Experience and knowledge

⛔පොඩ්ඩක් නැවතිලා කියවලා පලයන් බාගෙට උඩින් පල්ලෙන් කියවන් නැතුව ගොඩක් වටී ඕනම් කෙනෙක්ට කවදම හරි.⛔ admin මඩුල්ලෙන් ඉල්ලිමක් කරනවා මේ post එක pin කරලා තියන්න කියලා..
😠Group එක තුලා වෙමින් පවතින දේවල් දැක ගොඩක් කල කිරුනා ඒකයි මෙහෙම සටහනක් තබන්න ඕනේ කියලා හිතුවෙ. මම e money වල expired කෙනෙක් වත් ඒ තුලින් සල්ලි හොයපු කෙනෙක් වත් නෙවේ. අවුරුදු 2 1/2 ක් තිස්සෙ එකතු කරපු knowledge එක තුල මං දැක්ක අද ඊයේ අපු ගොඩක් අය මේ online enterprener කෙනෙක් වෙලා ඉක්මනින් ගොඩයන්න හදනවා. ඇත්තටම ඒක එහෙම වෙන්නෙ නෑ. එහෙම කරන්නත් බෑ.(උඩ පැනන් එයි comment දාගෙන කියන දේ තේරුම ගන්නෙ නැති එඋන්)
මේ දේ තුල ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙන්වා. Earn කරන්න ඕනේ නම් earn ඉස්සරහට L අකුරක් දාගන්න එතකොට ඒ වචනේ learn වෙනවා. මේක සරල සිද්ධාන්තයක් ඕනම තැනක. Job එකක ඉහල මට්ටමට යන්න අපි qulification හදගන්න ඔනේ. මේකෙත් ඒ වගේ දෙයක්. අද ඇවිත් මේ මසේ අන්තිම වෙද්දි 100$ හොයන්න බෑ. එක්කො knowledge එක ඕනේ නැත්තම් skills එකක් ඕනේ. ඇත්තම කීවොත් මේක තුල තැලිලා, තෙරපිලා, තෙම්පරාදු වෙන්න ඕනේ ඒතකොට තමයි කුහකකම කියන එක නැතිවනේ. Lasantha Wickramasinghe sir මේ ගෲප් එක හදලා තියෙන්නේ දන්නේ නැති දැනුම share කරගන්නයි අනික අයට උදව් කරන් හැමෝටම ගොඩ යන්න. ඒ දේ තුල මේකේ සමහරක් අය ඉන්නවා premium software වල keys publish කරාම ඒ දේත් කුහක විදියට password වෙනස් කරන් තමන්ගේ වගේ use කරන. ඉතින් ඒ වගේ අයට සාර්ථකත්වය ලැබෙයිද? මේකෙ සමහරක් අය හිතන් ඉන්නවා තමන් Shopify පටන් ගෙන Products ගොඩක් පුරවලා කොහේ හරි Advertise කරාම හෝ ගාලා Sales එයි කියලා. එහෙම වෙනව නම් මේ ලංකාවේ හැමෝටම shopify කරන්න තිබ්බනේ. එහෙම දෙයක් නෑ. මේක ටිකක් හිතල කරන්න ඕනෙ. Enterprener කෙනෙක් කියන්නේ කවුද, හිතන විදිය වෙනස් කරපු අය ඉතින් ඒ විදිය වෙන්න. එකම දේ කරන්න එපා හැමෝම අලුත් දේවල් හොයන්න. Research කරන් නැතුව knowledge එකක් නැතුව කිසිදෙයක් කරන්න බෑ. ඔයාල කොච්චර products දැම්මත්, එක product එකකට කොච්චර දැම්මත් advertising කරත්, buyer කෙනෙක් buy කරයිද? එයාල ඇයි නොදන්න trust එකක් නැති store එකකට එයාලගෙ සල්ලි දෙන්නෙ. Buyer ට trust එක ඇති කරන්න ඕනේ, හේතුවක් හදන්න ඔන්නේ ඇයි මේක මිලට ගන්න ඕනේ ඔයගෙ store එකෙන්ම කියලා. සල්ලි හදිස්සියට මේක කරන්න එපා. ඒකෙන් හානිය වෙන්නෙ ඔයාටයි. එකපාරම ගෲප් එකේ දාන්න එපා. මේක කරන්නේ කොහොමද, අහලා post පුරවන්න එපා. වැදගත් post එකක් උනත් මිස් වෙනවා. පොඩ්ඩක් මහන්සි වෙන්න හොයන්න ගැටලුව මොක්කද ඒකට හේතුව මොක්කද, ප්‍රශ්නයක් උනත් ටිකක් කොටස් වලට වෙන් කරගන්න solution හම්බවෙයි එතකොට.(car එක කැඩිලා නම් කැඩිලා කියලා ගැරෙජ් අරන් යන්න එපා තියෙන දැනුමෙන් බලන්න කාර් එකේ කොහෙද upset එක කියලා ඊට පස්සෙ ඔයාටම හදාගන්න පුලුවන් පොඩි දෙයක් වෙන්න පුලුවන් ඇනයක් විතරක් බුරුල් වෙලා වෙන්න පුලුවන්. නැවක් කැඩිලා මිටි පාරවල් දෙකක් හදලා 10000$ ගත්ත කතාව දානවා ඇතිනේ ඒක අහන්න ඕනේ නම් comment එකක් දාන්න). ලේසියට group දාන්න එපා හොයාලා හොයාලා බැරිම උනොත් post එකක් දාන්න. youtube,google වල ඕන තරම් knowledge source තියෙනවා.තවත් දෙයක් group එකේ post එකක් දැම්මහම original account එකෙන් ඒ post ඒක වේලෙනවා. කෙල්ලෙක්ගෙ account එකෙකින් post එකක් දැම්මම ඇබලයි වගේ යන්නේ.උබල අවේ online enterprener කෙනෙක් වෙන්න නම් ඒ taget එකේ ඉදපන්. වෙන වෙන දේවල් පස්සෙ ගිහාම taget එක මිස් වෙනවා මචන්. group එක තුලම එක්තරා post එකකට මං fake account එකක්,account අලුතින් හදපු එකක් කීයලා comment කරා. කියන්න දුකයි අපේම කොල්ලෙක් යටින් comment දැම්ම කෙල්ලක් post කරාම ඒකිගෙ account එකටත් ගිහින් බලනවා කියලා. දුකයි group එක මෙහෙම fake account එන එක ගැන මේ ගැන අවධානය දුන්නොත් හොදයි. ගෲප් admin ලා original account වලින් ඉන්නවා නම් ඇයි අනික් අයටත් අවංක වෙන්න බැරි. මෙහෙම බොරු කරනව නම් business කරන්නේ කොහොමද,අවංකකම නැතුව business එකක් වත්, online enterprener කෙනෙක් වත් වෙන්න පුලුවන් ද, real විදියට එන්න දෙයක් කරනව නම්. පොඩ්ඩක් තැලෙන්න පොඩි වෙන්න ප්‍රශ්න වලට මුහුන දෙන්න අවුරුද්දක් දෙකක් study කරන්න මේ විෂය පතය මේක අනික් විෂය පත වගේ නෙවේ ඉක්මනින් change වෙනවා ඒ වගේම update වෙනවා. Study කරොත් changes, update කලින්ම අදුන් ගන්න පුලුවන්.ඒ ගැන උනන්දු වන්න. දැන් කියයි උබ online සතයක් වත් හොයන් නැතුව අපිට උපදෙස් දෙන්න එනවා කියලා පහල post එක දැම්මේ ඒකට. සල්ලි වලට වඩා මං knowledge එක හොයාගත්තා මේ අවුරුදු 2 1/2 තුල. පොරව මුවහත් කලේ ගස් කපන්න.ඉතින් පොරව මුවහත් කරගනිල්ල ටික කාලයක් අරන්..... පැය 6න් ගස් කපනවනම් පැය 4ක් ගනින් පොරොව මුවහත් කරන්න..
(මට හිතුන දේ මම type කරේ)😊❤️ බුදුසරණයි..! තෙරුවන් සරණයි..!
දෙවි පිහිටයි..!
Good luck everyone
Success your life...😘

https://www.facebook.com/groups/oecsl/permalink/1955563291241552/
Sign In or Register to comment.