❌❌❌ කොරෝනා, ඊබේ සහ ඩ්‍රොප්ෂිපින් ❌❌❌

👉 සුපිරියට මේ දවස් වල සෙල් වෙන්නේ ෆේස්මාස්ක් නේ.... හැබැයි ඉතින් චයිනා ඉඳලා ඩ්‍රොප්ෂිපින් වලට ෆේස් මාස්ක් දාල ඕඩර් ආවම චයිනා සෙලර් ගාවට ගියාම උන්ගෙන් නෝ රිප්ලයි. ඉතින් ඕඩර් එන ඒවා දාගන්න බැරුව ලෙසටම කෙලවිලා නේ ඇත්තේ. මේක ෆේස් මාස්ක් විතරක් නෙමේ අනිත් අයිටම් වලටත් අවුල් වෙලා. මොකද චයිනා සමහර අය තාම ලොක්ඩවුන් සිටි ඇතුලේ හිරවෙලා... සමහරු බයට වැඩට යන්නේ එන්නේ නෑ... අවුරුදු නිවාඩුවට ගියපු අය වැඩට ඇවිත් නෑ. ඉතින් චයිනා වල ගොඩක් දේවල් අඩපණ වෙලා වගේම ඩ්‍රොප්ෂිපින් / ඊකොමස් ඉන්ඩස්ට්‍රියත් ටිකක් අවුල් මේ දවස් වල....

🤦‍♂මේකට විසඳුම් මොනාද කියල ගොඩක් උන් හොයනවා. ඉතින් සමහර අය දන්නවත් ඇති.... නොදන්නා අයත් ඇති. නොදන්නා අයට දැනගන්නත් එක්ක අලි එක්ස්ප්‍රස් නැතුව ඊට වැඩිය හොඳට ඩ්‍රොප්ෂිපින් ඩෙඩිකේටඩ් කරන වෙබ්සයිට්ස් කීපයක් විස්තර එක්ක කියන්නන්. මේවා ට්‍රයි කරලා බලන්න.

1. Banggod - www.banggood.com
මෙයාලගේ ඩ්‍රොප්ෂිපින් කරන අයට විශේෂයෙන් පෝටල් එකක් තියනවා. නෝමල් මෙයාලගේ සයිට් එකෙන් ගිහිල්ලා ඕඩරයක් දැම්මොත් එයාලගෙන් බෑග් වල එයාලගේ ඉන්වොයිස් එක්ක යන්නේ. හැබැයි ඔයාලට පුළුවන් මෙයාලගේ ඩ්‍රොප්ෂිප් ප්‍රෝග්‍රෑම් එකේ රෙජිස්ටර් වෙන්න. එහෙම රෙජිස්ටර් උනාට පස්සේ එයාල රිවීව් කරලා අපේ ඇප්ලිකේෂන් එක ඇක්සෙප්ට් කරනවා.

ඊටපස්සේ ඉතින් කරන්න තියෙන්නේ එයාලගේ ඩ්‍රොප්ෂිප් සිස්ටම් එක හරහා ඕඩර් දාන එක... මේක නෝමල් ඕඩර් දානවට වැඩිය ටිකක් වෙනස් විදියට වෙන්නේ. එහෙම දාද්දි නෝමල් ස්ටෝර් ප්‍රයිස් එකට වැඩිය ගානක් අඩුවෙන් ඩිස්කවුන්ට් එක්කම ඔයාලට හැම අයිටම් එකක්ම හම්බවෙනවා.

අනික මෙයාලගේ USA, UK , ITALY, FRANCE වගේ රටවල් වල වෙයාහවුස් තියනවා. ඉතින් අපිට USA ඕඩරයක් ආවොත් අපිට පුළුවන් ඒ අයිටම් එක මෙයාලගේ USA වෙයාහවුස් එකේ තියනවා නං එතනින් පොස්ට් කරන්න කියන්න. එතකොට දවස් කීපෙකින් ඩිලිවර් වෙනවා.

එකම අවුල මෙයාලගේ අයිටම් වල ගාන ටිකක් වැඩි. ඒත් එයාලගේ සර්විස් එකත් එක්ක, ෆාස්ට් ලෝකල් වෙයාහවුස් ෆැසිලිටි එක්ක දෙන නිසා ටිකක් වැඩි උනත් ඒ ගානට ඊබේ එකේ සෙල් කරන්න අමාරු නෑ...

2. අනික තමයි GogoMall එක - www.gogomall.com
මෙයාලත් චයිනා කොම්පැනියක් උනාට මෙයාලගෙත් අර banggod එක වගේම ලෝකල් වෙයාහවුස් තියනවා. ඉතින් ඩිලිවරි, එහෙම ෆාස්ට්. මෙයාලත් ටිකක් ගණන් වැඩි. නමුත් ලැබෙන වාසි එක්ක ඒ ගණන් වලට ඊබේ දාල විකුනන්න අමාරු නෑ.

තව තියනවා. හැබැයි සමහර ඒවා චයිනා වලින් පිට වෙයා හවුස් තිබ්බත් මේ දවස් වල කොරෝනා කේස් එක නිසා ස්ටොක් එන්නේ නැති අවුලක් තියනවා. ඉතින් ගොඩක් ඒවා ප්‍රොසෙසින් පරක්කුයි. හැබැයි banggod එකයි gogomall එකයි දැනට ටිකක් අල්ලන් යනවා. මේ දෙකත් කොයි වෙලාවේ ඩවුන් වෙයිද දන්නේ නෑ ස්ටොක් ආවේ නැත්නං.

👨‍🏫👨‍🏫👨‍🏫 ඉතින් හොඳම දේ තමයි ලංකාවේ තියන අයිටම්ස් කරන්න ගන්න එක. මේක තමයි හොඳම චාන්ස් එක ඒකට. ෆේස්මාස්ක් උනත් ලංකාවේ දැන් තියනවා. ඉතින් එහෙම හොයන්න බලන්න. ෆේස්මාස්ක් විතරක් නෙමෙයි තව ගොඩක් අයිටම්ස් ලංකාවේ ඉඳලා කරන්න ගත්ත නං ගොඩ යාමක් තමයි තියෙන්නේ !!!

යන්න කලින් පොඩි දෙයක් කියන්නන්. දැන් අලුතෙන් පටන් අරන් එක්කෝ ටික කාලයක් වෙව්න උන් අනිත් උන්ට සේල් තියනවා මට සේල් නෑ කියල දුක් වෙන්න එපා... මොකද මම එක තැනක දැක්කා.... වෙන එකෙක්ගේ 20 චැප්ටර් එක තමන්ගේ 1වෙනි චැප්ටර් එකත් එක්ක කම්පෙයා කරන්න එපා කියල... ඕනෙම නං උගේ 1වෙනි චැප්ටර් එක ගැන හොයල බලන්න. ඌ පටන් අරන් ඇත්තේ උඹටත් වැඩිය අමාරු තැනකින් වෙන්න පුළුවන් !!!

එහෙනං ගුඩ් ලක්.... 🙏🙏🙏
Sign In or Register to comment.