#eBay_selling_8,9,10,11 post හරියට කරන්න මුල ඉඳලා කියවන්න.ebay_dropshipping_and_directshipping 😱

#eBay_dropshipping 8 වෙනි පෝස්ට් එක

ආවා 8 වෙනි පෝස්ට් එක අරන්.....

පෝස්ට් එක නොකියවා කෙලින්ම වීඩියෝ එක බලන්න ගිහිම් පස්සෙ චුරු චුරු ගාන්න එපා. මෙන්ම වීඩියෝ ලින්ක් එක. අනිවා ඕක බලන්න කලින් පෝස්ට් එක කියවලා ඉන්න

වීඩියෝ ලින්ක් එක -

මෙහෙමයි අද මම මගෙ පෝස්ට් එකෙන් කතා කරන්නෙ. කොහොමද හොඳ winning product එකක් හොයාගන්න කියලා. ඒවා වැඩ කරන්නෙ කොහොමද ඔය දේවල් ගැන තමයි අද පෝස්ට් එක යන්නෙ. මෙහෙමයි වැඩෙ වෙන්නෙ.
අපි ආතල් එකට අයිටම් එකක් ලිස්ට් කලාට වැඩක් නෑ . ඕක විකිනෙන්නත් එපෑ .. විකිනෙන්මෙ නැතුව අයිටම් හොයාගෙන දාලා බලන් ඉඳලා සේල්ස් නෑ අරකද මේකද කිව්වට වැඩක් නෑනේ.. මම අද පෙන්නන්නම් කොහොමද අයිටම් එක හොයාගන්න ක්‍රම කියලා පොයින්ට් එකෙන් පොයොන්ට් එකට.

- ඊබේ එකෙන්ම දීලා තියනවා ebay explore කියලා එකක්.මේකට යන්න ඕනි. ඔයා ගූගල් එකේ ගිහින් සර්ච් කරන්න ebay explore කියලා.ඒකෙන් ගියහම ඔයාට පුලුවන් දවස් 7 ට ට්‍රෙන්ඩ් වෙච්ච දේවල් කැටගරි වශයෙන් සර්ච් කරලා ඔයා සෙල් කරන්න හොද මොනවද කියලා තෝරගන්න.
- ඒ වගේම අපේ #weird_crowd එකේ ගයාන් නදීර ළඟදි හැදුවා ඇප් එකක් අපේ ebay වගේම තවත් සෙලින් කරන්න පුලුවන් platform හැමඑකටම වගේ මේක යූස් කරන්න පුලුවන්. මේකේ නම තමයි trending bay මේක තියෙන්නෙ තවමනම් Android users ලට විතරයි. ඔයාලාට පුලුවන් මේ ලින්ක් එකෙන් ගිහින් ඇප් එක ඩව්න්ලෝඩ් කරගෙන. කැටගරි වශයෙන් ඔයාලට අන්තිම දවස් වල වැඩිපුර සෙල් වුන අයිටම් හොයාගන්න.මේ ලින්ක් එකෙම් ගිහින් ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න https://play.google.com/store/apps/details?id=com.sampathkumara.trendingbay
- ඊගාවට තව තියනවා paid tool එකක් ඒක සපෝට් කරන්නෙ ebay seller hub එකට. ඒක සෙලින් පටන් ගත්තහම ඔයාලට පෙන්නන්නම් ඒක ගැන වෙනම ආටිකල් එකකින්.

ඔය ටික හොඳටම ඇති ඔයාලට හොඳ අයිටම් එකක් හොයාගන්න සෙලින් වලට යන්න. මේ දේවල හොඳට රිෆර් කරන්න. තාම සෙලින් ඇක්ටිව් කලේ නැහැනේ.. ඒ නිසා මේක හොදට අද්යනය කරන්න.
එතකොට සෙලින් ඇක්ටිව් කලාට පස්සෙ ඔයාලට පුලුවන් නිකම් රස්තියාදු නොවී ඔයාලා මේ දවස් වල රිසර්ව්හ් කරන්න පුරුදු වෙන දේවල් වලින් ඒ අත්දැකීමෙන් ඔයාගෙ ඊබේ එක ගොඩ දාගෙන ලොකු ගමනක යන්න කිසිම ප්‍රශ්නයක් නැතුව.

ඔන්න එහෙනම් දැන් වීඩියෝ එක බලල කියවපු දේවල් වල අයිඩියා ටික ගන්න. එහෙනම් ඔන්න අපි කැපුනා. ඊගාව පෝස්ට් එකෙම් සෙට් දෙමු. අනිවා මේ විදියට ඉස්සරහ වැඩ ටික කරගෙන යමූ..

එහෙනම් අපි කැපුනා....

#eBay_dropshipping 9 වෙනි පෝස්ට් එක

ඔන්න එහෙනම් අදත් ආවා සීන් එකට එන්ටර් වෙන්න.. අද සීන් එක යන්නෙ කොහොමද අපේ සෙල් වෙන්න දාන අයිටම් එකේ title එක හදාගන්නෙ කියන එකට. අපේ ටයිට්ල් එක හරියට හොඳට කීවර්ඩ් එක්ක වැදිලා නැතිනම්. අපේ අයිටම් එක සර්ච් කරන විදියට උඩට් එන්නෙ නෑ.. ඒ නිසා මම ඔයාලට අද කරන්නෙ කොහොමද හරියට ebay selling කරන කෙනෙක් තමන්ගෙ ලිස්ටින් එකේ ටයිට්ල් එක හදාගන්න කියන එකයි.

පෝස්ට් එක නොකියවා කෙලින්ම වීඩියෝ එක බලන්න ගිහිම් පස්සෙ චුරු චුරු ගාන්න එපා. මෙන්ම වීඩියෝ ලින්ක් එක. අනිවා ඕක බලන්න කලින් පෝස්ට් එක කියවලා ඉන්න

වීඩියෝ ලින්ක් එක -

එහෙනම් වැඩේට එන්ටර් වෙමු. උඩ වීඩියෝ එක බලන්න එපා කිව්වට අද පෝස්ට් එකෙන් කිසිම සීන් එකක් කියලා දෙන්න දෙයක් නෑ. අද තනිකරම යන්නෙ වීඩියෝ එක බලනම සීන් එකක්. ඒත් මේ ටිකත් අහගෙන යන්න.

- අපි දාන ටයිට්ල් එක අනුව තමයි අපේ අයිටම් එක සර්චින් වලින් උඩට එනවද නැත්ද කියලා තීර්ණය වෙන්නෙ.
- අපි ටයිට්ල් එකට දාන කී වර්ඩ් ගැන හොඳට හිතලා බලලා දන්න ඕනා.
- හැම වෙලේම තමන්ගෙ ටයිට්ල් එක ඇක්ට්‍රෑක්ටිව් විදියට හදන්න. කී වර්ඩ් දැම්ම කියලා ඔහේ නොදා.
- වීඩියෝ එකේ කියලා නොදෙන කීවර්ඩ් හොයාගන්න සයිට් තියනවා. ගුගල් එකේ ගහලා බලන්න. Title biulder කියලා. හැමදේම දුන්නොත් අගයක් නෑ

ඔන්න ඔය ටික ඔලුවෙ තියාගෙන වීඩියෝ එකට යන්න. කලිම් කිව්වා වගේ සේරම වැදගත් දේවල් යන්නෙ අද වීඩියෝ එකෙන් . එහෙනම් ඒක හොඳට බලන්න.

ඔන්න එහෙනම් දැන් වීඩියෝ එක බලල කියවපු දේවල් වල අයිඩියා ටික ගන්න. එහෙනම් ඔන්න අපි කැපුනා. ඊගාව පෝස්ට් එකෙම් සෙට් දෙමු. අනිවා මේ විදියට ඉස්සරහ වැඩ ටික කරගෙන යමූ..

එහෙනම් අපි කැපුනා....

#eBay_dropshipping 10 වෙනි පෝස්ට් එක

දන්නෙම නැතුව 10 වෙනි පෝස්ට් එකටත් ඇවිල්ලා.. මම හිතනවා පෝස්ට් සීරීස් එක හරියට ෆලෝ කරපු කෙමෙක්නම් දැන් ගානට රෙඩි වෙලා ඇති අයිටම් එකක් ලිස්ට් කරන්න. මොකද මම කියලා තියනවා ෆීඩ්බැක් ටික හදාගන්න කියලා දවස් 10 ක් ඇතුලත් දැන් දවස් 10 ට ළඟයි. ආයෙමත් කියන්නෙ ටක් ගාලා ඒ ටික ඉවරකරගන්ම. මොකද තව දවස් දෙකකින් විතර අයිටම් එක ලිස්ට් කරන්න යන්න වෙනවා..

හරි අද පෝස්ට් එකෙන් යන්නෙ. කොහොමද ලිස්ටින් එක ඇතුලෙ වේරියේශන් එකක් හදාගන්නෙ කියන එක සහ බිඩ් වෙන්න අයිටම් එක දාන්නෙ කොහොමද කියන එකයි... ඒ කියන්නෙ. ගොඩක් අයිටම් පාට වලිම් සයිස් එකෙම් හැඩෙන් වෙනස් වෙනවා. ඒ කැටගරි අනුව අයිටම් එක හදාගන්නෙ කොහොමද කියම එකයි . වටිනාකම වෙන්දේසි කරන්න දාන්නෙ කොහොමද කියන එකයි. එහෙනම් වැඩේට සෙට් වෙමු.

පෝස්ට් එක නොකියවා කෙලින්ම වීඩියෝ එක බලන්න ගිහිම් පස්සෙ චුරු චුරු ගාන්න එපා. මෙන්ම වීඩියෝ ලින්ක් එක. අනිවා ඕක බලන්න කලින් පෝස්ට් එක කියවලා ඉන්න

වීඩියෝ ලින්ක් එක -

හරි මෙහෙමයි වෙන්නෙ අපි සෙලින් කරද්දි අපිට ඔක්ශන් විදියට ඒ කියන්නෙ අයිටම් එක බිඩ් වෙන්න දාන විදියට සෙලින් කරන්න පුලුවන්. එ වගේම නෝමල් සම්පූර්නම ගෙවලා ගන්න විදියට සෙල් කරන්න දාන්න පුලුවන්. ඕකෙන් මුලින්ම මම අද ගන්න පොයින්ට් එක ඇවිල්ලා variation හදන්නෙ කොහොමද කියන පොයින්ට් එක. ඕකෙ කේස් එක ඕක හදන්න පුලුවන් අර නෝමලි ගාන ගෙවලා ගන්න විදියට ගන්න ඔප්ශම් එකේදි විතරයි. ඒ කියන්නෙ fixed price ඔප්ශන් එක. ඒකෙදි අපිට පුලුවන් මෙන්න ගාන. මේක ගෙවලා මෙක ගන්න කියම විදියට එක්කො කැටගරි ගොඩක් දාලා දාන්නත් පුලුවන්. නැතිනම් එක අයිටම් එකක් මෙන්න ගාන ගනින් කියලා දන්නත් පුලුවන්. එතකොට කැටහරි හදන විදිය වීඩියෝ එකේ පොයින්ට් වශයෙන් තියනවා.
බිඩ් වෙන්න දාන එකට කියන්නෙ auction style එක කියලා. මේක fixed price දාන ඔප්ශන් එකට හරියන්නෙ නෑ. මොකද ඔයාලා ඔය වෙන්දේසි වලට එහෙම ගිහින් තියනවනම් ඔයාලට බලාගන්න පුලුවන්. වෙන්දේසි දාන අයිටම් වලය කිසිම කැටගරි එකෙක් නෑ. ඒකේ වර්ග නෑ. ඒක ගස්ලබු ගෙඩියක්නම් ඒක ඔක්ශන් දානවනම්. ඒකේ තෝරලා ගන්න පාටක් නෑ. වර්ගයක් නෑ.. හැඩයක් නෑ. අර කලින් කිව්වා වගේ නිකම්ම නිකම් ගස්ලබු ගෙඩිය. ඒකෙ වෙන්නෙ මෙන්න ගස්ලබු ගෙඩිය මෙන්න මේක මෙච්චර වටිනවා. මෙන්න රුපියල් 10 න් වෙන්දේසිය පටම් ගන්නෙ. හරි දිගටම කරන් යන්න වගේ සීන් එකක්.

ඔන්න ඕක තමයි ඔය පොයින්ට් දෙක ගැන කතා කරන්න තියෙන්නෙ . මෙකේ කිව්වට ලොකුවට පැහැදිලි නැතුව ඇති. ඔයාලා වීඩියෝ එක බලන්න ගිහින්. ඔයාලට පුලුවන් වීඩියෝ එකේ තියන දෙ පැහැදිලිව තෙරුම්ගන්න.

ඔන්න ඔය ටික ඔලුවෙ තියාගෙන වීඩියෝ එකට යන්න. කලිම් කිව්වා වගේ සේරම වැදගත් දේවල් යන්නෙ අද වීඩියෝ එකෙන් . එහෙනම් ඒක හොඳට බලන්න.

ඔන්න එහෙනම් දැන් වීඩියෝ එක බලල කියවපු දේවල් වල අයිඩියා ටික ගන්න. එහෙනම් ඔන්න අපි කැපුනා. ඊගාව පෝස්ට් එකෙම් සෙට් දෙමු. අනිවා මේ විදියට ඉස්සරහ වැඩ ටික කරගෙන යමූ..

එහෙනම් අපි කැපුනා....

#eBay_dropshipping 11 වෙනි පෝස්ට් එක.

#මේකතමයිඅන්තිමපෝස්ට්එක.
#අදකරන්නෙඅයිටම්ලිස්ටින්එකක්දානඑක

#මේතාක්කල්දෙයක්ඉගෙනගත්තනම්විතරක්හිතටඑකඟවමේපෝස්ට්එකශෙයාර්_කරන්න.

පෝස්ට් සීරීස් එක නිමවෙට ලඟාවේගන එන මොහොතක්.තවත් ඇතට ලිස්ට්න් කරන්න තියන් ඉන්නවට වඩා ලිස්ට් කරන්න සුදුසු වෙලාවක් කියලා මම හිතනවා. ගොඩක් ලේට් උනා කොහොමහරි ඉක්මනට වැඩේ ඉවර කරමු. අද එහෙනම් ලිස්ටින් වලට යමූ... 🥰😍😍😍

අද සම්පූර්නෙන්ම යන්නෙ ලිස්ටින් දාන එක ගැන මුල ඉඳලා කෑල්ලෙන් කෑල්ල පැහැදිලි කරගෙන යන්නෙ. අද ඉතින් අනිවා සෙට් වෙලා සම්පූර්නම පෝස්ට් එක ඉවරවෙනකම්ම කියවන්න මොකද වීඩියෝ එකේ නැති දෙයක් පෝස්ට් එකේ කියනවා. තැන කියන්නෙ නෑ.එහෙනම් වැඩේට යමු

පෝස්ට් එක නොකියවා කෙලින්ම වීඩියෝ එක බලන්න ගිහිම් පස්සෙ චුරු චුරු ගාන්න එපා. මෙන්ම වීඩියෝ ලින්ක් එක. අනිවා ඕක බලන්න කලින් පෝස්ට් එක කියවලා ඉන්න

වීඩියෝ ලින්ක් එක -

මෙන්න මෙහෙමයි වෙන්නෙ. හරියටම මාසෙක කාලයක් පෝස්ට් සීරීස් එකක් යන්න ගත්තා මගෙ පේජ් එකේ. ඇත්තටම සතුටක් ඇතිවෙනවා මොකද මගෙ මාර්ගෙන් ගොඩ යන්න දඟලන රටට ඩොලර් ටිකක් ගේන්න දඟලන කෙල්ලො කොල්ලො ටිකක් සෙට් වෙලා ඉන්නවා. මගෙ පෝස්ට් පිලිවලටම යනවා හරි ගානට. මම පෝස්ට් එක දානකම් අයිටම් එක ලිස්ට් නොකර බලාගෙන ඉන්නවා. ඒ තරම්ම නිවැරදිව යනවා.. ඇත්තටම සතුටුයි. අද මම මෙන්න පිලිවලට තමයි යන්නෙ.

- Item title එක හදන එක විදිය. ( සම්පූර්නම මගෙ 9 වෙනි පෝස්ට් එකේ ඇති )
- Variation හදනවනම් ඒ විදිය auction දානවනම් ඒ විදිය ( සම්පූර්නම මගෙ 10 වෙනි පෝස්ට් එකේ ඇති )
- ඊටපස්සෙ වීඩියෝ එකේ විදියට පිලිවලට යන්න
- ඊටපස්සෙ ඩිස්ක්‍රිප්ශන් එක හදන විදිය ( අද වීඩියෝ එකේ ඇති කොහොමද සම්පූර්නම ඩිස්ක්‍රිප්ශන් එක හදාගන්නෙ ටෙම්ප්ලේට් එක්කට දාලා ඒක කොහොමද ලිස්ටින් එකකට දාගන්නෙ කියලා සියල්ලම ඇති )
- ඊටපස්සෙ ප්‍රයිස් එක සහ ප්‍රෙපෑල් ඊමෙල් එක සහ කොන්ටිටි ගාන දාන එක
- ඊටපස්සෙ ශිපින් මෙතඩ් එක සහ සර්විසස් ටික ගැන
- ඊටපස්සෙ හැන්ඩ්ලින් ටයිම් ගැන
- ඊළඟට රිටර්න් ඔප්ශන් ගැන
- ඊළඟට exclude countries ගැන

ඔය ටික සම්පූර්නම පිලිවලට තියනවා.. මේක කියවන්නෙ නැතුව යන කෙනෙක්ට මේ පොයින්ට් එක මිස් වෙයි.

අනිවා ඔයා දාන පළවෙනි ලිස්ටින් එක අයිටම් ලොකේශන් දාලා ලංකාවෙ අයිටම් එකක් විය යුතුමයි. ඒක ඔක්ශන් ස්ටයිල් උනත් ඒක ෆික්ස්ඩ් ප්‍රයිස් උනත් කිසිම ප්‍රශ්නයක් නෑ.. හැබැයි ඔයාගෙ පේන්නම ඇති ලිස්ටින් එකේ යටම අයිටම් ලොකේශන් එකක් වැටිලා. ඒක වෙනස් නොකර ඒකම තියෙද්දි අනිවාරෙන් ලංකාවෙ අයිටම් එකක්ම දාන එක අනිවාරෙන්ම කරන්න. නැතිනම් අකව්න්ට් එක සස්පෙන්ඩ් වෙන්න තියන චාන්ස් එක වැඩී. ගිනිපෙට්ටියක් හඳුන්කූරු පැකට එකක්. තේ කොල . ඔය වගේ ලංකාවෙ ප්‍රඩක්ට් එකක් දාන්න. මේක ඔලුවෙ තියාගෙන කියවලා තමයි ඔයා වීඩියෝ එක බලන්න ඕනි. නැතිනම් මේ කෑල්ල මග ඇරුනොත් ඔයාගෙ අකව්න්ට් එකටම බබා හම්බෙයි.
ඊට්පස්සෙ සති දෙකකට විතර පස්සෙ ඔයාට පුලුවන් අයිටම් ලොකේශන් එක චයිනා දාලා අයිටම් ලිස්ට් කරන්න. ඕක හොඳට ඔලුවෙ තියාගන්න.
ඔන්න ඔය ටික තමයි අද පෝස්ට් එකෙන් යන්නෙ. මේක තමයි හැමෝම දානකම් බලාගෙන හිටිය පෝස්ට් එක. එහෙනම් කට්ටිය දැන් වැඩ පටන් ගන්න.

මගෙ පෝස්ට් ටිකේ වැදගත්ම පෝස්ට් එකක් අද ඉවර උනේ.මම ඉස්සරහට 5 minites tricks ටිකක් යනවා ශේප් එකේ. ඔයාලට පුලුවන් ඒක ෆලෝ කරන්න. ඒක දාන්න කලින් දවසෙ මම දානවා පෝස්ට් එකක් දාන වෙලාවයි දවසයු. එහෙනම් දැන් යමු අනිවා වැඩ ටික පටන් ගන්න.

ඔන්න ඔය ටික ඔලුවෙ තියාගෙන වීඩියෝ එකට යන්න. කලිම් කිව්වා වගේ සේරම වැදගත් දේවල් යන්නෙ අද වීඩියෝ එකෙන් . එහෙනම් ඒක හොඳට බලන්න.

ඔන්න එහෙනම් දැන් වීඩියෝ එක බලල කියවපු දේවල් වල අයිඩියා ටික ගන්න. එහෙනම් ඔන්න අපි කැපුනා. ඊගාවට එන් 5 minites tricks ටිකෙන් සෙට් වෙමු. අනිවා මේ විදියට ඉස්සරහ වැඩ ටික කරගෙන යමූ..

එහෙනම් අපි කැපුනා....

අනිවා පෝස්ට් එක ශෙයාර් කරන්න. බැලිය යුතු හැම දෙනාම මෙන්ශම් කරන්න.

මෙක තමයි ඔයාලා බලාගෙනම හිටපු පෝස්ට් එක . මේකෙදි කරන්නෙ ඔයා කොහොමද අයිටම් එක ලිස්ට් කරන්නෙ කියන එකයි. අයිටම් එක ල්‍යිව් ඇවිල්ලා කිස්ට් කරලා පෙන්නන්වා සම්පූරනම වීඩියෝ එකේ පිලිවලට ඔප්ශන් එකෙන් ඔප්ශන් එකට කියලා දිදී.. මේ වීඩ්‍යෝ එක අනිවා බලන්න. පැහැදිලිව තියනවා.

එකොලොස් වෙනි පෝස්ට් එකේ ලිබ්ක් එක - https://www.facebook.com/112918976910484/posts/169877421214639/?d=n

Youtube channel එක - https://www.youtube.com/channel/UCfNT908AKMnda7X2vi0A4aw

ඔන්න පෝස්ට් 11 කින් යුතු ආටිකල් එක. කිය්වල බලන්න. තවත්නම් කියවන්න එපා මේක තේඋනේ නෑ මේක තේරුනේ නෑ කියලා. සම්පූර්නම 6 වසරෙ ළමයෙක් කියෙව්වත් තේරෙන විදියට පෝස්ට් ටික ලියලා තියෙන්නෙ අපේ භාශාවෙන්ම . ඒ නිසා හොඳට කියවන්න. ඊබේ වල අලුත් දේවල් දැනගන්න කලින් හරියට ඊබේ එක හදාගෙම ඒවා එක්ක ජීවත් වෙන්න . අප්ඩේට් ආවා කියලා ඒ ආව ගමන් ෆෝන් අප්ඩේට් කරනවා වගේ ඔයාලා ඒකට වෙනස් උනාට හරියන්නෙ නෑ.. එහෙනම් හැමෝටම තේරෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපි කැපුනා .හැමෝටම ජයවේවා ..

හරියට සේල්ස් දාන්න .
හැමදේම හරි විදියට කරන්න.
ඔයාට අනිවා ගොඩ ඒමක් තියනවා.

එහෙනම් ජයවේවා..🥰💪💪💪

-පමෝ-
#weird_crowd
Sign In or Register to comment.