Shopify -VS- Woocommerce

කාලයක් තිස්සේ තිබ්බ ඉල්ලීමක්නේ ඊ කොමස් (eCommerce ) වෙබ්සයිට් ගැනත් පොස්ට් ටිකක් යන්න කියල. විශේෂයෙන් Shopify ගැන පොස්ට් ටිකක් කරන්න කීපදෙනෙක්ම ඉල්ලලා තිබ්බනේ. පොඩි ආරම්භයක් ගන්නම් එහෙම සීරියස් එහෙකට. අපි ecommerce වෙබ් එකක් හදලම බලමු තනියම අමාරු උනොත් ට්‍රයි එකක් දෙන්න හරි පුළුවන් වෙයිනෙ.

🎯 ඊ කොමස් වෙබ්සයිට් ලංකාවේ අපේ ය අතරේ ගොඩක් ප්‍රසිද්ධ දෙයක් නේ shopify කියන්නේ. ඊළඟට වර්ඩ්ප්‍රෙස් woocommerce එහෙමත් අපේ අය අතර ටිකක් ප්‍රසිද්දයි. මේ විතරක් නෙමෙයි තව ගොඩක් ප්ලට්ෆොර්ම් තියනවා ඊ කොමස් වෙබ්සයිට්ස් කරන්න පුළුවන්. Prestashop, Magento, Squarespace, OpenCart, Wix වගේ තව ගොඩක් තියනවා. ඉතින් මේ ඔක්කොගෙන්ම ටිකක් ලේසි, ලාභදායක ක්‍රමයකට ගියොත් තමයි හොඳම.

🎯 ඉතින් අපේ අය අතරේ ප්‍රසිද්ද Shopify සහ Woocommerce (WP) දෙක කොහොමද සහ මේවගෙන් ඊ කොමස් වෙබ් එකක් කරගන්නේ කියන විස්තර එක්ක ඉස්සරහට පොස්ට් සෙට් එකක් යන්නම්. අනිත් ප්ලට්ෆොර්ම් ගැනත් දැනගන්න ඕනේ උනොත් කියන්න. ගොඩක් දෙනා ඒවා ගැන උනන්දු උනොත් ඒ ගැනත් වෙන වෙනම පොස්ට් සෙට් එකක් කරමු.

🤷‍♂ මුලින්ම Shopify සහ Woocommerce (WP) අතර වෙනස්කම් ටිකක් බලල ගැලපෙනම ප්ලැට්ෆෝම් එක සෙට් මොකද්ද කියල තීරණය කරන්න මචං .

👉 Shopify කියන්නේ කොම්පැනි එකක් රන් කරන එයාලගේම මැනේජ්ඩ් ප්ලට්ෆොර්ම් එකක්. මේක ෆ්‍රී එකක් නෙමෙයි. අපි මාසෙකට සැරයක් $29 ගානේ මේකට ගෙවන්න ඕනේ. හැබැයි මෙයාලගේ ස්ටෝර් එකක් හදාගන්න ගොඩක් අමාරු නැහැ . ප්‍රී බිල්ට් තීම්ස් එහෙම තියන නිසා ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මොනාහරි දැනගන්න ඕනේ උනොත් කස්ටමර් සර්විස් එකෙන් ටිකට් සිස්ටම් එකට හෙල්ප් ගන්නත් පුළුවන්.

👉 Woocommerce (WP) කියන්නේ වර්ඩ්ප්‍රෙස් ප්ලට්ෆොර්ම් එකේ දුවන සිස්ටම් එකක්. මේකත් woocommerce කියන කම්පැනි එකෙන් දෙන ප්ලගින් එකක් උනාට එක ෆ්‍රී. කිසිම මුදලක් ය කරන්නේ නෑ. හැබැයි අපේ සයිට් එක හොස්ට් කරන්න අපි හොස්ටින් එකක් ගන්න ඕනේ. මේකෙත් අපිට දාස් ගානක් ෆ්‍රී සහ ප්‍රිමියම් ප්‍රීබිල්ට් තීම්ස් ගන්න පුළුවන්. ඒ වගේම ප්ලගින්ස් පවා ඕනේ තරම් තියනවා. කස්ටමර් සර්විස් කියලත් එකක් තියනවා. ඒ උනාට ෆ්‍රී වර්ෂන් එක පාවිච්චි කරනවා නං ගොඩක් වෙලාවට ෆෝරම් මත තමයි යැපෙන්න වෙන්නේ.

මේ දෙක ගැන පොඩි කම්පැරිසන් එකක් කරොත් මෙන්න මෙහෙමයි එන්නේ.

🛒 Shopify
✍ කොස්ට් එක : බේසික් පැකේජ් එක මාසෙකට $29 + ඩොමේන් කොස්ට් එක. ඒ කියන්නේ අවුරුද්දකට $350 - $360 ක් වගේ යනවා.

✍ තීම්ස් ප්ලගින්ස් : මෙයාලගේ බේසික් පැකේජ් එකේ ෆ්‍රී තීම්ස් කීපයක් තියනවා. ඒ වගේම අපිට ඕනේ නම් අපිට අවශ්‍ය විදියට අපේ තීම් එක කස්ටම් කරන්න පුළුවන්. එලිඑන් අරගෙන ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්. හැබැයි එයාලගේ දුවන්නේ Liquid කියන කෝඩින් සිස්ටම් එක. ඒ ගැන පොඩි අවබෝධයක් තියෙන්නත් ඕනේ.

✍ ඔප්ෂන්ස් : බේසික් පැකේජ් එකේ සමහර ඔප්ෂන්ස් නැහැ. ඒවා ගන්න නං වැඩි පැකේජ් එහෙකට යන්න ඕනේ.
පේමන්ට් ගේට්වෙස් : මෙයාලා රෙකම්න්ඩ් කරන දේවල් එක්ක හෝ මෙයාලගේ සිස්ටම් එක්ක තමයි අපි පේමන්ට් ගේට්වේ පාවිච්චි කරන්න ඕනේ.

✍ සෙලින් ෆීස් : සාමාන්‍යයෙන් Shopify එකෙන් දෙන පේමන්ට් ඔප්ෂන් එකට එයාල 22.2% වගේ ෆී එකක් ගන්නවා බේසික් පැකේජ් එකේ. එක්කෝ අපි පේපැල් වගේ එකක් පාවිච්චි කරොත් එයාලා එක සේල් එහෙකට 2% සෙලින් ෆී එකක් ගන්නවා. අනික අපි පේමන්ට් ගේට්වේ එකට එයාලගේ % වෙනම ගෙවන්න ඕනේ.

✍ කස්ටමයිස් : මම උඩ කිව්වා වගේ Shopify කස්ටමයිස් කරන්න එයාලගේ කෝඩින් සිස්ටම් එකත් එක්ක පොඩි ගේමක් දෙන්න ඕනේ.
කස්ටමර් සර්විස් : මෙයාලගේ කස්ටමර් සර්විස් එක හොදයි. තීම් එහෙක, ස්ටෝර් එකේ අවුලක් ත්බ්බොත් ටිකට් සිස්ටම් එකට සපෝර්ට් එක දෙනවා.

✍ SEO : මේක වැදගත්ම එකක් නේ.... සාමාන්යෙන් ස්පීඩ් එක ගත්තොත් මෙයාලගේ ස්පීඩ් එක නියමයි. අනික SEO වලටත් මෙයාලගේ ප්ලගින්ස්/ඇප්ස් තියනවා. ඒවා දාගෙන අපිට SEO කරන්න ගන්න පුළුවන්.

✍ ප්රෝටෙක්ෂන් : සාමන්‍යයෙන් මේක එන්නේ ෆ්‍රී SSL එකත් එක්කම. අනික වෙබ් එක හොස්ට් කරන්නේ මෙයාලමයි. ඉතින් මෙයාලගේ සිකුරිටි එක හොදයි.

✍ ප්‍රොඩක්ට්ස් සහ ඕඩර් මැනේජ්මන්ට් : අපිට shopify එක්ක dropship සිස්ටම් කනෙක්ට් කරන්න අමාරු නෑ. එයාලගේ එකටම ප්‍රී බිල්ට් ඇප්ස් තියනවා, ඉතින් ඒ හරහා අපිට කෙලින්ම ප්‍රොඩක්ට්ස් ඉම්පෝර්ට් කරන්න පුළුවන් සහ මැනුවල් අපිට ඕනේ අයිටම් එකක් ලිස්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඒ සිස්ටම් හරහා ඕඩර් ඔටෝ ප්‍රොසෙස් වෙන්නත් සෙට් කරගන්න පුළුවන්.

🛒 Woocommerce (Wordpress)
✍ කොස්ට් එක : හොස්ටින් එක අපි ගන්න ඕනේ. (අවුරුද්දකට $50 වගේ වෙයි). SSL එක අපි ගන්න ඕනේ. ෆ්‍රී එකක් දැම්මේ නැත්නං ඒකත් අවුරුද්දකට $30 - $40 වගේ වෙයි + ඩොමේන් කොස්ට් එක.... ඒ කියන්නේ අවුරුද්දකට සාමාන්‍යයෙන් බේසික් හොස්ටින් එකක් එක්ක $100ක් විතර කොස්ට් වෙයි.

✍ තීම්ස් / ප්ලගින් : අපිට ෆ්‍රී තීම්ස් ප්ලගින්ස් ඕනේ තරම් තියනවා. අනික PHP JS වගේ දන්නා කෙනෙක්ට නං තමන්ගේම තීම් එකක් ගහගන්න අමාරු නෑ . එහෙම නොදන්නා කෙන්ක්ට උනත් ෆ්‍රී තීම්ස් ප්ලගින්ස් එක්ක මුළු වෙබ් එකම හදන්න පුළුවන්.

✍ ඔප්ෂන්ස් : මෙයාලගේ ඩිෆෝල්ට් එන ඔප්ෂන් වලට අමතරව අපිට තව තව ඔප්ෂන්ස් ඕනේ නං කෙලින්ම ප්ලගින්ස් හරහා ඒවා දාගන්න පුළුවන්. ෆ්‍රී වගේම ගෙවලා ගන්න ඕනේ ප්ලගින්ස් උනත් තියනවා.
පේමන්ට් ගේට්වේ : මේකේ ලිමිටෙෂන් එකක් නෑ . අපිට ප්ලගින් එකක් හොයාගන්න බැරි නං, API හරහා අපිට ඕනේම පේමන්ට් ගේට්වේ එකක් මේකත් එක්ක කනෙක්ට් කරන්න හදාගන්න පුළුවන්.

✍ සෙලින් ෆීස් : සතපහක් සෙලින් ෆීස් නැහැ. එකම ෆීස් එක තමයි පේමන්ට් ගේට්වේ එකට අපි ගෙවන්න ඕනේ % එක. ඒ ඇරෙන්න වෙන ෆීඑස් එකක් ඇත්තෙම නෑ .
✍ කස්ටමයිස් : මෙයාල WordPress පාවිච්චිකරන නිසා කස්ටමයිස් කරන්න තියන චාන්ස් වැඩී . අපිට ඕනේ විදියට ඕනේ දෙයක් කරන්න නිදහස තියනවා.

✍ SEO : මෙයාලගෙත් ප්ලගින්ස් ඕනෙතරම් තියනවා සහ අපිට ඕනේ විදියට ඔන්පේජ් SEO කරගන්න පුළුවන්. ප්ලගින් හරහා හෝ ප්ලගින්ස් නැතුව. එකම දේ ස්පීඩ් එක. මේක රඳා පවතින්නේ අපි ගන්න සර්වර් එක, තීම් එක, ප්ලගින්ස් සහ කෝඩින් වල කොලිටි එක අනුව. ඉතින් අපි හොඳ ස්පීඩ් තීම් එකක් දාල, හොඳ ඔප්ටිමයිස් එකක් දුන්නොත් ස්පීඩ් එක හදාගන්න බැරිකමක් නෑ.

✍ ප්රෝටෙක්ෂන් : මේකේ නං ප්රෝටෙක්ෂන් අපි වගබලාගන්න ඕනේ. මොකෝ හොස්ට් කරන්නේ අපි... සමහර තැන් කෝඩ් කරන්නේ අපි... ඒ එහෙම කියල මේකේ සිකුරිටි නෑ කියන්නම බෑ . හරි විදියට වැඩේ කරගෙන ප්‍රොපර් සිකුරිටි එකක් දුන්නොත් එතනින් එහාට බයවෙර්න්න දෙයක් නෑ .

✍ ප්‍රොඩක්ට්ස් : මෙයාලගෙත් අපිට dropship වලටම කියල ප්ලගින්ස් ඕනේ තරම් තියනවා. ඉතින් ඒවා හරහා ප්‍රොඩක්ට් ඉම්පෝර්ට් කරන්න, ඔටෝ ප්‍රයිස් අප්ඩේට් වෙන්න, ඔටෝ ඕඩර් ප්‍රොසෙස් වෙන්න වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්කමත් තියනවා.

මෙන්න මේ ටික තමයි අපිට මූලිකව සංසන්දනය පුළුවන් දේවල්. තව ගොඩාක් දේවල් තියනවා. හැබැයි මේ මූලික දේවල් වලින් අපිට තීරණය කරන්න පුළුවන් මොන ප්ලට්ෆොර්ම් එකද අපි පාවිච්චි කරන්න ගන්නේ කියල.

ඉතින් මොනා හරි ප්‍රශ්න තියනවා නං අහන්න. ඔයාල දන්නා දේවල් තියනවා නං මේකට එකතු කරන්න. මේ විස්තර, ඔයාලා දන්නා විස්තර එක්ක ඔයාලට හිතෙන විදියට හොඳම ප්ලට්ෆොර්ම් එක මොකද්ද කියලත් සටහන් කරගෙන යන්න. ඊළඟ එකේ වෙබ් එකක් හදන මූලික තැන ඉඳලා පටන්ගමු නේ... මොනාහරි අදහස් තියනවා නං කොමන්ට් එකක් දාල තියන්න. මේ පාර ඩ්‍රොප්ෂිපින් ගැන විතරක්ම නෙමේ... ලංකාව ඇතුලේ තියන දේවල් එක්ක ඩිරෙක්ට් සෙලින් එක්කම පොස්ට් සෙට් එක යමු.
Sign In or Register to comment.