පටන් අරන් මාස ගාණක් ගිහිනුත් ඕඩර් නැත්තං මේ ටික කරන්න ( සහ තවත් ෆයිවර් ගැන උපදෙස් )

edited August 8 in Fiverr
ෆයිවර් කරන ළමයින්ට පොඩි උපදෙස් ටිකක්. ( මගේ වැරදි තියනවා නං නිවැරදි කරන්න )

***පටන් අරන් මාස ගාණක් ගිහිනුත් ඕඩර් නැත්තං මේ ටික කරන්න...
කවුරු කොහොම කිවුවත් දැන් ෆයිවර් එකේ තියන තරගෙත් එක්ක පළමු ඕඩර්ස් ටික ගන්න තියන එකම සහ හොදම ක්‍රමේ බයර් රික්වෙස්ට්.. ඒ නිසා මුලින්ම බලන්න බයර් රික්වෙස්ට් කීයකට ඔෆර්ස් දාලද කියලා..ග්‍රැෆික් සයිඩ් එකේ නං අවම 500ක් වත් දාන්න ඕනි දැන් ඕඩර් එකක් ගන්න. 500ක් දාලත් ඕඩර් නැත්තං සැලෙන්නෙපා.. නැවත ගිග් ටික බලලා අඩුපාඩු තියේ නම් ඒවා හදන්න.. ගිග් ඉමේජස් කොලිටි එකටම හදන්න...ආයෙ තව 500ක් දාන්න...එතකොට 1000යි... දවසට 10ක් බයර් රික්වෙස්ට් දාන්න පුලුවන් ඒ කියන්නෙ මාසෙට 300ක් පුලුවන්. මං පිලිගන්නවා හැමදාම 10 දාන්න බැරි වෙන්න පුලුවන්. ඒත් උත්සාහ කලොත් ඔබට 250ක් දාගන්න බැරි නෑ. (මට මතකයි දවසක් මේකෙ අයිය කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ එයාට ෆස්ට් ඕඩර් එක ආවෙ 1008 වගේ ගාණකදි කියල. කිවුවෙ කවුද කියල හරියටම මතක නෑ. මතක හැටියට rosen graphics.)

ඒ වගේම බයර් රික්වෙස්ට් පෙන්නන වේලාවන්
මේක ගැන හරියටම මට සහතික වේලාවන් කියන්න බෑ. එක එක්කෙනාට පෙන්වන වේලාවල් වෙනස්.ඒ නිසා ඔයාගෙ බයර් රික්වෙස්ට් ලොඩ් වෙන ටයිම් එක ඔයාම හොයාගන්න ඕනේ.
මට නං සාමාන්‍යෙන් උදේ පාන්දර එන්නෙ නෑ. මගේ දැනට නෝට් කරන් ඉන්න වෙලාවල් ටික තමා උදේ 10.30 සිට දවල් 1 දක්වා...ඒ වගේම හවස 6 සිට 8 දක්වා...ඊට පස්සෙ රෑ 10 සිට රෑ 1 දක්වා...මේ කාලය ඇතුලත මිනිත්තුවෙන් මිනිත්තුවට refresh කර කර බලන්න පුලුවන් නං හොදයි.
Extra tips
1.)බයර් රික්වෙස්ට් කම්පියුටරෙන් විතරක් බලන්න එපා. ෆෝන් එකේ ඇප් එකෙනුත් බලන්න ලෝඩ් වෙනවද කියලා. සමහර වෙලාවට කම්පියුටරෙන් ලෝඩ් වෙන්නැති උනාට ෆෝන් එකේ ඇප් එකෙන් ඒ වෙලාවෙම පෙන්නනවා. ( අත්දුටුයි )
2.) කිසිම වෙලාවකවත් auto-refresh addons වගේ ඒවා පාවිච්චි කරන්න එපා. එකවුන්ට් එකට අවධානම්.

බයර් රික්වෙස්ට් දාන්න දන්නෙ නැත්තං මේ ලින්ක් එකට ගිහින් බලන්න.
https://sellers.fiverr.com/en/article/submitting-offers-to-buyer-requests

ගිග් රෑන්ක් කිරීම
ෆයිවර් ගිග් රෑන්ක් වෙන විදිහ කිවුවොත් මං තේරුම් අරන් තියන විදිහට direct orders වැඩියෙන් එනකොට තමයි ගිග් එක රෑන්ක් වෙන්නෙ මුල් පිටු ටිකට. සරලව කිවුවොත් බයර් රික්වෙස්ට් හරහා ගන්න ඕඩර් වලට කියන්නෙ custom orders කියලනෙ. මෙන්න මේ custom order වලට වඩා ගිග් රෑන්ක් කිරීමේ බලයක් direct orders වලට තියනවා. ඒ නිසා අපිට සෙට් වෙනවනෙ ඉන්බොක්ස් එක හරහා මැසේජ් කරලා සෙට් වෙන බයර්ලා. අපි ගොඩක් වෙලාවට කරන්නෙ එයාට ඊට පස්සෙ custom offer එකක් යවන එකනෙ accept කරලා ඕඩරේ දෙන්න. එහෙම කරනවට වඩා ගිග් එකේ ලින්ක් එක දීලා direct order එකක් දාන්න කියනවා නං ඒක වටිනවා.
මෙහෙම සීන් එකක් තියනවා. සමහර වෙලාවට අපි බයර්ලට ලාබෙට ඔෆර් දෙනවනෙ.උදාහරණයක් ගත්තොත්, හිතන්න අපි ලොගෝ ඩිසයින් කරන්නෙ කියල. ගිග් එකේ පැකේජ් එකේ තියෙන්නෙ 1 concept+3d mockup = $5 කියල. හැබැයි අපි අර ලාබ ඔෆර් එකක් දෙද්දි බයර්ට කියනවා 1 concept+3d mockup+Source file = $5 දෙනවා කියල. මේ වගේ අවස්ථාවලදි නම් ඇත්තටම අපිට custom offer එක යවන්න අර කිවුව ඔප්ෂන් ටික දාලා. මොකද ගිග් එකේ පැකේජ් එකේ ඒ ඔප්ෂන්ස් ටිකම නෑනෙ.

ඒ වගේම ඇයි අපිට බයර් රික්වෙස්ට් හරහා ගන්න custom orders වැදගත් වෙන්නෙ ( මගේ අදහසට අනුව )
ඒකට හේතුව නං රත්තරනේ ලක් එක කියන දේ තමයි. මොකද ලක් එක තියේ නං බයර් රික්වෙස්ට් දදා නහින්න ඕන්නෑනේ. කෙලින්ම direct orders එනවා. ඉතින් ලක් එක නැත්තං ඒක හදාගන්න ඕනේ.
direct orders එන්න ප්‍රධානම හේතු තමා ගිග් ඉමේජස් වල කොලිටිය සහ ගිග් එකට ලැබිල තියන reviews ගාණ. අන්න ඒව දැක්කම තමයි බයර්ට අනන් මනන් අහන්නැතුව කෙලින්ම ගිග් එකේ එයාට ඕනි පැකේජ් එක තෝරලා order බට්න් එක ක්ලික් කරන්න හිතෙන්නේ. අන්න එහෙම හිතෙන තැනටනේ වැඩේ කරන්න ඕනෙ. ඉතින් ගිග් ඉමේජස් ටික හරියට දැක්කම ආස හිතෙන්න හදලා නං ඊළගට කරන්න ඕනි reviews ටික හදාගන්න එක. අන්න ඒකට තමයි අපි බයර් රික්වෙස්ට් දාල දාලා ඕඩර් දෙක තුනක් අරන් එයාලගෙන් ලස්සන reviews ටිකක් දාගන්න ඕනේ.

ඉතින් මේ ටික තමයි මට ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනි උනේ. පස්සෙ පස්සෙ මතක් වෙන ඒවත් පස්සෙ පෝස්ට් දාලා ලියලා දාන්නං... සමුගන්න කලින් අන්තිම tips ටික මෙහෙම යටින් දානවා.
1.) දිනපතා බයර් රික්වෙස්ට් 10කටම දැමීම උත්සාහ කරන්න. එය අතහරින්න එපා. දිනෙක ඒ උත්සාහ ඔබට වාසනාව ගෙනෙනෙවාමයි.
2.) හැකිතරම් ඔන්ලයින් ඉන්න බලන්න. එන මැසේ්ජ් වලට ඉක්මනින් රිප්ලයි කරන්න.
3.) බයර්ලාට ගරු කරන්න.
4.) කවදාවත් අනුන්ගේ ගිග් කොපි කරන්න එපා. ගිග් ඉමේජ්ස් උස්සන්න එපා. inspiration ගන්න. නමුත් අර වැඩ නං කරන්න එපා. සමහර විට ගොඩයයි. ඒත් අනිවා ඒ ගොඩගියාට වඩා 10 ගුණයක් ඔයා වලපල්ලට වැටෙනවා සත්තයි.
5.) ඉන්දියාව, පාකිස්ථානය, ආදී ආසියාතික රටවලින් එන බයර්ලාගෙන් ප්‍රෙව්ශම් වන්න. වැඩේ කරගෙන ඕඩරේ කැන්සල් කරන කාලකන්නි හැත්ත ඉන්නේ. ඒ නිසා නොකර ඉන්න තරමටම ඇගට ගුණයි. බ්ලොග් කරලා දාපල්ලා ශේප් එකේ.
6.) ඒ වගේම වැදගත්ම දේ.. සුවහසක් අසිරිමත් රටේ ඔව් අසිරිමත් සිරිලංකාවේ රත්තරං මිනිසුන් අතර ඔබේ ගිග් එක ප්‍රොෆයිල් එක ෂ්‍යොර් කරන්න එපා. මොකද උන් කාලකණ්නි වැඩ කරන්න ගත්තම ඉන්දියාව, පාකිස්ථානය ආදී රටවල උන් ඔක්කොම පදිරියි. ඉරිසියාව කියන දේ තිබෙන්නේ ඔවුන්ගේ... එතනින් එහා ඕනි නෑ...
7.) බයර් රික්වෙස්ට් 500ක් 1000ක්වත් දාන කන් ඉවසීමෙන් කැපවීමෙන් ඒ දේ කරන්න බැරි නං, මාසයක් 2ක් වේලෙන්න බැරි නං, පැන්න ගමන් $35,40 ඕඩර් ගන්න හිතනවා නං සහ reviews ටිකක් හැදෙන කන් වත් $5ට $10ට වැඩ කිරීමට බැරි නං ( විශේෂයෙන් ග්‍රැෆික් සයිඩ් එකේ ළමයි..) බයර් රිවිෂන් ඉල්ලනකොට රිවිෂන් දෙන්න කම්මැලියි, ඕනවට ඒපාට වැඩ කරනවා නං, බයර්ට ලොකු ලයින් දානවා නං, පුංචි වැඩක් උනත් කොලිටියට කරන්න බැරි නං...ඔයා ෆයිවර් නොකරන එක හොදයි කියන එකයි මගේ අදහස...

8.) ෆයිවර් වල අද තියෙන්නෙ පුදුම තරගයක්. විශේෂයෙන් ග්‍රැෆික් සයිඩ් එකේ අයට. නමුත් ඔබට හැකියාව තිබේ නම්, උනන්දුව කැපවීම, උත්සාහය අත්නොහැරීම තියනවා නම් ඔබට පුලුවන් ජීවිතේ ගොඩදාගන්න.
ඒ වගේම ඔබට හැකියාවක් නැතිනම් ඒත් සැලෙන්නෙපා. හැකියාව ඔබ හදාගන්න. තියන හැකියාව දියුණු කරන්න. නිතර නිතර යූටියුබ් එකේ tutorials බලන්න. ග්‍රැෆික් කරන අය නම්, dribble, behance වල වටයක් ගහලා එන්න. inspirations ගන්න. හැබැයි කොපි කරන්නෙපා කවදාවත්. ඒ වගේම ලෝගෝ කරන අයට එහෙම instagram එකේ ගොඩක් පේජ්ස් තියනවා ෆලෝ කරන්න. inspirations ගන්න.
මට මතකයි Isanka maduwantha කියල කෙනෙක් දවසක් දාල තිබ්බ කමෙන්ට් එකක් ෆයිවර් ගැන පෝස්ට් එකකට.
"හැකියාවක් නැති උනත් හරි මානසිකත්වයක් තියන එකෙක්ට ගොඩගන්න පුලුවන්"
ඉතින් මගේ අවසාන උපදෙස...නිතරම ධනාත්මකවම හිතන්න...

ස්තූතියි...!
මම,
ඉරුක රහල්.
(Snow Kotiya)

Comments

Sign In or Register to comment.