Sell කරන්න products හොයාගන්නේ කොහොමද ?

ගොඩක් අයට තියෙන ගැටළුව තමා කොහොමද මම ඊබේ එකේ සෙල් කරන්න අයිටම් එකක් හොයාගන්නේ , එක්කෝ කාගෙන් හරි අහනවා කොච්චර කලත් මේ අයිටම් හොයන විදිහ තේරෙන්නේ නෑ කොච්චර ට්‍රයි කරත් සෙල් වෙන්නේ නෑ. අපි ගෲප් එකේ අයිටම්ස් දෙනවා ඒවා දානවා හැබැයි මේ අයිටම්ස් කොහොමද හොයාගන්නේ ? හැමදාම වෙන කෙනෙක් කරන දෙයක් කරන්නත් බෑනේ ඔන්න එහෙනම් අද පෝස්ට් එක කොහොමද අයිටම් හොයාගන්නේ අයිටම් හොයනකොට මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ ??

හරි මචං දැන් අපි ප්‍රධානව ටාගට් කරන රට මොකද්ද USA නේ, එතකොට අපි ප්‍රඩක්ට් හොයන කොට USA Audience එකට තමා ප්‍රධානව සෙල් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගේම අපිට 80% ක් ම orders එන රටත් USA. එතකොට අපි මොනවද මෙයාලට සෙල් කරන්නේ ?
හරි මචං ගන්න USA calender එකක් එයාලගෙ special holidays මොනවද බලන්න මම පල්ලෙහයින් ෆොටෝ එකක් දාන්නම් ඔයාලට ගූගල් කරලත් බලන්න පුලුවන්.

මෙන්න මේ විශේෂ දවස් ටාගට් කරලා අපිට අයිටම් ලිස්ට් කරන්න පුලුවන් ,සාමාන්‍යයෙන් අපි ලිස්ට් කරන එකක් USA වලට deliver වෙන්න මාස එකහමාරක් විතර යනවා එතකොට අපිට ඊට කලින් මේ දවස ටාගට් කරලා ලිස්ටින්ග් එකක් කරන්න පුලුවන්.
ඒ වගේම තමා seasons තියෙනවා winter, spring , summer කියලා අපිට මෙන්න මේවත් ටාගට් කරලා අලුත් දේවල් ලිස්ට් කරන්න පුලුවන් ,

අපි ප්‍රඩක්ට් එකක් සිලෙක්ට් කරගන්නකොට අපිට ලෝකල් මාකට් එකේ දකින්න ලැබෙන ගන්න ලැබෙන නිතර දකින දේවල් නෙමේ , ටිකක් දකින්න අමාරු අලුත් ප්‍රඩක්ට් හොයාගන්න ඕනේ. Online shopping කරන කෙනෙක් මේකට ඇවිල්ලා එයා නිතරම යන එනකොට දකින දේම ගන්න කැමති වෙනවද ? නෑ අලුත් දේකට එයාගේ ඇහැ ගියාම එයා ඒක බලනවා , එයාට ඒකට ආසාවක් ඇතිවෙන විදිහට ඔයා ලිස්ටින්ග් එක කරල තිබ්බොත් අනිවාර්යයෙන් සෙල් එකක් වෙනවා.

ඊබේ එකේ උනත් නිතරම දකින දේවල්ම දානවට වඩා ඊබේ එකෙ කීපදෙනෙක් විතරක් සෙල් කරන එහෙමත් නැත්නම් අලුත්ම එකක් ගෙනල්ලා ඒක ට්‍රෙන්ඩින් කරන්න ට්‍රයි කරන්න. ඔයා බයර් කෙනෙක්නම් ඔයා මොනවටද ආස වෙන්නේ කියන තැනින් හිතන්න. ප්‍රඩක්ට් එක හොයාගත්තට විතරක් මදි ඔයාලට පුලුවන් වෙන්න ඕනේ ඔයාගේ ලිස්ටින්ග් එක බලන බයර්ව ඒක buy, කරන තැනට පත් කරන්න.

එතකොට තව ටිප් එකක් දෙන්නම් , දන්න අයත් ඇති, USA වල october 31 Halloween ,

මේ දවස එයාලා CELEBRATE කරනවා
මේකට පාවිච්චි කරන විවිධ ප්‍රඩක්ට්ස් තියෙනවා ඔයාලා පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරෙයි .
Halloween decorations
Halloween costumes
Halloween fabric
Halloween jewelry
මේ වගේ තවත් ප්‍රඩක්ට්ස් ඕනේ තරම් තියෙනවා..
අපේ ලංකාවේ වගේ නෙමේ මේ වගේ සැමරුම් දින එයාලා පොඩි gift එකක් දීලා, party එකක් දාලා සමරනවා ඉතින් ඒ දේවල් අපි හිතලා අලුත් දෙයක් කරන්න පුලුවන්. අපි මේවා ගැන අලුත් විදිහට හිතුවොත් මචං සෙල් කරන්න ඕනේ තරම් අයිටම් තියෙනවා.
හැමදේම හොයන්න හැමදෙයක්ම ට්‍රයි කරන්න ඔයාගේ පාර ඔයා හදාගන්න. ලොකු ගමනක් යන්න පුලුවන් ..
ඊටපස්සෙ එනවා christmas , ඒකටත් අපිට සෙල් කරන්න පුලුවන් දේවල් ඕනේ තරම් තියෙනවා, හැම අවුරුද්දෙම කරන්න දේවල් නෙමෙ මේ පර අලුත් දෙයක් දැක්කොත් ගන්න ආසයිනේ...

කවුරු කොච්චර ප්‍රඩක්ට් දීලා කරත් වැඩක් නෑ, ඔයා හිතන්න ඔයාගේ හිතන ක්‍රමේ තමා වෙනස් වෙන්න ඕනේ අලුත් දෙයක් අලුත් විදිහට හිතන්න.. අනිවාර්යයෙන් ලොකු දෙයක් කරගන්න පුලුවන්.
ජය !!!!!!

https://www.facebook.com/groups/157438992350988/
Sign In or Register to comment.