Youtube Advice

ඉස්සරලම පටන් ගමු යූ ටියුබ් එකෙන් දැන් ගොඩක් අය මේක කරනවනේ කොටින්ම හැමෝම හදන්නේ Youtube එකක් හදාගෙන ගොඩයන්න ඒත් ඒක එහෙමද? Youtube ගොඩ යන්න හිතනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක් හැබැයි. එතකොට ඇයි අපි Youtube යන්නේ අපි යනවා අනුන්ගේ කුණු හොයන්න එතකොට දැන් හදිස්සි සිදු වීම් ලීක් සින් වලට පටස් ගාලා හොයන්නේ Youtube මිට අමතරව ප්‍රධානම එක අපි අපේ ආතල් එක ගන්න යන්නේ Youtube සින්දු අහන්න්න ජෝක් බලන්න ගේම් ප්ලේ බලන්න. ඒවගේම දැනුම ලබාගන්න යනවා තාක්ෂණය ඉවුම් පිහුම් සෞඛ්‍ය තොරතුරු වගේ දේවල්. එච්චරද නෑ ලයිව් බලන්නත් පුළුවන් ඕනෙම වෙලාවක ලයිව් කරන්න පුළුවන් Youtube එකේ. ඉතින් උදේට උයාගෙන කන්න දන්නේ නැත්තම් Youtube දවල් ට රෙදිහොදන්න දන්නේ නැත්තම් Youtube රෑට මහන්සි අරින්න ඕනේ නම් Youtube. ඉතින් Youtube එකෙන් සල්ලි හොයන පුලුවන් ඒ කොහමද? Youtube එකේ වීඩියෝ එක්ක දැම්මම ඒකට යන ඇඩ් වලට සල්ලි එනවා ඉතින් අපේ ලංකාවේ කට්ටිය ගෙදර බල්ලාගේ ඉඳල Youtube කරනවා හබැයි වැඩේ සාර්ථකයි ද? Youtube නිකන් Job එකක් වගේ පේනවද? Youtube කරලා ද ජිවිත කාලෙම කන්න බොන්න හිතාගෙන ඉන්නේ? ලංකාවට අපේ රටේ බශාවට AdSense නැති වුනේ සෝමාලියා කාරයෝ වගේ AdSense හදල ෆේක් ක්ලික් ගත්ත නිසා කවුරුවත් හිතුවේ නෑ එත් බ්ලොග් කාරයෝ සේරම වැනසිලා නැත්තට නැති වෙලා ගියා. මොලේ තිබ්බ උන් Youtube එකට පැන්න දැන් Youtube එකට ඉස්සරහට මොනව වෙනවද කියලා දැන්ම ඉඳන් කියන්න පුළුවන්.

ඉතින් Youtube එකෙන් සල්ලි හම්බෙන්නේ කොහමද මෙහෙමයි කාලයක් ගොඩක් අය ජොලියට Youtube කරා ඒ කට්ටිය නොහිතපු විදියට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයකුත් එයාලට හම්බුනා ඒවිතරක් නෙමේ රුපවාහිනී නාලිකා පස්සේ යන්නේ නැතුව තමුන්ගේ ටැලන්ට් එක පෙන්නන්න Youtube ප්‍රයෝජනවත් උනා ඒවිතරක් නෙමේ සින්දුවක් හදාගන්න දන්නේ නැති ලංකාවේ උන් Youtube වලින් පිටරට සින්දු කොපි කරලා සින්දු හදලා ජනප්‍රිය වුණා. ඉතින් Youtube එකේ තියෙන චැනල් එකක අපිට කැමති වැඩසටහන් යනකොට අපි ඒක පස්සෙම නිතර දෙවේලේම යනවා අද වීඩියෝ එකක් එයි ද හෙට දායි ද? ඉතින් මම කැමතිම වැඩසටහනක් තමයි The Proper People කියන එක සහ Janai Priyai කියන චැනල් එක (ගෘප් එකේ චැනල් දෙකක් ප්‍රොමෝට් වෙනවනම් ඇඩ්මින් මට කියන්න මේ දෙක කපලා හදන්නම්) ඉතින් මේකේ තියෙනවා සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එකක් ඒක එබුවම අපි ෆේස්බුක් පේජ් එකකකට ලයිකරා වගේ තමයි බෙල් මාර්ක් එකක් තියෙනවා ඒක එබුවම මට එයාලා වීඩියෝ එකක් දැම්ම ගමන් ම ඊමේල් එක එනවා ඒවගේම Youtube වීඩියෝ එකට අකමැති නම් ලයික් අන්ලක් කරන්න පුළුවන් පල්ලෙන් කමෙන්ට් කරන පුළුවන්. ඒවගේම ගොඩක් Youtube චැනල් වල ඇඩ් යනවා එකෙන් සල්ලි හම්බෙනවා. ඒවගේම ලොකු සබ් ඉන්න Youtube එකකට එක එක සමාගම් වලින් ඇඩ් හම්බෙනව. ඉතින් අන්න එතන තමයි අපේ උන් හා ගත්ත තැන මම බලන චැනල් දෙකේ ම අවසානේ තමයි සබ්ස්ක්‍රයිබ් එකත් තප්පර ගානක් ඒවගේම ඇඩ් යන්නේ නැ The Proper People ලා ඒගොල්ලන් ගේ ස්පොන්ස් කරන ඇඩ් එකක් අවසානෙට දානවා ඉතින් මට මේ චැනල් දෙක කරදරයක් නැතුව බලන්න පුළුවන්. මම ආසයි මේකේ අරමුණ හොදයි මම කැමති. ඒවගේම තමයි පිටරට ගොඩක් ප්‍රසිද්ද Youtuber ලා ඔන්ලයින් ආවම ලොකු ගණන් වල ඩොනේෂන් පවා හම්බෙනවා ඒක ලංකාවට වැඩ ද දන්නේ නැහැ වෙන රටවල නම් මම දැකලා තියෙනවා අපිට උනත් කියක් හරි දෙන්න පුළුවන්.

මිනිස්සුන්ගේ අදහස් විවිදා කාරයි මම බලන එකට වෙන කෙනෙක් කැමති නෑ එයා බලන එකට මම කැමති නෑ ඉතින් Youtuber කෙනෙක් වෙන්න නම් අපි දෙන්න ඕනේ ආතල් එක අදුර ගන්න ඕනේ නැත්තම් අපි අපේ ආතල් එක පෙන්නන්න වීඩියෝ එකක් කරන්න ඕනේ එකට ෆෑන් බේස් එකක් හැදෙනවා ඇඩ් එනවා කාලයක් කාලයක් යනකොට පිළිගැනීමක් එනවා. ඒක දකින අයත් මටත් මේවගේ හැකියාවක් තියෙනවා මාත් පටන්ගන්න ඕනේ කියලා එයත් Youtuber කෙනෙක් වෙනවා කට්ටිය හොඳනම් බලනව ඉතින් මේවගේ Youtuber කෙනෙක් වුනාට පස්සේ ඒ චැනල් එකේ මාව සබ්ස්ක්රයිබ් කරනන් බෙල් බටන් එක ඔබන්න කියලා පටන්ගන්නකොටම ම කෑගහල වද දීලා ඒ අස්සේ ඇඩ් පහක් හයක් වගෙ යනකොට අපිට පිස්සු හැදෙනවා. ඒවගේම බාලංසේ එකෙක් වගේ Youtube එකේ පොඩි දෙයක් කියලා අපිව සබ කරන්න කියලා තොර තොරතෝංචියක් නැතුව කියවලා මගේ මෙසේන්ජර් එකට මැසේජ් දානකොට මල පයින්නේ නැද්ද කියහන්කෝ. මගේ යාලුවෙක් උනත් මම උව සබ් කරන්නේ නෑ අනික මම Youtube එකෙන් දෙන Adblocker එක පාවිච්චි කරනවා. ඒක නිසා මට ඇඩ් පෙන්නේ නෑ. දැන් එතකොට මේවගේ සබ්ස් හිඟා කාලා Youtube එකේ පිස්සු කෙලලා තමයි මුන් ගොඩයන්න හදන්නේ. ඊට පස්සේ සල්ලි හම්බෙලා මොකක් හරි ගත්තොත් එකත් මේකේ දාලා මන් මේක ගත්තා අරක ගත්තා රටටම පෙන්නන්න හදනවා. එකෙන් කියන්නේ තමුන්ගේ ලොකුකම පෙන්නන හදනව. බලන්න පරණ Youtube කරන අය කීදෙනෙක් ඉන්නවද ලංකාවේ තමන්ගේ ලොකු කම පෙන්නන්නේ නැතුව වීඩියෝ කරගෙන යන තමන්ට බැන්න අයට තමන්ගේ චැනල් එක පාවිච්චි කරලා රිපීට් බයින රටක් අද Janai Priyai වගේ චැනල් කියක් තියේද අපේ රටට ආඩම්බර වෙන්න පුළුවන්.

ඊළඟට මම මේ ගෘප් එකට එන්නම් මේ ගෘප් එකේ අපි මොනවද කරන්නේ? අපි අපේ සේවාවන් විකුනනවා අපි දන්නේ නැති අයට කියලා දෙනවා අපි ගොඩට එන්න ඕනේ අයට අත දීලා ගොඩ ගන්නවා ඊට පස්සේ සමර මේකෙන් ගොඩ ගියපු උන් මේකටම ඇවිල්ල කෙලිනවා ආයේ තව මනුස්සයෙකුට කන්න ඉඩ තියන්නේ නෑ. මේකන් ම Youtube ඉගෙන ගෙන මේකෙම ඇවිල්ල වීඩියෝ දානවා සබ්ස් ගන්න උගන්නනවා කියල මේකෙම ඇවිල්ල Youtube වීඩියෝ දානවා පොඩි හෑල්ලක් ලියාගෙන උ දන්නෙත් නෑ එකෙන් මොකක්ද කරන්නේ කියලා අපිට උගන්නන්න එනව. එහෙම කරනවා නම් මේ ගෘප් එකට අලුතෙන් ආව මම ඒක කරන්න ඕනේ මගේ එකකට මට ලයික් කමෙන්ට් එන විදියට මට සබ් කීයක් එනවද මම ගෘප් එකේ දැම්ම පොස්ට් කීයක මම සමහර තැන් පෙන්නන්න බැරුව ෆොටෝ එකක් වත් නොදා අමාරුවෙන් තේරුම් කරපු තැන් තියෙනවා මට වීඩියෝ එකක් දැම්මනම් ඇත්තටම මිට වඩා හොඳට කියලා දෙන්න පුළුවන් නමුත් මම ඒක ගෘප් එකෙන් පිට තියාගන්නවා. මේ ගෘප් එකේ මම මගේ සේවාවන් විකුණන අතරේ මට පුළුවන් දේවල් මම කියල දෙනවා එකනේ වෙන්න ඕනේ. අපි දන්නා දේවල් කියල දෙන්න නේ ඕනේ Youtube තියෙනවා වීඩියෝ ඕනෙම දෙයක් ඒක හොයාගන්නත් මිනිස්සු දන්නවා ඉතින් එතකොට ඒක මේකේ දාන්න ඕනේ නැනේ. දෙයක් පෙන්නන්න ඕනේ නම් තමුන් දාන පොස්ට් එකේ ලින්ක් එක දැම්මට ගැටළුවක් වෙන්නේ නැනේ නමුත් Youtube ගොසිප් වගේ කොහොමද අපි ඊබේ සස්පෙන්ඩ් වෙන්න නැතුව නැතුව කරන්නේ කියලා වීඩියෝ එකක් මේකේ දැම්මොත් එකේ සත්‍ය තාවයක් තියේ ද? ඊබේ කියන එක]සස්පෙන්ඩ් වෙන්නේ නැතුව තියෙන්නේ නැනේ.

කොහොමද YouTube කරන්නේ සල්ලි හොයන්නේ ?

මම මේ දේවල් කියන්නේ හැදෙන්න හැදෙන එකා හැදෙයි නැති එකා ඕනේ එකක් කරගනියි තමන් ගේ වයස යනවා රස්සාවක් කරන්න ඕනේ සල්ලි හොයන්න්න ඕනේ සමාජෙට මම Youtuber කෙනෙක් වෙලා හොඳ දෙයක් දීලා කාටවත් කරදරයක් වෙන්නේ නැතුව Youtube කරන්න හිතන අය බලන්න ලංකාවේ ඉන්නවා අද කොච්චර උඩට ගිහින් ද එදත් එහෙමයි අදත් වෙනසක් නෑ.

Youtube කරන්න හරිම ලේසි කැමරාවක් ඕනේ නැහැ Youtube එක ඉස්සරහට එන්න ඕනේ නැහැ කතා කරන්න ඕනේ නැහැ Youtube කරන්නේ තමන් ගේ දක්ෂතාවය මත තමුන්ට යම්කිසි පිරිසකට දෙන්න ඕනේ කියලා හිතෙන දේ තමන් දන්න දේ Youtube වීඩියෝ එකක් කරා නම් ඒක තමයි ජනප්‍රිය වෙන්නේ තමන්ට කැමති පිරිස තමන් වටා එක්රොක් වෙන්නේ මම කඩේට ගිහිල්ල ෆෝන් ඒකක ඩිස්ප්ලේ මාරු කරන්න ගලවනකොට ඕනේ ටෙක්නික් ගන්නේ Youtube එකෙන් එතකොට ඒ වීඩියෝ එක ඔයාගේ එක නම් මට ඒවගේ වීඩියෝ දිගටම ඕනේ අන්න ඒවගේ අවශ්‍යතාවය මත පදනම් වූ Youtube වීඩියෝ එකක් වෙන්න ඕනේ ඒක තමයි නිකන් ම සබ්ස් ලා හැදෙන ක්‍රමය ඊට පස්සේ තමයි අනික්වා එහෙම නැතුව ගොබ්බ වීඩියෝ එකක් දාලා ඒක SEO කරාට වැඩක් නෑ සල්ලි කොච්චර ආවත් වැඩක් නැහැ එකේ කිසි පැවැත්මක් නැහැ.

YouTube SEO ඒ කියන්නේ optimizing your channel කියන තේමාව keywords ideas ගැන දැනුවත් වෙන්න ඕනේ චැනල් එකට වීඩියෝ එකක් දාන කොට මිනිස්සු ඔයා වීඩියෝ කරන කැටගරියේ වචන ටයිප් කරන්නේ කොහමද සිංහල හෝ ඉංග්‍රීසි වේවා "how to remove iphone 6s display" කියල ගුගල් එකේ ගැහුවම iPhone 6S Screen Removal කියලා වීඩියෝ එකක් එනවා ඒකට ලයික් නෑ ලික් 18ක් වගේ තියෙන්නේ කමෙන්ට් 3ක් තියෙන්නේ විස්තර දාලා තියෙන්නේ How to remove your iPhone 6S screen for replacement or other repairs. For parts and tools visit කියලා විතරයි හැබැයි ඔය මාතෘකාවේ සහ විස්තරයේ මම ගැහුව වචන තැන් නැත් වල තියෙනවා නේද තව එකක් බලමු "haw to remov my iphon 6s dispaly" මම ඔය ගහලා තියෙන ඉංග්‍රීසි වැරදි හැබැයි ගුගල් පට් ගාල හොයල දෙනවා. අපි ගහමු ඕක Youtube ඔන්න කලින් තිබ්බ එකම නෙමේ හැබැයි අපිට සමාන වීඩියෝ එනවා YouTube SEO ගැන මම දන්නේ නැහැ නමුත් ඔයා YouTube මාතෘකාව දානකොට එදිනෙදා ගොඩක් පිරිසක් වැඩියෙන් ම ටයිප් වෙන වචන හොයාගෙන ඔයාගේ නමට පුළුවන් තරම් කෙටි කරලා දාගන්න. ඊට ඊටපස්සේ යටින් පොඩි සාරාංශ විස්තර කැල්ලක් දාල ඕනේ නම් # ටැග් දාගන්න ඊටත් යටින් හොඳ ෆුල් විස්තරයක් දාගන්න මේකට අර එදිනෙදා මිනිස්සු පාවිච්චි කරන වචන වැඩියෙන් ම අහුවෙන්න දාගන්න විස්තරේ ලස්සන වෙන්නේ ඕනේ කිවර්ඩ් වැටෙන්නත් ඕනේ ඉතින් ඒ විතරක් මදි කමෙන්ට් කරන අයට හොඳට කතා කරන්න හැමෝටම රිප්ලයි දාන්න කමෙන්ට් වැඩි වෙනකොට වීඩියෝ එකත් SEO වෙලා උඩට එනවා. එච්චරයි මේ ටික හරියට වෙනවනම් නිකම්ම ඔයාගේ YouTube එක ඔයාට සල්ලි හොයල දෙන්න පටන් ගන්නවා හැබැයි අවුරුදු කිහිපයක් යනවා ඒකට දවසින් දෙකෙන් නම් වෙන්නේ නෑ ඒක නිසා YouTube එකේ අද ඇවිල්ල රඟන්න ලෑස්ති වෙන්න එපා කවදාවත් ගොඩ යන්න නම් වෙන්නේ නැහැ.

ඉතින් වැඩිපුර විස්තර කියන්න ඕනේ නෑ උදුවක් ඕනේ අය පල්ලෙන් කමෙන්ට් කරන්න මම හෙල්ප් එකක් අනිවා දෙනවා
Sign In or Register to comment.