Surface සහ Hard Surface තමයි 3D object වල ප්‍රධානම category දෙක. සොෆ්ට් කියලා කියන්නේ මිනිස්සු, සත්තු, ගස් වැල්, කොට්ට, කුශන් වගේ සොෆ්ට් මතුපිටක් තියන දේවල්. හාර්ඩ් කියලා කියන්නේ මේස, පුටු, වාහන වගේ රෆ් මතුපිටක් තියන දේවල්. ගොඩක් වෙලාවට 3Ds Max, Cinema4D, Blender වගේ සොෆ්ට්වෙයාර්ස් හොද වෙන්නේ හාර්ඩ් සර්ෆේස් දේවල් හදන්න තමයි. මේ සොෆ්ට්වෙයාර් වලත් ස්කල්ප්ටින්ග් කරන්න ෆීචර්ස් ආවට ZBrush වගේ effective නෑ. හැබැයි Autodeskලගේ තියනවා Mudbox කියලා සොෆ්ට්වෙයාර් එකක්. මේකත් ZBrush වලට සමාන ස්කල්ප්ටින් software එකක්. හැබැයි industry එකේදී ගොඩක්ම use වෙන්නේ Zbrush තමයි, මේකේ තියන features සහ workflow එක නිසා. ඉතින් මේ ZBrush මේ දෙකටම සහ විශේෂයෙන්ම සොෆ්ට් සර්ෆේස් දේවල් ස්කල්ප්ට් කරන්න ගන්න පුලුවන්. අමතක කරන්න එපා කලින් කිව අනිත් ඒවා ස්කල්ප්ටින් නෙමෙයි මොඩෙලින්ග් (Modeling) සොෆ්ට්වෙයාර්ස්. ස්කල්ප්ටින් වගේම තව පොලිපේන්ටින්ග්, ඇනිමේශන් වගේ තව දේවල් තියනවා මේකෙන් කරන්න පුලුවන්.

image

මේක ගේම්ස් වලට විතරක්ද? ලංකාවේ මේක කරන අය ඉන්නවද? මේකෙන් සෑහෙන්න පැති ගොඩකට වැඩ කරගන්න පුලුවන්. ෆිල්ම්ස් සහ ගේම්ස් වලට 3D හදන්න මේක use කරනවා. ඊට අමතරව 3D Printing වලට models හදන්න මේක පාවිච්චි කරනවා. මේ පැත්තේ තව දෙයක් තමයි likeness කියන්නේ. ඒ කියන්නේ ඇත්ත චරිතයක් ඉන්නවන්ම් එයාගේ රූපේ ඒ ව්දියටම ZBrush වල හදන්න පුලුවන් මේකෙ තියන tools එක්ක. හැබැයි ඒකට බලපාන්නේ වැඩියෙන්ම artist ගේ මහන්සියයි ඇහැයි හැකියාවයි. ඒ වැඩේ ලේසි නෑ. මේ likeness sculpting කරන්නේ figurine 3D print කරන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ හැරී පොටර් ෆිල්ම් එකේ හැරීව පොඩි figurine එකක් එකක් ව්දියට හදනවා කියලා. එතකොට හැරීගේ මූන ඒ ව්දියටම තිබ්බනම් නේ අගය වැඩී. මේ නිසා ඒ ව්දියටම හදනවා මහන්සි වෙලා. මේ likeness sculpting වැඩේ international ලෙවල් එකටම කරන්න පටන් ගත්තා ලංකාවෙන් වරුන වැලිගමගේ කියන අයියා. එයාගේ පේජ් එකත් මේ එක්කම මං දානවා. ඊට අමතරව තව ලංකාවේ වැඩ්ඩෝ ඉන්නවා Zbrush වලින් වැඩ දාන. එයාලගේ profile මන් මෙ එක්කම දානවා ඔයාලට බලන්න. කියන්න සතුටුයි මෙතනින් වැඩ්ඩෙක් අපි ගාවත්, (RAM Studios) එකෙත් ඉන්න නිසා. ඒ තරිදු බොතේජු අයියා.

Waruna Weligamage : https://www.artstation.com/scorpianzz
Tharindu Boteju : https://www.artstation.com/tharinduboteju
Charitha Ranasinghe : https://www.artstation.com/charitha
Sameen Gamage : https://www.artstation.com/zsmith
Aloka Kodithuwakku : https://www.artstation.com/aloka
Prabath Wijayantha : https://www.artstation.com/prabath

image

හරි ඊලගට කට්ටියට ඕන වෙන දේ තමයි මං කොහෙන්ද මේක ගන්නේ සහ ඉගෙන ගන්නේ කොහොමද කියන එක. මේකත් අපේ පලවෙනි කොටසෙදී කිවා වගේ පේ කරල ගන්න ඕන එකක්. නමුත් ඉගෙන ගන්න ක්‍රැක් පාවිච්චි කරාට කමක් නෑ. හැබැයි ඔයා බැරි වෙලාවත් මේක ඉගෙන ගෙන සල්ලි හොයගන්න පටන් ගත්තොත් සල්ලි දීල බයි කරන්න අමතක කරන්නත් එපා.

බයි කරන්න කැමති අය ඉන්නවනම් මේකෙන් යන්න https://store.pixologic.com/zbrush-2020/

ක්‍රැක් වර්ශන් එකක් මේ සයිට් එකෙන් ඔයාට හොයාගන්න පුලුවන්. https://getintopc.com/?s=zbrush

ඉගෙන ගන්න youtube පාවිච්චි කරන්නත් පුලුවන්. හැබැයි විශේශත්වේ කියන්නේ මෙයාලගේ online classroom එකක් තියනවා free courses තියන. මේ ටිකෙන්ම basics සෑහෙන්න ඉගෙන ගන්න පුලුවන්. https://pixologic.com/zclassroom/viewall

ඔන්න ඔච්චරයි මං මේක හදුන්වලා දෙන්න ඔයාලට කියල දෙන්න යන්නේ. තව පොඩි බලන්න වීඩියෝ ටිකකුත් මං පහලින් දානවා.

https://www.youtube.com/watch?reload=9&v=NKLnD3tx5Sc



https://www.youtube.com/c/PixologicZBrush/videos

අපි ටික දවසකින් මේකට තරිදු අයියත් එක්ක සෙට් වෙලා zoom හරහා ඔන්ලයින් ක්ලාස් එක්කුත් සිංහලෙන්ම දාන්න ඉන්නේ. ඒකටත් කැමති අය මේ පල්ලෙහා ලින්ක් එකේ තියන අපේ චැනල් එක සබ් කරලා තියගන්න. ලබන මාසේ වගේ තමයි වැඩේ කරන්න ඉන්නෙ. වැඩි විස්තර ඔයාලට අපි චැනල් එකෙන් කියන්නම්.

https://www.youtube.com/c/ramstudiosteamsl
Sign In or Register to comment.