ebay selling 1 and 2 post හරියට කරන්න මුල ඉඳලා කියවන්න.ebay_dropshipping_and_directshipping 😱

edited June 2020 in Ebay Selling
#eBay_selling_11_article_post
#ඊබේ ආටිකල්_11පෝස්ට්_එක 🥰😍💪💪💪
#කැමතිද_ඉගෙන ගන්න
#කැමතිනම්කි යවන්න හැමදේම සම්පූර්ණම පිළිවලට
#ගොඩ එන්න කැමතිනම්
#පිළිවලට_කරන්න
#කියවන්න
#වීඩියෝ_බලන්න
#හරියට කරන්න මුල ඉඳලා කියවන්න.
#ebay_dropshipping_and_directshipping

ඊබේ කියන්නෙ තනිකර පිස්සුවක් වෙලා තියෙන්නෙ දැන්. ලෝක හොරු ටිකක් එක්ක ජීවිතේ ගොඩදාගන්න පාට් ටයිම් එකක් කරගත්ත මිනිස්සු සෙට් එකක් එක්ක.. ටාගට් වලට වැඩේ දෙන නියම ෆුල්ටයිම් eBay sellers ලත් ඉන්න බයින් සෙලින් කරන්න පුලුවන් සුපිරි මාකට්ප්ලේස් එකක් 😍🥰...
ඩොලර් බර ගනන් වල ස්ක්‍රීන්ශොට් දානවා මම උනත් දානවා.. ඒවට ආස හිතෙනවා තමයි. ඒත් නොමග යන්න තියන ප්‍රමාණය ඇත්තටම අදිකයෛ. අපිට ඕනේ රටට ඩොලර් ගේන්න සහ තවත් ගත්තොත් පුදගලිකවම මට සැපට කාලා බීලා අවශ්‍ය දෙයක් අරගෙන රව්මක් ගහලා ජොලියෙ කෑල්ලක් දෙකක් එක්ක ඇවිදලා හිතේ හැටියට සතුටින් ඉන්නයි ඕනේ. ඒකට මචන් උනන්දුව කැපවීම සහ ඔයා ඒ වැඩේ කරන්නෙ කොහොමද ඔයා ඒ වැඩේට සමවැදෙන්නෙ කොහොමද ඔයා කොච්චර සාදාරණව ඒක කරනවද කියන සේරම මාර්තුකා අදාලයි. ආතල් එකට යමන් අපිත් කරමු බන් #eBay_selling ඌට පුලුවන්නම් මට බැරි ඇයි යකෝ කියලා ගිහින් කොනක ඉඳන් කෙලෝගන අන්තිමට තමයි හොයලා බලන්නෙ මේක කලොත් මොකද වෙන්නෙ මේක කලොත් මොකද වෙන්නෙ කියලා.. ඒක හොයන්න කලින් ඔයා සිරාවටම පොඩ්ඩක් ආටිකල් පාරක් කියවලා සැපේ ටිපිටිපි එකක් මුරුක්කු එකක් ඉවර කර කර වීඩියෝ ටිකකුත් බලලා වැඩේට බැස්සනම් සිරාවට ඒ අත්දැකීම් එක්ක ඔයාට ගේමක් ගහගෙම යන්න පුලුවන්.
ඉතින් කැමතිද හරියට ඉගෙමගන හිමින් හිමින් වැඩේ පටන් ගන්න.කැමතිනම් සෙට් වෙන්න මගෙ පෝස්ට් සීරීස් එක මම කලින් ලියපු එකක්. ඒකේ පෝස්ට් 11 ක් තියනවා හැමදේම ගැන මුල ඉඳන්.. සමහර පෝස්ට් වලට මම ඒ පෝස්ට් එක නොතෙරෙයි කියලා ඒවට වෙනම වීඩියෝ පවා හදලා තියනවා. 🥰🥰🥰. පුලුවන්ද ඒක මුල ඉඳම් ආටිකල් ටික කියවන්න. මුල ඉඳන් ආටිකල් ටිකට බැස්සොත් අන්න සිරාවටම හොඳ විදියට වැඩේ පටම් ගන්න පුලුවන්. මම කියන්නෙ මෙච්චරයි. ආසයිනම් බලන් ඉඳලා බෑ. හරියට කරන්න ඕනා. පිලිවලට කොලිටියට .
මගෙ පෝස්ට් 11 යන්නෙ මේ විදියට. හොඳට බලන්න. සමහර අයට මේ පෝස්ට් 11 න් අවශ්‍ය පෝස්ට් ටික විතරක් බලන්න.
#හැබැයිඅලුතින්පටන්ගන්නඅයනම්පෝස්ට්සීරීස්එකමුළඉඳලාෆලෝ_කරන්න.

පෝස්ට් 11 මෙන්න 🥰🥰🥰🥰🥰


Youtube video link එක - https://www.youtube.com/channel/UCfNT908AKMnda7X2vi0A4aw

Facebook page එක - https://www.facebook.com/PamoSllifestyle/

Telegram group link - https://t.me/joinchat/NXHrVRTH1GDAuh_spE-Eww

වැඩේට එන්ටර් වෙමු🥰😇💪

#Ebay_Selling පළමු ආටිකල් එක

ඊබේ කියන්නෙ මොකද්ද.
- ඊබේ කියන්නෙ මචන් . අපි ඉස්සර දැනගෙන හිටපු විදියට අයිටම් ලන්කාවට හරි කොහෙට හරි ගෙන්නන තැනක්. ඒත් ඒක එහෙමම විතරක් නෙවෙයි. ඒකෙන් පුලුවන් අපිට බඩුවක් ඕඩර් කරනවා වගේම අපි ළඟ තියන බඩුවක් විකුනන්නත්. ඒ කියන්නෙ ඔයා ගාව තියන පොල්කටු හැන්ඳක් කියලා හිතන්න.ඒ වගේ ලන්කාවෙන් අයිටම් එකක් ලන්කාවෙ පෝස්ට් එකෙන් හරි මොකක් හෝ කුරියර් එකකින් පිටරටකට විකුනන්න ඊබේ එක හරහා. ඒකට අපි කියනවා ඩිරෙක්ට් ශිපින් කියලා. ඒකෙදි අපි හොයලා බලන්න ඕනි අපිට ලන්කාවෙන් මොනාද යවන්න පුලුවන් . මොනාද යවන්න බැරි කියලා. මොකද බේත් වර්ග ඇට වර්ග දැනට ලන්කාවෙන් යවන්න දෙන්නෙ නෑ. ඒකත් සමහර පෝස්ට් ඔෆිස් වලට ආවේණික වෙනව. මම උදාහරනයක් දෙන්නම්. ඔයාට ඕඩර් එකක් එනවා පොල්කටු හැන්දක් us වලින් තමයි ඕඩර් එක එන්නෙ. ඉතිම් ඔයා සතුටෙ ඉපිලි ඉපිලි යනවා ළඟම තියන පෝස්ට් ඔෆිස් එකට. අපි හිතමුකො ඔයා දෙහිවල පෝස්ට් ඔෆිස් එකට ගියා කියලා. එකෙ ඉන්නෙ මහ නපුරු මිනිහෙක්නම් මිනිහෙක්ගෙ මූන දිහා බලලා කතා කරන්නෙ නැති එකෙක්නම් ඌ ඕල යවන්න බෑ කිව්වොත් යවන්න දෙන්නෙම නෑ තමයි. ඒට්ජ් ඒ අව්ලෙන් ඔයා ගෙදර යන්නෙ නැතුව. ඔයා යනවා කියලා හිතම්ම තව 3km වල තියන ගල්කිස්සෙ පෝස්ට් ඔෆිස් එකට. අන්න ඒකේ ඉන්නවනම් හිනාවෙලා වැඩකරම සුහද මනුස්සයෙක්. ඒ මිනිහා ශේප්නම් ඒ මිනිහා අයිටම් එක යවනවා. ඒ නිසා ඕක හොඳට ඔලුවෙ තියාගන්න. ඕක තමයි ඒ කියන්නෙ ලන්කාවෙන් අයිටම් එකක් යවම එක තමයි ඩිරෙක්ට් ශිපින් කියන්නෙ. ඒක ඔයා australia වගේ රටක ඉම්නවනම් ඔයාට ඩිරෙක්ට් ශිපින් කියන්නෙ ඔයා ඔහෙ ඉඳම් යවම එක. මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා.
- නෙක්ස්ට් පෝයින්ට් එක ඇවිල්ලා හැමෝම කතා කරන #ebay_drop_shipping. ඕක වෙන්නෙ මෙහෙමයි. ඩ්‍රොප් කියන වචනෙම තියනවානෙ ලාවට තේරුම. ඕක මෙහෙමයි වෙන්නෙ. ඔයා හිතන්න ඔයා ළඟ විකුනන්න කිසිම දෙයක් නෑ කියලා. ඒත් ඔයා ආසයි ඊබේ එකේ සෙලින් කරලා මාසෙට කීයක් හරි හොයාගන්න. අන්න ඒ වගේ කෙනෙක්‍ට ebay dropshipping හරියනවා. එතකොට සරලවම වෙන්නෙ. ඔයා ගාව නැති. ඒත් වෙන අයිටම් එකක් බයි කරන්න පුලුවන් සයිට් තියෙන්නෙ aliexpress . Dhgate . Amazon . Etsy වගේ. අපි එතකොට කරන්නෙ ඒ වගේ වෙන තැනක හොඳට විකෙනෙන අයිටම් එකක් බලලා. ඒකට ඔන්න චූටි ගානක් තියාගෙන . එ කියන්නෙ 3$ වලට ගන්න පෙන් එකකට . 1.5$ වගේ ප්‍රොෆිට් එකක් තියාගෙම 5$ වලට වගේ ඊබේ එකේ සෙල් කරන්න දානවා. (ඒක කරද්දි කරන්ම ඕන විදි සේරම ඉස්සරහට පෝස්ට් වලින් දෙන්නම්). එතකොට ඔයාගෙ අයිටම් එක දකින ඒකට ඉන්ටර්ස්ට් බයර් කෙනෙක් ඊබේ එකේ ඔයා ඒක විකුනන්න දාලා තියනවා දැකලා ඒක බයි කරහම අපිට එයාගෙ ඇඩ්‍රස් එක නම එයාගෙ විස්තර ටික හම්බෙනවා. අන්න එතකොට අපිට කරන්න තියෙන්නෙ. අර අපි මුලින්ම ඒ අයිටම් එක විකුනන්න තියනවා දැක්ක වෙබ්සයිට් එකට ගිහින්. ඒ අපේන් ගන්න බයර්ගෙ ඇඩ්‍රස් ඩීටේල්ස් ටික දාලා. එයාට ඒ වෙබ්සයිට් එකෙන්ම අයිටම් එක යවන එක. එත්කොට ඔයා ඒ අයිටම් එක දැකලත් නෑ. ඒ අයිටම් එකේ විදිය දන්නෙත් නෑ. ඒත් ඔයා ඒ ඔයා වෙන තැනක දැකපු අයිටම් එක්ක් ඔයාගෙ ඊබේ එකේ දාලා සෙල් කරලා ඒක ගන්න බයර්ගෙ ඇඩ්‍රස් එකට කලින් දැකපු සයිට් එකෙන් අයිටම් එක යවලා ඒක ඒක අපි ගාවටවත් ගෙන්නගන්නෙ නැතුව. කෙලින්ම එතනින්ම අපෙන් ගත්ත බයර්ට යවලා ඒකෙන් දන්නෙම නැතුව ප්‍රොෆිට් එකකුත් අරගෙන. ඔන්න ඕක තමයි ebay dropshipping කියන්නෙ. ඕක දෙපාරක් තුන්පාරක් හොඳටම කියවන්න. ඔයාට හොඳටම තේරෙයි ඕක.

මම මේ විස්තර කලේ මේ දේවල් කරන්න කැමති කෙනෙක්ට කරන්න ආසයිනම් දිගටම මෙවා කරන්න එකතුවෙන්න මිසක්. මේක දැනගත්තා කියලා පෝස්ට් සීරීස් එකෙන් පිට පැනලා කරන්න ගිහිම් මොකුත් කියාගෙන එන්න එපා. මොකද ඊබේ එකක් හදන එක කරන්නෙත් මගෙ 5 වගේ පෝස්ට් එකේදි. එතක්ම් යන්මෙ ඒ දේවල් කරන්න අපි සැපරිය යුතු සුදුසුකම් සහ හරියට කරන්න මොනාද වෙන්න ඕනෙ කියම දේවල් ටික. දැන් මේක කියවපු කෙනෙක්ට පුලුවන් මේක එක්ක දිගටම ඉන්නවද නැත්ද කියලා තීරනය කරන්න.මේ පෝස්ට් එකට වීඩියෝ එකක් දාන්න දෙයක් නෑ. අවශ්‍ය කරුනු නොතෙරෙන හැම පෝස්ට් එකටම වීඩියෝ දානවා. අනිවාරෙම් පහත තියන මගෙ ෆේස්බුක් පේජ් එක ෆලෝ කරලා යූටියුබ් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න . දැනට කරන් යන කෙනෙක්ට උනත් මගෙ යූටියුබ් එකේ ebay dropshipping playlist එකක් ඇති. ඊළඟ පෝස්ට් එකෙන් කරන්නෙ ඊබේ ඩ්‍රොප්ශිපින් කරන්න අපි සැපිරිය යුතු සුදුසුකම් ගැනයි.

#ebay_dropshipping දෙවනි ආටිකල් එක

දෙවනි ආටිකල් එක. අද අපි යමු ඊබේ ඩ්‍රොප්ශිපින් කරන්න තමන් ගාව මොනාද තියෙන්න ඕනා කියලා බලන්න සහ ඒවා ගන්ම තැන් ටිකල් ගැන කතා කරන්න.

හරි පිලිවලට යමු
1-. eBay සෙලින් කරන්න අනිවාරෙන් මුලින්ම eBay අකව්න්ට් එකක් ඕනි.
- අවශ්‍යතාවය කෙටියෙන් - පලවෙනි පෝස්ට් එක හොඳට හරියය කියවන්න. ඒක කියවපු ගමන් ඔබට වැටහෙයි මොකද්ද ඊබේ අකව්න්ට් එකක අවශ්‍යතාවය කියලා සම්පූර්නම සරලව. 5 වසරෙ ළමයෙක් ඇවිල්ලා කියෙව්වත් තේරුම්ගන්න පුලුවන් විදියට පිලිවලට ලියලා තියනවා.

2-. ඊළඟට අවශ්‍යම දේ පේපෑල් අකව්න්ට් එකක්.
- මෙක නොකියවා උඩින් පල්ලෙන් ගියොත් හබක් තමයි. ඔන්න එහෙනම් කියන්නම් පිලිවලට ඔලුවට දාගන්න. මෙහෙමයි අපිට පේපෑල් අකව්න්ට් එකක අවශ්‍යතාවය ඇතිවෙන්නෙ අපේ ඊබේ බයර් කෙනෙක් ඇවිත් ඊබේ එකෙන් අපෙන් අයිටම් එකක් බයි කලහම ඒ බයර් අපිට සල්ලි ගෙව්වහම ඒ සල්ලි අපිට එන්න තැනක් කෝ. අන්න එතනට තමයි පේපෑල් අකව්න්ට් එක අවශ්‍ය වෙන්නෙ. ඒකට අපිට පිලිපීන් වගේ කාඩ් විත්ඩ්‍රෝවල් එකක් දාන්න පුලුවන් පේපෑල් එකක් අවශ්‍ය වෙනවා. එතකොට ඔයාලට එන ප්‍රශ්න.
:. ඇයි අපි ඒකට පේපෑල්ම යූස් කරන්නෙ අපිට බෑන්ක් යූස් කරන්න බැරිද ?
- බෑ . කෙටියෙන්ම උත්තරේ බෑ. මොකද දැනට දීලා තියන එකම රිසීවින් පේමන්ට් ඔප්ශන් එක පේපෑල් විතරයි. දැනට තව එකක් හැදෙමින් පවතිනවා. ඒක දැන්ම අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒකට ඔලුව හදාගම්ම කලින් පේපෑල් එකටයි ඔලුව හදාගන්න ඕනි. ඒ නිසා අනිවාරෙන්ම ඊබේ එකට පේපෑල් අකව්න්ට් එකක් අවශ්‍යයි. පේපෑල් නැතුව වෙන කිසිම ඔප්ශන් එකක් නෑ ඊබේ එක ඇතුලෙන් එන පේමන්ට් රිසිව් කරන්න.

:. ඇයි අපිට බැරි ශ්‍රීලන්කාවෙ පේපෑල් අකව්න්ට් එකක් හදාගන්න ?
- බෑ ඒකත් කෙලින්ම සරලව කියන්නම්. මොකද ලන්කාවට දැනට පේපෑල් තිබුනට. දැනට ශ්‍රීලන්කාවෙ පේපෑල් වලට පේමන්ට් රිසිව් කරන්නවත් පේමන්ට් විත්ඩ්‍රෝ කරන්නවත් බෑ. අන්න ඒ නිසයි අපි වෙන රටකින් පේපෑල් එකක් හදාගන්මෙ. සමහර පණ්ඩිත උන්දලා කියනවා ඒක හොර වැඩක් කියලා. ඒක හොර වැඩක් වෙම්නෙ ඒකෙන් හොර වැඩක් කරනවනම් විතරයි. පිලිවලට බිස්නස් එකක් කරන් යන කෙනෙක්ට ඔය මිනිස්සු කියන කතා විහිලුවක් විතරයි. ඒ නිසා හරියටම ඔලුවට දාගන්න. අපිට ඕනේ කාඩ් විත්ඩ්‍රෝවල් පුලුව පේපෑල් එකක්. බෑන්ක් විත්ඩ්‍රෝවල් පුලිවම් ඔසී වගේ රටවල පේපෑල් අක්ව්න්ට් හදලා ඒවගෙ සල්ලි ගන්න විදියක් නැති උනොත් කරන්න දෙයක් නෑ.මොකද පේපෑල් තියන කිසිම රටකල අපිට අපේ බෑන්ක් අකව්න්ට් ඇඩ් කරන්න බෑ. අපේ බෑන්ක් අකව්න්ට් ඇඩ් කරන්න පුලුවම් ලන්කාවෙ ඒවට විතරයි. ඒත් ලන්කාවෙ පේපෑල් වලින් වැඩක් ගන්න බැරි නිසයි අපි ඔන්ලි කාඩ් විත්ඩ්‍රෝවල් තියන රටකින් පේපෑල් අකව්න්ට් එක හදාගන්නෙ. එතකොට අපිට පුලුවන් එහෙම පේමන්ට් රිසිව් කරන්න පුලුවන් කාඩ් විත්ඩ්‍රෝවල් තියන පිලිපීන් වගේ රටකින් පේපෑල් අකව්න්ට් එකක් හදාගන්න. කාඩ් විත්ඩ්‍රෝවල් තියන ඕන රටක පේපෑල් අකව්න්ට් එකකට අපේ ලන්කාවෙ ඩෙබිට් වීසා කාඩ් එක ඇඩ් කරලා පේමන්ට් විත්ඩ්‍රෝ කරන්න පුලුවන්. ඒකත් ඔන්ලි වීසා කාඩ් විතරයි. මාස්ටර් කාඩ් වලට බැහැ. දෙතුන්පාරක් කියවන්න එතකොට හොඳට තේරෙයි.

:. එතකොට මොනවද ඒ කාඩ් විත්ඩ්‍රෝවල් තියන රටවල් ටික?
- මෙන්න රටවල් ටික ❤️💪 Bahrain ,Bulgaria ,Chile ,Croatia ,Cyprus ,Estonia ,Georgia ,Gibraltar ,Iceland ,Indonesia ,Israel ,Jordan ,Kazakhstan ,Latvia ,Liechtenstein ,Lithuania ,Luxembourg .Malaysia ,Malta ,Moldova ,Morocco ,Oman ,Philippines ,Romania ,San,Marino ,Saudi,Arabia ,Serbia ,Slovakia ,Slovenia ,United Arab Emirates ,Uruguay

:. එතකොට මොකද්ද පේපෑල් ලිමිට් වෙනවා කියන්නෙ ?
- මෙහෙමයි පේපෑල් මොන රටට කාට කොයිවිදියට තිබ්බත් එක දිගට පේමන්ට් එද්දි එයාලගෙ වරිෆිකේශන් වලට අපේ ඩොකුමන්ට් වගයක් ඉල්ලනවා. ඒක අපි වගබලාගන්ම ඕනා. ඒකට සමහරවිට අයි ඩී එකක් , සප්ල්‍යර් ‍රිසිට් එකක් , විකිනුනු අයිටම් එකක ඉන්වොයිස් එකක් ඉල්ලනවා. ඒක අනිවාරෙන්ම වෙනවා. මොකද ඒක ඊබේ එකෙම් පේපෑල් එකත් එක්ක ගහපු ඇග්‍රිමන්ට් එකේ විදියයි. ඒ දේ අපිට අනිවා වගබලාගන්න වෙනවා. එතකොට ඔයාට හිතෙයි අපි වෙන රටකට පේපෑල් එකක් හදලා ඒකට කොහෙන්ද අයි ඩී දෙන්නෙ කියලා. ඒක සරලයි ගූගල් එකේ තියනවා ෆොටෝස් ඒකක් එඩිට් කරලා දාන්න තියෙන්නෙ. නිකම් කලාට බැහැ. එක හරියටම තිබ්බෙ නැතිනම් අපේ
පේපෑල් එක ආයෙ භාවිතා කරන්න බැරි තත්වෙට පර්මනන්ට් ලිමිට් වෙනවා.එතකොට අපිට පේපෑල් එක ඇතුලෙ තියන සල්ලි ටික ගන්න වෙන්නෙ දවස් 180 කින්. ඒ කියන්නෙ මාස 6 කින්. ඒ වෙනකම් අපිට සල්ලි ගන්න බෑ. මේකට සෙට් වෙන්න කලින් මේකේ වාසි සහ අවාසිත් පැහැදිලි කරලා දෙන්න ඕනානෙ. ඒකට බය වෙන්න එපා. ඒ ඩොකියුමන්ට් හදාගන්ම පුලුවම් සස්විස් දෙන අය මම යටින් ලින්ක් එකෙම් රෙකම්න්ඩ් කරන්නම්.ඒ අයට කියලා ඔයාට පුලුවන් ඩොක් ටික හදාගන්න.

:. එතකොට පේපෑල් එකට ඇඩ් කරන්න පුලුවන් ලන්කාවෙ බෑන්ක් කාඩ් මොනවද ?

- ලන්කාවෙ බෑන්ක් වලින් . Commercial bank එක, HNB bank එක, Sampath bank එක, Seylan bank එක රිකම්න්ඩ් කරන්න පුලුවන්. ඒ අතරිනුත් අපිට විත්ඩ්‍රෝවල් එක කරන්න පුලුවන් වෙන්නෙ ඒ බැන්කු වල Debit and Credit Visa card වලට විතරයි. මමනම් credit කාඩ් ඇඩ් කරන එක රිකමන්ඩ් කරන්නෙ නෑ. මම රෙකම්න්ඩ් කරන්නෙ debit visa විතරයි. Debit master card වලට විත්ඩ්‍රෝවල් කරන්න බෑ.

:. එතකොට පිටරටක යාලුවෙක් ඉන්නවනම් එයාට කියලා පේපෑල් එකක් හදාගත්තොත් මොකක් වෙයිද ?

- ඔව් ඒක හොඳ අදහසක්. පේපෑල් තියන ausi, us , uk වගේ රටවල ඔයාගෙ රිලේශන් කෙනෙක් ඉන්නවනම් එයාලගෙ රියල් ඩීටේල්ස්‍ වලට එහෙ එයාලගෙ බෑන්ක් එක ඇඩ් කරලා පේපෑල් එකක් හදාගන්න පුලුවම්. හැබැයි. ඔයා හිතලා බලන්න ඒ රටවල ලයිට්බිල වතුරබිල
පවා පේපෑල් වලින් ගෙවන්න පුලුවම්. ඒත් ඔයාගෙ එක වැරැද්දකින් ඒ යාලුවගෙ හරි රිලේශන්ගෙ හරි පේපෑල් අකව්න්ට් එක පර්මනන්ට් ලිමිට් උනොත්. එයාට ආයෙ එහෙ එයාගෙ බෑන්ක් එක එයාගෙ ඩීටේල්ස් දාලා පේපෑල්
හදම්ම වෙන්නෙ නෑ. ඒ නිසා ඔයාට ශුවර්නම ඔයාගෙම් වැරැද්දක් වෙන්නෙ නෑ කියලා. ඔයාට පුලුවන් විශ්වාස වන්ත කෙනෙක්නම් සල්ලි අරන් පනින්නෙ නැති කෙනෙක්නම් එයාගෙ එහෙ ඩීටේල්ස් දාලා එයාගෙ රටට එයාගෙ බෑන්ක් ඇඩ් කරලා එයාට කියලා පේපෑල් එකක් හදාගෙම එන සල්ලි එයාගෙ එහෙ බෑන්ක් එකට විත්ඩ්‍රෝ කරගෙම එයාගෙ මාර්ගෙන් ඔයාට ගෙන්නගන්න .

මම හිතනවා පේපෑල් ගැන පොඩි දැනුමක් ඇව්තිවෙන්න ඇති කියලා.

3-. ඔයාට ඊබේ එකේ ලිස්ට් කරන්න අයිටම් තියෙන්න ඕනා

:. මගෙ පළවෙනි පෝස්ට් එක සම්පූර්නම කියවන්න. ඒකේ තියනවා සම්පූර්නම අයිටම් ගැන විස්තරේ සහ ඩිරෙක්ට් ශිපින් සහ ඩ්‍රොප්ශිපින් ගැන හැමදේම. ඔයාට පුලුවම් අයිටම් විකුනන ඒ ආකාර දෙක ගැනම සම්පූර්නම අවබෝදය ඒක කියවලා ගන්න.

දෙවනි පෝස්ට් එක විදියට මට දෙන්න තියෙන්නෙ ඔය ටික තමයි. මේකේ මීට වඩා පැහැදිලි කිරීම් කරන්න අවශ්‍ය නෑ. ඉතුරු අවශ්‍ය දේවල් අවශ්‍ය තැන් වලදි පිලිවලට කියන්නම්.

මගෙ ඊළඟ පෝස්ට් එක මැයි 3 වෙනිදා උදේ 9 ට වැටෙනවා.. ඒකේ අන්තර්ගත වෙන්නෙ හැමෝටම අවශ්‍ය හැමෝම හොයන ගොඩක් අය මූන දෙන ඊබේ අකව්න්ට් සස්පෙන්ඩ් වෙන්න හේතු ටිකයි.ඒ පෝස්ට් එකනම් බිගිනර් කෙනෙක්ට වගේම දැනට කරගෙන යන කෙනෙක්‍ට උනත් පට්ටම වටිනවා. ඒ නිසා අනිවා මගෙ පේජ් එක ෆලෝ කරලා රෙඩිවෙලා ඉන්න. එහෙනම් ගුඩ්ලක් බොයීස් ඇන්ඩ් ගර්ල්ස්. ඊගාව එක කියවන්න ටිපිටිප් එකක් කකා සෙට් වෙමු 🌝❤️

ආ අමතක උනා මේකටත් වීඩියෝ නෑ. මේවාගෙ වීඩියෝ කරනවා කියල කරන්න දෙයක් නෑ.. ඒකයි..

අර කලින් කිව්වා වගේ පෝස්ට් එක අනිත් අයට පේන්න ශෙයාර් කරන්න.ඒත් දකින්නෙ නෑ කියලා හිතන අයව මෙන්ශන් කරගෙන යන්න.

#eBay_selling_ 3 post හරියට කරන්න මුල ඉඳලා කියවන්න.how to create verified paypal account 😱

link eka

https://www.forum.entrepreneursclub.lk/discussion/663/ebay-selling-3-post-හරියට-කරන්න-මුල-ඉඳලා-කියවන්න-how-to-create-verified-paypal-account#latest

#eBay_selling_ 4,5,6,7, post හරියට කරන්න මුල ඉඳලා කියවන්න.ebay_dropshipping_and_directshipping 😱

link eka

https://www.forum.entrepreneursclub.lk/discussion/664/ebay-selling-4-5-6-7-post-හරියට-කරන්න-මුල-ඉඳලා-කියවන්න-ebay-dropshipping-and-directshipping#latest

#eBay_selling_8,9,10,11 post හරියට කරන්න මුල ඉඳලා කියවන්න.ebay_dropshipping_and_directshipping 😱

link eka

https://www.forum.entrepreneursclub.lk/discussion/665/ebay-selling-8-9-10-11-post-හරියට-කරන්න-මුල-ඉඳලා-කියවන්න-ebay-dropshipping-and-directshipping#latest

Comments

Sign In or Register to comment.