Youtube Production Quality ?

image

Youtube Videos ගැන පොඩි දේවල් ටිකක් කියන්න හිතුනා මාලකගේ පොස්ට් එකේ Comment දැක්කම.

මුලින්ම මචන්, අපි වැඩක් කරන්න යද්දි 'පොඩියට' පටන් ගන්න කියන්නේ හිත හිත ඉන්නවට වඩා මොකක් හරි දෙයක් ක්‍රියාවට නංවන එක වැදගත් නිසා.

ගොඩක් අයට E money Field එක උනත් සාර්තක නොවෙන්නේ මේක Business එකක් විදියට නොගන්න නිසා. දැන් ලන්කාවේ Youtube ගත්තම ගොඩක් අය කියන්නේ 4න් එකෙන් කරන්න, Content එක තමයි වැදගත්, Mic ඕන නෑ. කැමරා එක වැදගත් නෑ. වගේ දේවල් තමයි. Content එක වැදගත් ඒකේ ඉතින් දෙකක් නෑ.

හැබැයි Present කරන විදිය, බාවිතා කරන වචන, මූනට දාන මේකප් එක, Mic එකේ Quality එක, Camera එක, Camera Angles, Lighting වගෙ ගොඩක් දේවල් වැදගත් වෙනවා. උදාහරනයක් විදියට අලුතෙන් Famous උන Traditional Me වගෙ Channel (‍YT විතරක් නෙවෙයි Ashavindhi වගේ Channel උනත් එහෙම තමයි ) පටන් අරන් මස 2, Videos 9. නිකමට හරි බලන් ඉන්න අස හිතෙනවනේ.

තව කමාජ් ගේ චැනල් එක, මනුරන්ග ගේ චැනල් එක එහෙම හොඳ Production Quality එකක් තියගෙන කරන ඒව තමයි.

ඉතින් උබලට හරියට දෙයක් කරන්න ඕන නම් මුලින්ම Budget එකක් හදාගනින් වැඩේට. සල්ලි නැත්නම් ඉතින් වෙන ජොබ් එකක් කරල සල්ලි හොයාගනින්.

ඊට පස්සෙ තමන්ට අවශ්‍යතාවය අනුව කැමරා එකක්, Mic එකක්, Lighting වගේ දේවල් ගන්න පුලුවන්.

මෙතනදි හොඳ 4න් එකක් තියන එකෙක්ට ඒකේන් වැඩ කරන්න පුලුවන්, හැබැයි පුතේ Mobile Videography ගැන හොඳට ඉගන ගනින්. ‍Yotube Videos බලපන්, අඳුරන Videogrpgersla ගෙන් ටිප්ස් අහපන් පුලුවන් හැමතැනින්ම දැනුම එකතුකර ගනින්.
නැත්නම් දන්න එකෙක් Hire කරන්න පුලුවන්.

Mic එක නම් සමන්යෙන් 4000 වගේ තියන බොයා Mic එකකින් වැඩේ කරගන්න පුලුවන් සාමන්ය Vlog එකක් නම්. Music Recording වගේ යනව නම් හොඳ එකකට යන්න වෙනවා.

Present කරන විදි, Eye Contacts තියන් ගන්න විදිය එහෙම ගොඩක් වෙලවට Yt එකේම Tutorial තියනවා. Light නම් ටිකක් ගනන්. හැබැයි DIY Methods තියෙ Simple විඩියට Softbox එකක් හදගන්න එහෙම.

මේ හැම දෙයක් ගැනම Tutorials, Reviews Youtube එකේම තියනවා.

Video Editing ගැනත් ඉගන ගන්න දේවල් තියනවා. Video වල Colours, Background Music එහෙම ගොඩක් වැදගත්. අපේ Youtubersla කීදෙනෙක් මේව ගැන දැනුවත්ද මන්දා. හැබැයි මේ හැමදේම ගැන විස්තර Youtube එකේම තියනවා.

අනිත් එක තමයි ලන්කවට Income අඩු නිසා Youtube Influencer කෙනෙක් වෙන එක තමයි හොඳම.Production Quality එක හොඳනම් Sponsor කරන උන් වැඩී. උදා - මනුරන්ගට - Yamaha Music, ලකයි සිකයි - මන්චී. මේ හේතු නිස තමයි රැට්ට උනත් හොඳ කැමරා වලට යන්නේ. ඉදිරියට තියන තරඟකාරීත්වයත් එක්ක පරණ Methods වලට උඩට එන්න අමරුයි.

මට තේරෙන විදියට නම් තාම ලංකාවේ හරි Youtubersla එලියට අවෙ නෑ. කවුරුහරි ගෙනත් interview කරන එක තමයි ගොඩක් අය කරන්නේ. ඉදිරියෙදි හොඳ ඉල්ලුමක් තිබුනොත් වැඩ්ඩො එලියට බහීවී. උන්ට තරඟයක් දෙන්න නම් උබලටත් ගේමක් දෙන්න වෙනවා.

මං මේ කියපු දේවල් අනිත් පැතිවලටත් අදාලයි. තමන්ගේ Product එකේ හොඳම Quality එකෙන් Customer ට දෙන්න පුලුවන් නම් තමන්ට/Website එකට/ App එකට/ Store එකට Loyal Customer Base එකක් හැදේවි. ජය.

Image Source - sunexsolutions.com


Sign In or Register to comment.