👏👏 Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

3 ways to Analyze Forex Market [SINHALA]

ආයුබෝවන් 🙏🙏

ඔන්න අදත් මම Forex ගැන අලුත් ලිපියක් අරගෙන ආවා.හරි හැමදාම වගේ අද ලිපියට යන්න කලින් අපි බලමු කලින් ලිපියෙන් අපි මොනවද ඉගෙන ගත්තෙ කියල.


හොදයි කලින් ලිපියෙන් අපි කතා කලේ කොහොමද Meta Trader 4 Software එක Use කරල Trade එකක් Open කරන්නෙ සහ Pending Orders කියන්නෙ මොනවද කියල.Pending Oder වර්ග 4ක් තියනව ඒ තමයි.

Buy Limit
Sell Limit
Buy Stop
Sell Stop

හරි අපි යමු අද පාඩමට.

අද පාඩමෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Forex Market එක Analyze කරන්නෙ කියන දේ ගැන.

මොකක් ද මේ Market එක Analyze කරනව කියන්නෙ.ඒ කියන්නෙ අපි Trade එකක් දාන්න කලින් Market එක පිලිබදව කරන අධ්‍යයනයක්.ඒ කියන්නෙ Market එකේ දැන් තියන Trend එක අදුර ගන්න ඒ වගේම Trend එක අනුව අපි Open කරන්න ඕනේ Buy Trade එකක්ද Sell Trade එකක්ද කියන දේ තීරණය කරන්න,අපි Trade එකට Enter වෙන්න ඕනේ කොතනින්ද කියන දේ තීරණය කරන්න අපි Market එක පිලිබවදව කරන අධ්‍යයනයකට තමයි Market එක Analyze කරනව කියල කියන්නෙ.

Forex Market එක Analyse කරන්න අපිට භාවිතා කරන්න පුලුවන් ක්‍රම 3ක් තියනව.ඒ තමයි


Technical Analysis
Fundamental Analysis
Sentiment Analysis



හරි අපි දැන් මේ එකින් එක ගැන ඉගෙන ගමු.

Technical Analysis
Technical Analysis කියල කියන්නෙ Market එකේ අතීතයේ සිදුවෙලා තියන දේවල් දිහා බලල අනාගතයේ කුමක් සිදු වෙයි ද කියල උපකල්පනය කරන එකට. Technical Analysis වලදි අපි උපකල්පනය කරනව Market එකේ සිදුවන සියලුම වෙනස්වීම Prices මගින් පෙන්වනව කියල.
උදාහරණයක් විදිහට කලින් Market එකේ Support එකක් හෝ Resistance එකක් වෙලා තිබුන තැනකට දැන් Market එක ආවොත් අපි උපකල්පනය කරනව ඒ කලින් සිදු උන දේම නැවත සිදු වෙයි කියල.(රූපය බලන්න)
imageimage

[Support & Resistance පිලිබදව ඉදිරි පාඩමකින් ඉගෙන ගමු.]

මෙහිදී අපිට අතීත තොරතුරු භාවිතා කරල විවිද Chart Patterns වගේම Market එකේ දැන් තියන Trend එක අදුර ගන්න පුලුවන්. Technical Analysis කියන දේ එකිනෙකාට සාපේක්ශ දෙයක් විදිහට හදුන්වන්න පුලුවන්.ඒ වගේම Technical Analysis වලදි අපි විවිධ Indicators Use කරනව Market එක Analyse කිරීම සදහා.

Fundamental Analysis

Fundamental Analysis කියන්නෙ ලෝක ආර්ථිකය තුල සිදු වන වෙනස් වීම් පිලිබද අධ්‍යයනය කිරීම තුලින් Forex Market එක තුල සිදුවිය හැකි වෙනස්කම් උපකල්පනය කිරීමයි. ලෝක ආර්ථිකය තුල බලවතුන් ලෙස සැලකෙන ඇමරිකාව යුරෝපය ජපානය ආදී රටවල් වල වගේම ලෝකය තුල සිදුවන වැදගත් ආර්ථික දේශපාලනික වගේම යුධමය තත්ත්වයන් පිලිබදව කෙරෙන අධ්‍යයනයක් තමයි Fundamental Analysis කියන්නෙ. Technical Analysis එක්ක සසදල බලනකොට Fundamental Analysis කියන්නෙ ඉතා සංකීර්ණ දෙයක් ඒ වගේම හොද පුහුණුවක් සහ පලපුරුද්දක් අවශ්‍ය වෙනව Fundamental Analysis සදහා.

Sentiment Analysis

Forex Market එකේ අපි වගේම තව දස දහස් ගණනක් Traders ල ඉන්නව.ඉතින් ඒ එක Trader තුල Market එක ගැන තියන අදහස පිලිබදව විශ්ලේශණය කරන එක හදුන්වන්න පුලුවන් Sentiment Analysis කියල.ඉතින් Fundamental Analysis වගේම මේකත් ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්.

ඉතින් අද පාඩම මෙතනින් ඉවර කරන්නම්.මම මේ ලිපි ලියන්න ගොඩක් මහන්සි වෙනව ඒක නිසා මේවා ඔයලගෙ යාලුවො අතරෙ Share කරල සප් එකක් දෙන්න කියල ආදරෙන් ඉල්ලනව,ඒ වගේම ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා පහලින් Comment කරගෙන යන්න.

අලුත් පාඩමත් අරගෙන ඉක්මනින්ම ඔයාල මුණගැසීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නව.ජය වේවා.

පිවිසෙන්න අපගේ බ්ලොග් අඩවියට.
https://forexlankasinhala.blogspot.com/
Sign In or Register to comment.