ලංකාවෙත් සුපිරි වීඩියෝ ගේම්ස් හදන්න ඉගෙන ගමු - පලවෙනි කොටස

edited June 19 in Game Development
image

ලසා අයියගෙනුත් ඔන්න අවසර ගත්තා ගේම් ඩිවෙලොප්මන්ට් පැත්ත ගැන පෝස්ට් ටිකක් දාන්න. ගොඩක් අය ගේම් ඩිවෙලොප් කරනවා කියලා හිතන්නෙ Unreal හරි Unity Engine හරි use කරන එක විතරයි කියලා. නෑ තව ගොඩක් පැති සහ software තියනවා මේ ගේම් එන්ජින් වලට කන්ටෙන්ට් එකතු කරන්න පුලුවන්.

අද මම කියන්න යන්නේ ඒවගේ එක සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේක ගන්නේ ගේම් වල ඉන්න කැරැක්ටර් වල ඇදුම් හදන්න සහ තවත් cloths සම්බන්ද දේවල් හදන්න. ගේම් වලට නැතුව තව අමතරව ඔයාලා ෆැශන් ඩිසයින් එහෙම කරනවනම් ඔයාලාගේ පෝර්ට්ෆෝලියෝ එකක් ඩිජිටල් විදියට හදාගන්නත් මේක යූස් කරන්න පුලුවන්.

මේකෙ නම තමයි Marvelous Designer. මෙයාල මේක හදලා තියන ව්දියට අපි ඇදුමේ පතොරම හදනකොට real-time simulate කරලා 3D character එකකට දාලා බලන්න පුලුවන් ඇදුම ඇන්දම කොයි විදියටද පේන්න කියලා. මේ සොෆ්ට්වෙයාර් එකේ වැඩ කරන එක ගොඩක් විට හරිම satisfying මේ ඇදුම් simulate වෙන ව්දියත් එක්ක.

image

මේක industry එකේ පාවිච්චි වෙනවද? අපෝ ඔව්. CryTek එකෙන් හදපු Hunt: Showdown, Ubisoft එකෙන් හදන Assassins Creed සහ FarCry වගේ ලොකු ගේම්ස් වල පවා මේක යූස් කරනවා. මෙක නැතුවත් traditional ව්දියට 3D හදන්නත් පුලුවන් ඇදුම් නම්. හැබැයි මේක clothing වලටම dedicated හදලා තියන නිසා මාරම ලේසි.

මේ තියෙන්නේ එයාලගේ කලින් අවුරුද්දේ showreel එක


මේක Free නම් නැහැ. Personal Licence එකනම් මාසෙකට 50 usd වගේ pay කරලා ගන්න පුලුවන්. එහෙමත් බෑ නම් ඉගෙන ගන්න ආසනම් crack එකක් හොයාගන්න වෙනවා.

image

ඉතින් ඕක තමයි කතාව. මං මේ කතා කරන්නේ තනියම හදන්න පුලුවන් පොඩි ගේම් වලඩිවෙලොප්මෙන්ට් ගැන නෙමෙයි. AAA Quality ලොකු ගේම්ස් ඩිවෙලොප් කරනකොට තියන සයිඩ් ගැන. නැත්තම් සමහරු කියනවා අයියෝ මොකටද මහන්සි වෙන්නේ ඔච්චර pre-made assets අරන් කරන්නකො කියලා. අනේ එහෙම අපිටත් පුලුවන්. මේ වෑයම එකට නෙමෙයි. 😇 යට ලින්ක් ටිකත් ගිහින් බලන්න.







image

Sign In or Register to comment.