ඇයි බැරි අලුතින් හිතන්න?

එක එක කාලෙට එක එක දේවල් Trend වෙනවා. කට්ටියට මතක ඇති කාලයක් තිබ්බ හැමෝම YouTube Channels හදාගෙන එවා Promote කරන් සල්ලි හොයන්න දගලපු. මෙ මෑතකදි කට්ටිය AD Click කරලා සල්ලි හොයන්න දැගලුවා. දැන් Drop-Shipping කරන්න දගලනවා. මෙතන මන් දගලනවා කියන වචනය යොදා ගත්ත එකට සමාවෙන්න. මොකද මන් දැකලා තියෙනව මේ හැම දෙයක්ම තව කෙනෙක්ට වදයක් නොවෙන විදියට කරන් යන සුපිරි මිනිස්සු.ඉතින් මම කියන්න හැදුවෙ ඇයි තව කෙනෙක් දැනටමත් කරන, හැමෝම කරන්න දගලන දේවල් විතරක්ම කරන්නේ? ඔයා YouTube කරන්න ගියාට සමහර විට ඔයාගේ ඇග ඇතුලේ හොද ව්‍යවසායකයෙක් ඉන්න පුලුවන්. එහෙම තත්වයකදී සමහර විට YouTube කරන්න ගිහින් අර ඇග ඇතුළේ ඉන්න ව්‍යවසායකයා ඔයාගේ ඇග ඇතුළෙම සදහටම ඉදීවි. ඔයා දෙන්න තිබ්බ සුපිරි Idea එකක් මේ ලංකාවට මේ ලොකයට අහිමි වේවි. එදා Mark Zuckerberg Drop-Shipping කලා නම් අද මෙහෙම Facebook කියල Platform එකක් නොතිබෙන්නට තිබුනා.නමුත් එදා ඔහු Drop-Shipping නැතුව ඔහුට පුලුවන් දේ තෝරගත්ත නිස ඔහු අද ලොවක් හදුනන බිලියනපතියෙක්. ඇයි හැමෝම කරන දේ කරන්නේ? අපි වෙනස් විදියට හිතලා අපේම දෙයක් කරමු. කියෙව්වට Thank you. සුභ දවසක්!
image

Comments

Sign In or Register to comment.