Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

Good Items to Start eBay - ඊබේ පටන්ගනිද්දී ලිස්ට් කරන්න හොඳ මොනවගේ අයිටම්ස්ද ? - #TipsFromDesha - 04

edited August 21 in Ebay Selling
image

අගක් මුලක් නෑ වගේ හිතනවා නං - මචන් මේ යන්නේ OECSL ග්රූප් එකේ ගියපු පොස්ට් වල කොපියක්. මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියනවා නං කොමෙන්ට් එකක් දාලා තියන්න. රිප්ලයි එකක් දෙන්නන්.

හරි... මම අන්තිම පොස්ට් එකේ කිව්වනේ ඊබේ පටන්ගනිද්දී කරන්න හොඳ අයිටම්ස් කීපයක් ගැන කියන්නන් කියල.

මචන් එකට කලින් පුංචි ගෝල්ඩන් රූල්ස් කීපයක් අපේ / උඹලගේ භාෂාවෙන් කිව්වොත් බයිලා කීපයක් කියන්න හිතුනා. මේවා බයිලා කියල හිතෙයි. ඒ උනාට මචන් පොඩ්ඩක් හිතට ගනින්. පොඩ්ඩක් නෙමේ හොඳටම හිතට ගනින්. ❤❤❤

💝 මචන් ඊබේ කියන්නේ මාසෙන් සල්ලි හම්බකරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අවුරුද්දක් දෙකක් තිස්සේ මහන්සියෙන් ඉවසීමෙන් කරොත් තමයි උඹලට ගොඩයන්න පුළුවන්.

💝 ඉක්මනට සෙලින් කරන්න කියල ෆේක් ෆීඩ්බෑක් ගන්න හදන්න එපා. මගෙන් ඉන්බොක්ස් අහපු උන්ට මම කිව්වෙත් මචෝ එහෙම ගන්න එක රිසක් එකක්. පුළුවන් තරම් ජෙනුයින් (පුළුවන් තරම් නෙමේ බං 100%) වැඩේ කරන්න බලහන්. ජිල්මාට් එහෙන් මෙහෙන් තියනවා තමයි. ඒ උනාට අර ඇඟිල්ල ගහන්න දුන්නම *** අරින්න යන සීන් වගේ ඒවා කරොත් මචෝ උඹලට අපිටමයි පාඩු.

💝 මචන් පොඩි ෆෝකාස්ට් එකක් දෙන්නන් ඒකෙන් අයිඩියා එකක් ගනින්. උඹ ඊබේ සෙලින් පටන්ගත්තේ ලඟදි නම් උඹට ෆීඩ්බෑක් 10ක් විතර වගේ නං තියෙන්නේ... උඹේ එකවුන්ට් එකත් දවස් 30ට විතර අඩුනන් ලොකු ගේමක් ගහන්න යන්න එපා. උඹට මාසෙකට සේල්ස් 5ක් 10ක් ආවා කියන්නේ සුපිරි. නෙගටිව් ගන්නේ නැතුව / කේස් දාගන්නේ නැතුව උඹ මාස 3ක් විතර ඇදන් පලයන්.

💝 ඊටපස්සේ උඹට පුළුවන් අයිටම් වල ගාන වැඩිකරන්න. එහෙම උනත් උඹේ රේටින් හොඳ නං ලිස්ටින් එක උඩ එනවා කියන්නේ දවසකට සේල් 5ක් 10ක් සුවර් පිට සුවර්. (ලිස්ටින් 20ක් විතර තියන එහෙක). අවුරුද්දක් විතර යනකන් හැමතිස්සෙම ට්‍රයි කරහන් ගාන අඩු අයිටම්ස් කරන්න. ඒ කියන්නේ ඩොලර් 5, 10 විස්සේ කෑලි..

💝 ඔහොම ඇදන් යද්දී ලිමිට් වැඩිවෙද්දී පුළුං තරම් ලිස්ට් කරහන්. ස්ටෝර් එකේ අයිටම් වැඩිවෙන්න වැඩිවෙන්න බිස්නස් කන්වර්ශන් එකත් හොඳ වෙනවා. අයිටම් 250ක් විතර උඹ ලිස්ට් කරා කියන්නේ අනිවා දවසකට සේල් 10ක් 20ක් විතර වදිනවා. මේ වෙද්දී උඹට දවසකට ඩොලර් 10ක් විස්සක් ප්රෝෆිට් වදින්න පුළුවන්. (ලොකු අයිටම් නෙමේ පොඩි අයිටම් වලින්)

💝 අවුරුද්දක් විතර පැන්නට පස්සේ ලොකු (ඊබේ උන් කියන විදියට හයිඑන්ඩ්) අයිටම්ස් කරන්න ගනින්. එටකොට උඹ එෂ්ටබ්ලිෂ් නිසා ඊබේ එකෙන් ඉන්වොයිස් අරව මේවා ඉල්ලලා වද දෙන්නේ නෑ. හැබැයි ඉතින් එක රැයින් අර පොඩි අයිටම් අයින් කරලා ලොකු ඒවා ලිස්ට් කරන්න එපා.... ඒකත් ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ගානට කරහන්.

❤❤❤ මේ ඔක්කොම කියන්නේ අපේ සමහර උන් කරන්නන් වාලේ කිසිම පරිස්සමක් නැතුව කරොත් හොඳට කරන එකාටත් වැඩේ අවුල් වෙන නිසා... මොන හරි තේරෙන්නේ නැත්නං මැසේජ් එකක් දහන් මචන්.... වෙලාවක් ආපු ගමන් ඩෙෆා රිප්ලයි එකක් දෙන්නන්.

🤐🤐🤐 හරි බයිලා ඉවරයි. මෙන්න මේවා එක්ක පටන්ගනින් මුලදී...

1. අලුත් එකවුන්ට් එහෙකට මුලින් ඕනේ ෆීඩ්බෑක් නේ. හරි සල්ලිත් අතේ නැත්නං අයිටම්ස් ගන්න විදියකුත් නැත්නං ෆීඩ්බෑක් හදාගන්නේ මෙහෙමයි.

2. උඹල දන්නවනේ වර්චුවල් අයිටම්ස්. ඒ කියන්නේ PDF / වෙබ් ඩොමේන්ස් / වෙබ්සයිට්ස් කොටින්ම කිව්වොත් සර්විස් රිලෙටඩ් අයිටම්ස්.... මේවා ibeඊබේ එකෙත් විකුනන්න පුළුවන්. හෝව් හෝව්... ලිස්ට් කරන්න දුවන්න නෙමේ පොඩ්ඩක් හිටහන්. ඉවර නෑ.

3. අර උඩ කියපු වර්චුවල් අයිටම්ස් ලිස්ට් කරද්දී පරිස්සමෙන් කරන්න ඕනේ මචං. මොකෝ ඊබේ ඇල්ගොරිදම් එක කට්ටි අපිට වඩා... උන් ටක් ගාල ඩිටෙක් කරනවා අපි මේ කරන්නේ ෆීඩ්බෑක් මැනිපියුලේෂන්වැඩක් කියල. උඹ pdf අයිටම්ස් 10ක් විතර ලිස්ට් කරන්න හැදුවොත් උන් ඩෙෆා උඹව බ්ලොක් කරයි. සමහර වෙලාවට දෙවැනි එක දාද්දීම පොල්ලෙන් ගහන්න වගේ කියනවා උඹ මේ ගේමක් ගහන්නේ ඔය වැඩේ නවත්තපන් කියල...

4. ඊබේ එකේ හොඳට රිසර්ච් කරහන් මොනාද වැඩිපුර විකිනෙන PDF එහෙම කියල... ඔය PDF ටියුටෝරියල් එක එකා තම තමන්ගේ අයිඩියා එක්ක විකුනනවා.... හොඳට හොයල බලල උඹේම මොකක් හරි එකක් හදාගනින් ගූගල් වලින් අරෙහෙන් මෙහෙන් විස්තර අරගෙන.... (මිනිස්සු ගනී කියල හිතෙන දේවල් වෙන්නත් ඕනේ මචන්...) ලිස්ට් කරහන්.

5. ඊළඟට මචන් බිස්නස් වලට ඕනේ කරන පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් කෑලි විකුනන්න පුළුවන්. උඹල එහෙම ඒවා දන්නවා නං ලිස්ට් කරලා මාකට් කරහන්.

6. ඊළඟට ඊබේ ලිස්ටින් / ෂොප් ටෙම්ප්ලේට්.... මේකත් හොඳ බිස්නස් එක... උඹට වැඩේ පුළුවන් නම් සාම්පල් හදලා ලිස්ට් කරහන්....

7. මේ උඩ කියන ඒවා එහෙකටවත් උඹෙන් අතින් සත පහක් කෝස්ට් වෙන්නේ නැතුව කරන්න / විකුනන්න පුළුවන්. ඉතින් එහෙම එකක් ට්‍රයි කරන එක පාඩුවක් නෑ මචන්.

8. මේ උඩ කියපු දේවල් එකක්වත් උඹට කරන්න බැරිනං.. උඹ කම්මැලියෙක් මචං. 🛀🛀🛀
මොකෝ PDF වැඩේ කරන්න ඕනේ එකෙක්ට පුළුවන්. හරි උඹ ඒවා එහෙකටවත් කැමති නෑ කියමුකෝ. එහෙනං ඉතින් උඹට ෆිසිකල් අයිටම්ස් වලටම බහින්න වෙනවා.... අතේ ඩොලර් ටිකක් තියෙන්නත් වෙනවා...

9. අලිබබා අලිඑක්ස්ප්‍රස් බැන්ගොඩ් වගේ ඒවගේ පොඩ්ඩක් කරක්ගහපන්. බෙස්ට් සෙලින් / ට්‍රෙන්ඩින් අයිටම්ස් කීපයක් හොයාගනින්. ඒවා ලිස්ට් කරහන්. ලොකු ගණන් නෙමේ පොඩි ගණන් වල ඒවා.

10. එහෙම කරද්දී ඩ්‍රොප්ෂිප් කරන එකෙක් සෙට් උනොත් ඌත් එක්ක කතා කරහන්. ඌ දන්නවා මොනාද ෆාස්ට් ලයින්ස් කියල. මොකෝ උන් බිස්නස් එකේ ඉන්න උන් නේ...

11. ගූගල් දෙයියා තමයි කෝකටත් තෛලය. ඊබේ බෙස්ට් සෙලින් හොයන්නේ කොහොමද කියල ගූගල් කරහන්. සමහර ටූල්ස් ඇති. පොඩ්ඩක් බලහං ඒවා ට්‍රයි කරලා විස්තර ගනින්. (සමහර වෙලාවට මම දන්නෙත් නෑ මචන්... ඉතින් මැසේජ් කරාම දන්නේ නෑ කිව්වොත් තරහ වෙන්න එපා.)

12. හැබැයි ඉතින් උඹ මේ ලිස්ටින් දාල මාසයක් දෙකක් යනකන් සේල් නැතිවෙයි. මචන් ලිස්ටින් එක ඩවුන් කරන්න එපා.... ටයිටල් එක වෙනස් කරහන්. ඩිස්ක්රිප්ෂන් එක වෙනස් කරහන්. වෙබ්සයිට් වගේම කීවර්ඩ් කියන එක මේකෙත් වැදගත්.... හැම එකාම eBay.com කරන නිසා උඹ ඕනේ නං eBay.co.uk ට්‍රයි කරහන්. එක්කෝ වෙන ඊබේ සයිට් එහෙක ට්‍රයි කරහන්.

ඔන්න මචන් ඕවා තමයි උඹ පටන්ගැන්මේ කරන්න ඕනේ දේවල්.ඊළඟට මචන් ගොඩක් උන් අහලා තිබ්බා, මැසේජ් තොගයක් තිබ්බා ඩ්‍රොප්ෂිපින් කරන ට්‍රස්ටඩ් උන් දන්නවද කියල. කීපදෙනෙක් දන්නවා මචන්. ඒත් මචන් මම මෙතන උන්ව මාකට් කරලා බිස්නස් එකක් කරන්න ගත්තොත් ඒක එතිකල් නෑනේ. දැනගන්න ඕනේ එකෙක් ඉන්නවා නං මැසේජ් එකක්දහන්. මම කන්ටැක් එක දෙන්නන්. උඹල කතාබහ කරලා සෙට් කරගනින්.

මේ පොස්ට් එක කරේ උඹලා අහපු ප්‍රශ්නත් එක්ක ගැලපෙන විදියට. මොනාහරි තියනවා නං කොමෙන්ට් එකක් දහන් මචන් (හොඳම දේ කොමෙන්ට්... එතකොට ගොඩක් උන්ට තියන ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා)... එක්කෝ මැසේජ් එකක්.... එතකොට උඹලට ඊළඟට කියල දෙන්න ඕනේ මොකද්ද කියන එක අයිඩියා එකක් එනවා. මම ඒ ගැන ලියන්නන් ඊළඟ එකෙන්.

(මේ ඉමේජ් එක ගූගල් කරලා ගත්තේ... ඒකෙ තියන ඒවා ඇත්තද නැත්තද දන්නේ නෑ මචං)

Comments

Sign In or Register to comment.