ලංකාවෙත් සුපිරි වීඩියෝ ගේම්ස් හදන්න ඉගෙන ගමු - දෙවැනි කොටස

edited June 22 in Game Development
image

ඉතින් පලවෙනි කොටසෙදි කතා කරේ අමුතුම ටොපික් එකක්නෙ. එහෙම කරේ මොකද පොඩ්ඩක් එකෙදිත් කිව්වා වගේ ගේම් හදනවා කියන්නේ Unreal Engine Unity Engine නෙමෙයි. ගේම් හදන්න ඕන කියලා හිතුන ගමන් ඒ ගේම් එන්ජින් ඉන්ස්ටෝල් කරන් දගලන්න එපා දෙයියනේ. ගේම් එන්ජින් එකක් කියන්නේ ගේම් එක්කට ඕන programming, art, music, voice, animation, cut-scenes, particle effects, ui design ඔක්කොම එකතු කරන තැනක් මිසක් ඒ ඔක්කොම හදන තැනක් නෙමෙයි. හදන එකයි එකතු කරන එකයි දෙකක්.

අද මම කතා කරන්න යන්නේ ගේම් සයිඩ් එකේ තියන ජොබ්ස් වර්ග ගැන. එතකොට ඔයාලට තේරෙයි මං කියන එක ගැන. මේකෙ තියන job වර්ග ටික ඔයාලට උනත් හොයාගන්න පුලුවන් ගේම් එකක තියන credits section එක බැලුවනම්.

ප්‍රදාන වශයෙන්ම මේ ජොබ් කඩන්න පුලුවන් කැටෙගොරි දෙකකට. එකක් ගේම් ඩිසයිනර් (Game Designer). අනික ගේම් ඩිවෙලොපර් (Game Developer). දැන් තීරනය කරමු ඔයා designerද developerද කියලා මුලින්.

image

ගේම්ඩිසයින් කියන්නේ,
- අලුත් ගේම්ස් වලට concepts සහ ideas හිතන එක
- මාර්කට් එක ඇනලයිස් කරලා මාර්කට් එකත් එක්ක compete කරන්න පුලුවන් ගේම් ideas generate කරන එක
- ගේම් එකක idea එකක් finalize උනාම ඒ ගේම් එකේ layout එකයි functionality එකයි ඩිසයින් කරන එක
- ගේම් එකේ ඉන්න character වල environment වල UI වල concept art design හදන එක
- ගේම් එකේ ස්ටෝරි තියනවනම් storyboards හදන එක

ගේම් ඩිවෙලොප්මන්ට් කියන්නේ
- ගේම් ඩිසයිනර් දෙන concept එක හරියටම තේරුම් ගන්න එක
- ගේම් ඩිසයිනර් දෙන concept එක functional ගේම් එකක් විදියට programming කරලා හදන එක

එතකොට ඔයාලට තේරෙනවා ඇති ඩිසයිනර්ගේ අතේද ලොකුම වැඩේ තියන්නේ ඩිවෙලොපර්ගේ අතේද කියලා. ගේම් එකක් මුලින්ම හිට් වෙන්නේ එකේ concept එක සහ style එක මත. මොකද මුලින්ම දාන්නේ game trailer එකනේ. එතකොට පස්සේ ගේම් එක play කරද්දී තමයි game-play එක හෝ feeling එක වැදගත් වෙන්නේ. හරියටම කියනවනම් ගේම් එකක් success වෙන්න මේ look and feel කියන designer සහ developer දෙගොල්ලොන්ගෙන්ම ඉන්පුට් එක ඕන වෙනවා. නමුත් ඩිවෙලොපර් හදන්නේ ඩිසයිනර්ගේ concept එක නිසා ඩිසයිනර්ගේ අතේ තමයි ගේම් එකේ uniqueness එක තියෙන්නේ. මේ ජොබ් මාර්කට් එකේ ගොඩක්ම job position තියන්නේ ඩිසයිනර්ගේ field එකට තමයි. මේ නිසා අද පොඩ්ඩක් වැඩියෙන් මේ ඩිසයිනර් පැත්ත බලමු.

image

ගේම් ඩිසයිනර් කෙනෙක්ට team එකක් එක්ක හොද සහයෝගෙන් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැතුව තනි මතේට වැඩ කරොත් නම් එකතු වෙලා හොද concept එකක් idea එකක් ඩිවෙලොප් කරන්න බැරි වෙනවා කොච්චර හොද හැකියාවක් තිබුනත්. programming කරන්න ඕන නැති උනත් කොහොමද ගේම් එකක් programming කරන්නේ කියලා දැනුමක් ඕන වෙනවා. මොකද ගේම් ප්ලේ එක හිතද්දී ඒ දේවල් වල දැනුම වැදගත් වෙනවා හිතෙන හිතෙන හැම අමුතු එකම හදන එක කරන්න බැරි නිසා. හරි concept එකක් ඔහොම හැදුවා කියමුකො. ඊට පස්සේ මේ idea එක නිකන් ඩිවෙලොපර්ට දුන්නට ඒ මනුස්සයට තේරෙන්නේ නැති වෙන්න පුලුවන්. මොකද idea එක තියෙන්නේ ඩිසයිනර් ගෙ ඔලුවනේ. ඒක තේරෙන්න හොදම ව්දිය ආව idea එක concept වලින් story board වලින් visually පෙන්නන එක. මේ නිසා concept art පැත්තට drawing skills ඕන වෙනවා.

image

ඉතින් මේ ව්දියට ගේම් ඩිසයිනර් කෙනෙක්ගේ මුල්ම වගකීම් වෙන්නේ ගේම් මාර්කට් එක ගැන, ට්‍රෙන්ඩින් යන ගේම්ස් ගැන අප්ඩේට් වෙන එක සහ තියන ගේම්ස් වලට alternatives හිතන එක. දෙවෙනියට ගේම් idea එකක් confirm උනාම ගේම්ප්ලේ එක ඩිසයින් කරන එක, මේ ඩිසයින් වැඩ වලට යන time දාලා time-plan හදන එක. ඒ වගේම ගේම් එකට අදාල story-line, storyboards, concept arts, UI design කරන එක. මේ ඔක්කොම දාල හදන document එකකට කියන්නේ GDD එහෙමත් නැත්තම් Game Design Document කියන එක. එතකොට ආයමත් කෙටියෙන්ම කිව්වොත් ගේම් ඩිසයිනර්ගේ වගකීම මෙන්න මේ GDD එක හදන එක.

දැන් මෙන්න මේ කිව්ව ටිකෙන් හිතන්න එපා ගේම් ඩිසයිනර් කිව්වම මේ දේවල් ඔක්කොම දැනගන්න ඔන පුලුවන් වෙන්න ඕන කියලා. ගේම් ඩිසයින් සයිඩ් එකෙන් යනවනම් මේ එකක් පුලුවන් නම් ඒක job එකක්. ඒ කියන්නේ,
- Story Writer
- Narrative Story Writer
- Concept Artist
- UI/UX Designer
- QA Tester
- Sound Designer
- Level Designer වගේ ගොඩක් පැති තියනවා.

ඉතින් ඕක තමයි කතාව. පොඩි වීඩියෝ ටිකකුත් දාන්නම් බලන්න.





Sign In or Register to comment.