Cryptocurrency Auto Pilot | Smart Trading

Disclaimer

For Educational Purpose Only. This is not a Investment Advise.


Crypto කිව්ව ගමන් මොකක්ද ඔලුවට එන්නේ. currency value එක අඩු වුනාම ලග තියාගෙන value එක වැඩි වුනාම විකුණන එක (HODL ) . ඕක තමයි සමාජ පොදු මතය. ඔතනින් එහාට ගියාම ALT Coin Flipping කරන අයත් ඉන්නවා. ඒ දෙක ගැනම ගොඩක් දේවල් තියෙනවා සිංහලෙන්ම ඉගෙන ගන්න. ඉතින් මේ කියන්න යන්නේ කව්රුත් වැඩිය කතා නොකරන Crypto Auto Trading ගැන. Algorithmic Trading කිව්වොත් තවත් ලේසි වෙයි වචනේ අහලා තියෙන නිසා Forex කරන අය එහෙම.

මුලින්ම කියන්න ඕනි Auto Trading කිව්වට. 100% ඔහේ දාල තියන්න බැහැ . අපේ interaction එකත් ඕනි. අනික මේවා High Risk investment. Invest කරන කෙනෙක් දෙපාරක් හිතලා තව පාරක් හිතලා තවත් පාරක් හිතලා Invest කරන්න ඕනිම දේකට . Don't invest what you can't afford to lose .

මේ කියන්න යන්නේ Crypto Currency Bots ගැන. දැනට Market එකේ තියෙන Bot මේවා

1. Profit Trailer (https://profittrailer.com/)
2. Crypto Hopper (https://www.cryptohopper.com)
3. 3Commas (https://3commas.io)
4. Shrimpy (https://www.shrimpy.io/)
5. Haas Bot (https://www.haasonline.com/)

Open Source

1. Gekko (https://gekko.wizb.it)
2. Freqtrade (https://github.com/freqtrade/freqtrade)
3. Hummingbot (https://hummingbot.io )

මේ ප්‍රසිද්දම ඒවා. සාමන්යෙන් මේ හැම එකක්ම Target කරන්නේ Premium Customers ලා . ඒ කියන්නේ ගාන සැර වැඩි. Subscription fees. මොකද සාමන්යෙන් Crypto niche එකට එන customer base එක සල්ලි තියෙන අය . එකයි ලංකාවේ වගේ රටම මේවා වැඩිය ප්‍රසිද්ද නැත්තේ.

මෙතනින් Features වැඩිය ප්‍රසිද්දම (අද දවස වෙද්දී) එක තමයි 3Commas එක. හැබැයි වැඩිම කාලයක් ප්‍රසිද්දව තිබ්බේ Profit Trailer. මම අද ඒක ගැන Review එකක් කරන්නම්.

මොනාද ඕනි වෙන්නේ Crypto Bot එකකට

1. Crypto Exchange Account එකක් (API හරහා තමයි Bot එකට connect වෙන්නේ )

# Binance
# Bittrex
# Poloniex
# Bitmex
# Kucoin
# Huobi

2. 24/7 Turned on Computer with Internet

# VPS
# Raspberry Pi

3. Crypto Bot Subscription එකක්

# License Subscription
# License Key
# Signal Subscription

4. Settings / Strategy for Bot

මුලින්ම වැඩේ කරන්න කරලින්. Final output එක. එහෙම නැත්නම් Fully Functional Bot එකක් මොන වගේද බලන්න මේ පහල ලින්ක් එකට යන්න.

http://demobots.profittrailer.com/fibdaytrader.htm

image

image

සුන්දරයි , ලස්සනයි ලේසි වගේ පෙනුනට මෙතන තමන් මහන්සි වෙන්න ඕනි ටිකක්. (මහන්සි නොවී Signal subscription use කරන්නත් පුළුවන්) . ඔය ක්‍රම දෙකටම කරත්. Forex, Binary Option වල වගේ Strategy එක ගැන ඔයා දැනුවත් වෙන්න ඕනි.

මේ Thread එකෙන් කරන්නේ Introduction එකක් විතරයි. interested අය ඉන්නවා නම් තව එකකින් පැහැදිලි කරන්නම් තියෙන ප්‍රශ්න අහන්න.

මේ වචන මොනාද කියලවත් අඩුම තරමේ ඔයාට දැනුමක් තියෙන්න ඕනි Crypto Bot එකක් use කරන්න හිතනවා නම්

Trailing
SOM (sell only mode)
Total Current Value
DCA ( Dollar cost average)
Bags
PBL (possible buy log)
Pending Orders

මේ ටිකක් කිව්වේ Basic දේවල්. Crypto Bot එකක් හිතන්නේ කොහොමද කියලා මේ පහල උදාහරණයෙන් බලන්න පුළුවන්

image

ඉතින් දැන් තේරෙනවා ඇති ටිකක් ඔයාට දැනුම තියෙන්න ඕනි Bot එකක් use කරනවා නම්. මන් පහලින් උදව් වෙන ලින්ක් ටිකක් දැන්නම් වැඩි විස්තර හොයන අයට. උදව්වක් ඕනි වුනොත් අහන්න . Help එකක් දෙන්නම්.

මුලින්ම Bitcointalk , Medium articles කියවන්න . Reddit බලන්න. තව විස්තර ඕනි නම් මේ ලින්ක්

Profit Trailer Support
https://discordapp.com/channels/379028286405214229/547558550591766530

Profit Trailer Wiki
http://wiki.profittrailer.com

Bot එකක් use කරන හැමෝටම එන ප්‍රශ්නේ තමයි Settings . මේකට Google කරපු ගමන් Crypto Gnome , Crypto Face , Crypto Boss , Crypto Set , Crypto Crow මේ වගේ ගොඩක් අය ගැන දැනගන්න ලැබෙයි. හැබැයි ගොඩක් Settings Outdated. එක නිසා පරිස්සමෙන් use කරන්න.

තව දෙයක් Profit Trailer වලින් උපරිම ප්‍රතිපල ලබාගන්න නම් Addons ඕනි වෙනවා. (අත්‍යවශ්‍යම නැහැ )

PT Feeder https://cryptoprofitbot.com/
PT Defender https://www.ptdefender.com/
PT Magic https://github.com/Legedric/ptmagic

ත්‍රෙඩ් එක මෙහෙම ඉවර වෙද්දී. Craig Wright ගැන හිත හිත ඉන්න කාලේ මොන Crypto ද කියලා හිතෙන අය සහ මේ ගැන දැනුමක් නැතුව අදුරේ trade කරන්න ඉන්න අය අපහු Disclaimer කියවන්න.

For Educational Purpose Only. This is not a Investment Advise
Tagged:
Sign In or Register to comment.