EMoney වැරදි වැටහීම් හා සාර්තක වීමේ රහස

ටික කාලෙක ඉඳන් අපේ ගෘප් එකෙයි, Emoney ගැන සමජේ තියන වැරදි වැටහීම ටිකක් ගැන ලියන්න හිතුනා.මගේ අත්දැකීම් අනුව ලියන එකක් හොඳේ.😁

කලින් පෝස්ට්

👉 Amazon වලින් මාසයට $1000
👉Youtube එකෙන් මාසෙට $54120

1). Adsense වල Approve ගන්න එක තමයි අමාරුම.

මමත් මුල් කාලේ හිතන් හිටියෙ Adsense Approve එක ගත්තම ගොඩ කියල.ඇත්තටම ඇඩ්සෙන්ස් වල Approve ගන්න එක තමයි ලේසිම. ඕකේ ගේම් එක තියෙන්න ස්යිට් එකට ට්‍රෆික් ගන්න එකේ සහ එන Traffic එක ස්යිට් එකේ රඳවා ගන්න එකෙයි තමයි.

උබල හැමෝම බලන්නේ මුලින්ම Adsense Approve එක ගන්න. කිසිම කෙනෙක් මුලින් Traffic එක හදාගෙන පස්සේ Adsense ඉල්ලන්නේ නෑ. ඉතින් ලත් තැනම ලොප්. උබට හොඬ Traffic තියන Loyal Audience එකක් ඉන්න ස්යිට් එකක් තියේ නම් කරනන් බැරි දෙයක් නෑ ඉතින්.

Adsense Approve ගන්න ආටිකල් ලියද්දි ඉතින් කොහෙන් හරි අටමගලක් ලියවගෙන Approve අරන් රැන්ක් නොවී, Traffic නැතුව මාස3,4 යද්දි සයිට් එක විකුනන එක තමයි කරන්නේ.

හරියට කරනව නම් උබෙ Audience එක අඳුර ගන්න ඕන. උන්ට තියන ප්‍රශ්න වලට උබේ සයිට් එකෙන් හෝ ඇප් එකෙන් උත්තර ලැබෙනවනම් උන් උබව දාල යන්නේ නෑ.

උබ Recommend කරන Product එකක් උනත් Buy කරනව. ඉතින් සයිට් එකක් රෑන්ක් කරන විදි, ආටිකල් ලියන විදි, Keyword Research කරන විදි ඕන තරම් Internet එකෙන්ම හොය ගන්න පුලුවන්.

මේ තියෙන්නේ යටගිය දවස බරනැස් නුවර ලසන්ත තොමො සමග කරන ලද සාකච්චාවකින් උපුටා ගන්නා ලද්දකි. (2016.08.19. 00.08AM - අමාරුවෙන් හොය ගත්තේ)
image

2). ඔය සාර්තක වෙලා ඉන්න උන් කුහකයි. කියල දෙන්නෙ නෑ. උන්ගෙ ගාව රහස් තියනවා.

මේකෙදි ඇත්තටම මෙහෙම හිතන කෙනා ලඟ තමයි වැරැද්ද තියෙන්නේ.

ඒක තමයි හීනමානය.

සාමන්‍යෙන්, හරියට මහන්සි වෙලා සාර්තක උන එකෙක්වත් ඔලුව උදුම්මවගෙන නෑ.

මේ ගෲප් එක වගේ වෙන එකෙක්ට උදව්කරන ගෲප් එකක් වත් මන් දකල නෑ.(හැබැයි ඌරු මස් ලෝලීන්ගේ සන්ගමෙත් ෆුල් ෆිට්. )

සමහර කියල නොදෙන හේතු තියනව.

කිසිම දෙයක් හොයන්නෙ බලන්නේ නැතුව සරල දේවල් අහනකොට කියල දෙන්නේ නෑ.

සමහරු ෆේක් එකෙන් ඇවිත් ප්‍රශ්නේ අහල උත්තරෙ ලැබුනම ඒකට රිප්ලයි එකක් වත් නෑ.

තව Community එකට උදව්වක් කරන්නේ නෑ.

අනිත් දේ තමයි Montessori ප්‍රශ්නයක් Phd ගහපු එකෙක් උත්තරේ දෙනකන් ඉන්නේ නැතුව 5 වසරෙ එකෙක් උත්තරේ දෙන්න ඕන ඉතින්.

සරලව කිව්වොත් ගොඩ ගිහින් ඉන්න පරම්පරාව Busy වෙද්දි ගොඩ යමින් ඉන්න පරම්පරාව ගොඩ යන්න උත්සහ කරන පරම්පරාවට අත දෙන්න ඕන.

මේකේ Secret තියනවා කියන කතාවෙ නම් යම් ඇත්තක් තියේ. ගොඩ යන උන්ගෙ Secret තියෙ. මේක ගැන වෙනම ලියන්නම්. සරලව ගත්තොත් උන්ගේ සීක්‍රට් එක තමඉ Experience එක.

3) Adsence or Admob කරොත් විතරයි ගොඩ යන්න පුලුවන්.

සාමාන්‍යයෙන් හරියට කරන ඕනම දේකින් ගොඩ යන්න පුලුවන්. ගොඩක් අයට වරදින්නේ එකින් එකට මාරු වෙන්න ගියාම තමයි.

Adsense, Affiliate, Admob, Drop shipping, Social Media, Direct Products Selling, Subscription, Freelancing (FIverr/Upwork/Design Crowd) වගේ ප්‍රදාන දේවල් වගේම තව පොඩි පොඩි ඒවත් තියනවා.

මොනව කරත් හරියට එක දිගට කරන්න ඕන. කාගේ හරි Screenshot එකක් දැක්ක ගමන් ඒක පස්සේ දුවන්නේ නැතුව.(Forex or අනිත් ට්‍රේඩින් මන් කරල නෑ. ඒ නිසා ඒ ගැන දන්නේ නෑ. )

4) Paypal නැති නිසා අපිට Business කරන්න බෑ.

මේක නම් මචන් මල වදයක්. හැම අවුරුද්දෙම එක එක කාලෙට එක එක අය ගෲප් එකේ මේ ගැන කතාවෙනවා.

මචන්, උබට දෙයක් කරන්න ඕන නම් එක කරන්න විදි තියනව. නෑ කියල නහයෙන් අඩනවට වඩා. Paypal දෙන දවසක දේවි.එතකන් ක්‍රම හොයාහෙන ඒවගෙන් ගොඩ දාගන්න.

ලිමිට් වෙන ඒවා Group එකේම ඉන්න උන්ගෙ උදව්වෙන් ගොඩ දාගන්න පුලුවන්. හරියට හිතුවොත් කරනන් බැරි දේවල් නෑ ඉතින්.අනිත් එක ඉතින් හොර කරන්නේ නැතුව හරියට කරන්න ඕන.

5) Online සල්ලි හොයන අයට බැන්කු Loan දෙන්නෙ නෑ.


බැන්කු Loan එක්ක දෙන්න කලින් බලනව උබලට ගෙවාගන්න පුලුවන් ද කියල.

ඒක කවුරු ලොන් එකක් ගන්න ගියත් බලනවා. හරියට Income එක එනවනම් ඇත්තටම බැන්කු බලන් ඉන්නේ අපිට ලෝන් දෙන්න.ගොඩක් ඔය Complain කරන අය හැම එකටම Complain ම තමයි.

Income එක ටිකක් අඩු නම්, බැන්කුවට යද්දි ටිකක් පිලිවෙලකට ඇඳගෙන පලයන්, වැදගත් විදියට කතා කරපන්, Positive Mind එකෙන් පලයන්. Income අඩු උනත් උබ වැඩේ ගොඩ දාන බව Manager ට තේරුනොත් ඌ Approve කරනව ඉතින්.

අනිත් එක තමයි මේක Business එකක්. මුලින් පොඩියට හරි Business Registration එකක් ගනින්. පිලිවෙලකට වැඩේ කරපන්. බැන්කු හොයන් ඇවිත් Loan දෙන්නේ. අනිත් එක පොඩ්ඩක් මිනිස්සු අශ්‍රය කරල හිටපන් උදව්වක් ගන්න පුලුවන් විදියට.

6) ලේසියෙන් ගොඩ යන්න පුලුවන්.

මේක ගැන කතාකරල වැඩක් නෑ ඉතින්.සාර්තක උන හැමෝම (මුල් පරම්පරාව ) මුල් කාලේ හොඳටම කට්ට කාපු අය. කට්ටිය සෙට් උන වෙලාවකදි කෙල්ලො ගැනයි වාහන ගැනයි කතා නොකර ඒකාලේ කාපු කට්ට ගැන අහගන්න.

දැන් පොඩ්ඩක් අර Secrets ගැන බලමු. මේක වෙනමම ලියන්න ඕන එකක්. වෙලාව තමයි නැත්තේ.

උබල යම් දෙයක් පටන් ගෙන කාලයක් යද්දි උබලට ඒ වැඩේ ගැන ඉවෙන් වගේ දැනෙන දේවල් ටිකක් තියනවා. ඒක එකිනෙකාට වෙනස්. ඉතින් සාර්තක උන අය ලඟ තියන Secret එක ඒක තමයි. (දම්මික පෙරේරා අවුරුදු 3ක් Share Market එකේ හැම Company එකකම කොටස් මිලදී ගෙන අත්දැකීම ලබා ගැනීම. )

මීට අමතරව මේ දේවල් මේ අය ලඟ තීයනවා.

1) තමන් ගැන තියන විශ්වසය.

ඕනම Motivation පොතක තියෙන ප්‍රධානම එකක්.උබට උබ කරන වැඩේ ගැනත් උබට ඒ වැඩේ කරන්න පුලුවන් බවත් හොඳ විශ්වසයක් තියෙන්න ඕන. එහෙම නැති උනාම තමයි අර Income Screenshot දැක්කම Track පනින්නේ.

2). එක අරමුනක් හා ඒ වෙනුවෙන් කැපවෙලා වැඩකිරීම.

මෙතන මම "හීනයක්" නොකියා අරමුණක් කිව්වෙ සමහර හීන හීන විතරක් නිසා. ඉතින් එකම අරමුණකට තමන්ගේ මුලු Power එකම දාල ,කැපවීම් කරල වැඩකරන්න පුලුවන් නම් යන්න පුලුවන් සීමාව අනන්තයයි. ගොඩක් උන් මේ කැපවීම් වලට කැමති නෑ.ඉතින් අසාර්තක වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි.

3). වැරදීම් වලට බය නොවීම හා වැරදීම් වලින් ඉගන ගැනීම.

මුලින්ම කියපු Experience එක එන්න ප්‍රධානම දේ තමයි වරදින එක.හැබැයි ඒකෙන් පාඩමක් ඉගනගෙන ඒක හදාගෙන තව අඩියක් ඉස්සරහට තියා ගන්න ඕන.

ඉතින් ප්‍රදාන කරුනු විදියට මේව තමයි තියෙන්නේ.

ජය වේවා.

Comments

Sign In or Register to comment.