eBay Amazon Paypal මොනවද ? ඩ්රොප් ශිපින් කියන්නේ මොනවද ? SE

Second Edition

Readme First:

මේ ලිපිය පළකරන්නේ Online Entrepreneurs Club™ එකේ නිසා මෙහි සම්පුර්ණ අයිතිය මේ ගෘප් එක සතු කරනවා. මෙම ලිපිය ශෙයා කිරීම, වෙනස් ස්ථානවල පල කිරීම සපුරා තහනම් වන අතර මේ ලිපිය අන්තරජාලය හරහා භාණ්ඩ විකිනම, මිලදී ගැනීම පිළිබඳව සම්පූර්ණ දැනුමක් ඔබට ලබාගැනීමට සකස් කර ඇත. නිරන්තරයෙන් ඔබට ඇතිවන සියලුම ගැටළු මෙම ලිපිය කියවීම මගින් නිරාකරණය කර දෙන අතර ලිපි කිහිපයක් මගින් යාවත්කාලින කරනු ලැබේ. මෙම ලිපි ඔබේ ව්‍යාපාරය ආරම්භයට මූලික අඩිතාලමයි මෙතනින් පසු ඔබ තනිව ඔබේ ගැටළු නිරාකරණය කර ඔබේ ඉදිරි ගමන යාමට සිදු වේ.

Warning:
ඔන්ලයින් ව්යාපාර ස්ථිර ව්යාපාරක් නොවේ එය දිනෙන් දින වෙනස් වේ. ඔබට කාලයෙන් කාලයට වෙනස් ව්යාපාර වලට යොමුවීමට සිදුවේ නැත හොත් ඔබේ ඔන්ලයින් මුදල් පැමිණීම නතරවූ දිනෙක ඔබට සිදුවන්නේ කුමක් ද ? උදාහරණයකට ගත්තතොත් ඔබට මුදල් පැමිණෙන පේපැල් ගිණුම් යම් දිනෙක වසා දැමුවා හොත් ඔබට සිදුවන්නේ කුමක්ද කියා ඔබ සිතුවාද ඔබේ ගුගල් ඇඩ් ගිණුමට ඔබේ යූටියුබ් ගිණුමට යම් දිනෙක මෙය සිදුවිය හැක එම නිසා ඔබ සැබෑ ලෝකයේ ස්ථිර ඔබේම ව්යාපාරයක් ආරම්භ කරන්න නැතිනම් ඔබේ මුදල් වලින් ඔබ ව්‍යාපාරයක් මිලට ගන්න එවිට ඔබේ අදායම ස්ථිරයි මන්ද අප ඔන්ලයින් සේවා සිදුකරන්නේ යම්කිසි සමාගමක් පාදක කොට ගෙනයි ඒම සමාගම් ඔවුනගේ අභිමතය පරිදි ඔවුනගේ නීතිරීති ක්රියාත්මක කරමින් ඔවුන්ගේ ව්‍යාපාරයට ස්ථිරව මුදල් ගලා ඒමට සකස් කර ඇත ඔබ එහි වැලිකැටයක් පමණයි. සෑම ව්‍යාපාරයක් ම එකම විදියට පවතින්නේ නැහැ ඉස්සරලාම පරිඝනකය අත්‍යවශ්‍ය වුනා නමුත් දැන් ජංගම දුරකථනය නොමැතිව ඔබට කිසිවක් කල නොහැකියි මෙන්න මේ වගේ ලෝකය වෙනස් වෙනවා අපි දන්නේ නැහැ ඉස්සරහට මොනාද එන්නේ කියලා නමුත් පෙර සුදානමක් සහිතව වැඩ කරන්න.

Story:
ඊබේ කියන්නේ මොකද්ද එකේ තියෙන අපි නොදන්න පැතිකඩ මොකද්ද ඊබේ වලින් බෑන් වෙන්නේ ඇයි කියන එකට හේතු ටිකක් විතර වගේ දැනගන්න ඇති නමුත් මේ ලිපියෙන් තමයි මන් හොඳම හරිය කියන්න යන්නේ. දැන් අපි අලුතෙන් ඊබේ වගේ අන්තර්ජාතික ඔන්ලයින් වෙළඳ පොළකට යොමු වෙනවනම් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න අඩුම තරමේ අපි ඊබේ බයර් කෙනෙක් හැටියට ඉන්නවා නම් අපිට ටිකක් අවබෝදයක් තියෙනවා ඊබේ සෙලර් කොහොම කෙනෙක් ද කියන එක ඒ අතරේ සස්පෙන් උන අය දන්නවා ඇයි ඊබේ එකෙන් ඔයාව අයින් කරේ කියලා එහෙම නොදන්න නොතේරෙන අයත් ඉන්නවා නම් එයාලට කියන්න තියෙන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග එක නිසා කරනදේ හරියට දැනගෙන කරන්න.

ඉතින් අපි පරණ දේවල් අයින් කරලා වර්තමානයේ තියෙන විදියට ඊබේ ගැන කතාකරමු මම කියලා දුන්නා අයිපි ගැන ට්‍රැකින් කුකීස් ගැන හැබැයි ඔයාලා දන්නේ නතුව ඇති අලුත් ක්‍රෝම් අප්ඩේට් එක එන්නේ ඔයාගේ ලොකේෂන් ට්‍රැකින් කරන්න වෙනම ඔප්ෂන් එකක් එක්ක ඒවගේම පරිශීලකයා ගේ විස්තර වෙබ් අඩවියට පරිෂා කරලා බලන්න පුළුවන් වෙන්න පහසු කරලා කියලා. ඒවගේම ඔයාගේ වින්ඩොස් 10 ලැප්ටොප් එකටත් ලොකේෂන් ඔන් කරන්න පුළුවන් නිසා මේ ලොකේෂන් ට්‍රැකින් හොඳට වැඩ කරනවා. මෙන්න මේ හේතුව නිසා ඔයා ඊබේ එකෙන් පන්නපු කෙනෙක් නම් පරිගණයක ෆෝමැට් කරලා ආයෙත් අලුතෙන් හැදුවට පරණ විස්තර ඊබේ මාට්ටු උනොත් කෙලින්ම දොට්ට් ඒක නිසා මේ ට්‍රැකින් නැති විදියට මේවා හදාගන්න නැත්තනම් ට්‍රැකින් කරන්නේ නැති වෙබ් බ්‍රවුසර් එකක් බාවිතා කරන්න මතක තබා ගන්න.

ඊබේ එකෙන් බඩුවක් ගන්නකොට අපිට ඊබේ ගිණුමක් ඕනෙද ඇත්තටම නැහැ ඊබේ වත් පේපැල් ගිණුමක් වත් ඕනේ නැහැ. අමුත්තෙක් හැටියට බඩු ගන්න පුළුවන් එකට හේතුව ඊබේ පේපැල් වලින් සස්පෙන්ඩ් කරපු අය නැවත බඩු මිලදී ගන්න මේ වෙළඳ පොලට ගෙන්න ගන්න කරන උපක්‍රමයක් තමයි ඒක. නැත්තන් මේ ගොල්ලන්ට සෙලින් පැත්ත විතරක් වහලා අපිට අපේ ගිණුමෙන් බයි කරගෙන යන්න දෙන්න පුළුවන් ද ? පුළුවන් එත් මේගොල්ලන් ගේ කපටි වැඩක් මේක නමුත් බොහොමයක් ඊබේ පිළිබඳව කලකිරිලා ඉන්න නිසා ඉදිරියේ දී ඊබේ වලට අනිවාර්යෙන් ම අබියෝගයක් එනවා කියන එක හැමෝම අනුමාන කරන දෙයක් වගේම දැනටමත ඊබේ ඊබේ වලට අභියෝග කරන වෙබ් අඩවි කිහිපයක් ම ඔවුන්ගේ ජනප්‍රියතාව ගොඩනගාගෙන යනවා. ඒවත් මේ ඊබේ වගේ තමයි නමුත් දැනට අපිට ගෙවීම් කරන එක පිළිබඳව යම් යම් ගැටළු තියෙන නිසා ඒ සයිට් වලට අපිට තාම සේලර් හැටියට එකතුවෙන්න බැහැ

ඉතින් ඊබේ බයර් කෙනෙක් වෙන්න ඕනෙනම් මුලින් ම කරන්න ඕනේ මොනවද ? ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය මුරපදය ඔයාගේ පදිංචි ලිපිනය සහ ඔයාගේ බැංකු කාර්ඩ් පත. සස්පෙන් වුන කෙනෙක් නම් මේ දේවල් යොදාගෙන බයි කරන්න බැහැ ගොඩක් වෙලාවට කලින් තොරතුරු දුන්න ගමන් සස්පෙන් වෙනවා ඒක නිසා මම කලින් කියපු විදියට ගෙස්ට් එක පාවිච්චි කරලා බඩු ගන්න වෙන්නේ.

ඔන්න අපි ඊබෙ එකට යනවා www.ebay.com
ඊට පස්සේ වම් පැත්තේ උඩම Hi! Sign in or register කියන එකෙන් register කියන එක තෝරාගන්නවා ඊටපස්සේ අපේ මුල් නම අවසාන නම සහ විද්‍යුත් තැපැල් ලිපිනය මුරපදය ඇතුලත් කරලා create account දෙනවා එච්චරයි. දැන් අයෙත් අර වම් පැත්තේ උඩ Hi! හායි කියලා ඔයාගේ නම එනවා මවුස් එක එතනට අරන් ගියාම පොඩි කොටුවක් එනවා එකේ Account settings කියන එකට යන්න දැන් වෙනස් වින්ඩෝ එකක් එනවා ඒ පැත්තේම පල්ලෙන් My eBay Views කියලා පල්ලට එක එක විස්තර ඇති Personal Information කියන එක ඔබන්න එතකොට ඔයාගේ ගිණුමේ විස්තර එනවා. Account Information කියල පලවෙනි කොටසේ තියනව

Account type / User ID / Password / Secret questions / About Me page ඉතින් මේවා වෙනස් කරනන් පුළුවන් Account type එක ව්‍යාපාර ද තනි පුද්ගල ද කියල හදාගන්න ව්‍යාපාර ගිණුමක් නම් අදායම් බදු ව්‍යාපාර ලියාපදිංචිය ඉල්ලනවා සෙල් කරනකොට ඉල්ලුවොත් දෙන්නත් වෙනවා ඒවගේම බඩුවක් විකුණන දැම්මම ඒ භාණ්ඩයේ යටින් ව්‍යාපාර නම ස්ථානය බදු අංකය වගේ වැටෙන්න හදන්නත් පුළුවන් වෙනවා. තනි පුදගලනම් මේවා මුකුත් ඕනේ වෙන්නේ නැහැ ඒත් සෙල් කරනවා නම් පොඩි දේවල් ටිකක් අහනව ඉස්සරහට කියනන්ම්. User ID එක අවශ්‍යනම් වෙනසක් කරගන පුළුවන් ඒක සෙලර් කෙනෙක් විදියට ඉතින් වැදගත් වෙනවා. Secret questions / About Me page කියන දෙකම අනිවාර්යෙන් පුරවන්න මොකද එකක් ගිණුම හැක් කරොත් අවශ්‍ය වෙනවා අනික සේලර් ගැන තොරතුරු බලන අයට වැදගත් වෙනවා. දැන් අපි බඩුවක් ගණන් ගියාම සෙලර් කෙනෙක් ගේ අයිඩී එකෙන් එයාගේ පේජ් එකට ගියාම මන් පහලින් දාලා තියෙනවා වගේ වැකි සෙලර් ලාගේ පේජ් වලට දාගෙන තියෙනවා.

"LEARN FROM THE BEST.Learn from the world’s greatest minds.To date we have created online classes taught by Online Marketing Experts,Top entrepreneur, Industry Experts and we’re just getting started!"

ඉතින් මේවගේ එකක් දාගන්න එකේ වැදගත් කම තමයි බයර්ට ඔබව හඳුන්වා දීම. ඔයා මොනවද කරන්නේ රට කොහෙද වගේ ඒවා හොයාගන්න ලේසි වෙන්න තමයි ඉතින් දාන්නේ.

මේ ටිකහරිගස්සලා ඊට පල්ලෙන් තියෙනවා Email and Contact Information කියල කොටසක් එතන Registered name, address and phone number එකට දකුණු පැත්තේ අයිනේ තියෙනවා Create කියලා ඒක ඔබලා ඔයාගේ ලිපිනය දුරකතන අංකය සඳහන් කරන්න. Provide your contact info පොඩි කොටුවක් එනවා එතන තමයි දෙන්න ඕනේ පිටරට වලට ලිපිනයන් සියල්ලම වගේ එතකු කරලා තියෙනවා මාර්ගයේ ලිපිනය ගහපු ගමන් ඉතුරු ටික ඔටෝ ගන්නවා ලංකාවේ නම් එහෙම නැහැ අපිට සේරම ගහන්න වෙනවා. සමහර විට දුරකථන අංකය එකතු කාරාම කෝඩ් එකක් එවයි ඔයාගේ ජංගම දුරකතනයට හැබැයි ඔයාලට පෙනෙයි පොඩ්ඩක් යටින් තියනවා I only have a landline කියලා එකට වෙරිෆිකේෂන් කෝඩ් එන්නේ නැහැ බොරු අංකයක් වුනත් දෙන්න පුළුවන් හැබැයි පරිස්සමෙන් මොකද වෙන ඊබේ එකක් තියෙන කෙනෙක් ගේ නම්බර් එකක් දුන්නොත් ඔයා ඉවරයි.

දැන් අපහු My eBay Views වල තියෙන My Account එක එබුවා ඒ පේජ් එකේ ඇති PayPal account information කියල එකක් එතනට ගිහින් Link your existing PayPal account කියන තැනින් ඒ බටන් එක ඔබලා ඔයාගේ හදපු පේපැල් එක ඇඩ් කරගත හැකියි. හදලා නැතිනම් Sign up එකක් දාලා හදාගන් පුළුවන් මේකට ඔයාට ඕනේ කරනවා අලුතින් ඔන්ලයින් බැංකු කටයුතු කරන්න පුළුවන් කාර්ඩ් එකක් ඕනෙම බැංකුවකින් ගන්න පුළුවන් නමුත් පිලිපීන කියන රට තමයි තාමත් අපේ අය මේ සල්ලි යවන සල්ලි ගෙන්න ගන්න පුළුවන් පේපැල් ගිණුමක් හදන්න පුළුවන් රට විදියට භාවිතා කරන්නේ එකට හේතුව ලනක්වේ සමහරක් බැංකු වලින් දෙන කාර්ඩ් වෙන රට වලට පේපැල් වලට දාන්න බහ ලනක්වේ සමහරක බැංකුව වල තියෙන කාර්ඩ් මේ පිලිපීන ගිණුමට එකතු කරන්නත් බැහැ මම අත්දැකීමෙන් දන්නා දෙයක්. පේපැල් එකට කාර්ඩ් වෙරිෆිකේෂන් වලට වලංගු වන රටවල් කිහිපයක් තියෙනව

https://www.paypal.com/cgi-bin/webscr

මෙන්න මේ ලින්ක් එකෙන් බැලුවකි ඒ රටවල් මොනාද කියල.

පේපැල් ගැන සේරම පස්සේ කියන්නම් හොඳේ ඉතින් දැන් මෙන්න මේ විස්තර ටික සම්පුර්ණ ද බලන්න Email and Contact Information දුන්නා Secret questions ටික එකතු කරා පිලිපින් පේපැල් එක එකතු කරා මේ ටික හරි නම් බයි ඇන්ඩ් සෙල් දෙකම රෙඩි වෙලා තියන්නේ මිලදී ගැනීමක් විතරක් කරනවා නම් ලංකාවේ පේපැල් එකක් දෙන්න එතකොට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ.

(පොඩි දෙයක් කියන්න ඕනේ මන් මෙතන මොබයිල් ඩිවයිස් වලින් ඊබේ කරන හැටි ගැන මෙතන ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් ඔයාලට මම ඉහත සඳහන් කරන විස්තර අනුව හොයාගෙන ගිහිල්ල වැඩේ කරගන්න පුළුවන් මොකද මොබයිල් ඇප් හදලා තියෙන්නේ පරිශීලකයාට පහසු වෙන ව්දියට. ප්‍රශ්න කියන ඒවා තියෙන්නේ විසඳ ගන්න )

දැන් අපි කතා කරනවා ඊබේ භාණ්ඩ මිලට ගැනීම ගැන. භාණ්ඩයක් ඊබේ වලින් ගන්නවා නම් ගන්න සෙලර් ලා තුන්දෙනෙක් ඉන්නවා.

Top Rated – You're one of the best sellers on eBay, providing an exceptional quality of customer service, as well as meeting minimum sales requirements for Top Rated Seller level. If you're a Top Rated Seller, you're also eligible for Top Rated Plus listing benefits as long as you meet the listing qualifications

Above Standard – You're meeting our minimum standard for sellers, and looking after your customers well

Below Standard – You're not meeting one or more of our minimum requirements for customer service quality

Top Rated / Above Standard / Below Standard මෙන් මේ තුන්දෙනා තමයි ඊබේ එකේ සෙලින් කරන සෙලර්ලා

ඉතින් අපි කතා කරමු කොහමද අපිට ඕනේ කරන භාණ්ඩය ඊබේ වලින් හොයා ගන්නේ. මම Above Standard සෙලර් ඊබේ එකට ඇවිල්ල දවස් තුනයි සාමාන්යෙන් මට තියෙන්නේ ලංකාවේ ගිණුමක්. මම විකුනනවා WD 3.0 External Hard drive Casing එකක් හැබැයි Below Standard / Top Rated සෙලර් ලා මේ අයිටම් එක සුපිරියට විකුණන අය‍. ඔයා තමයි බයර් WD 3.0 External Hard drive Casing ඔයගේ රටේ තියෙනවා අඩුවට ගන්න පුළුවන් අල්ලපු පරිගණක ස්ටෝර්ස් එකෙන් පටස් ගාලා ගන්න පුළුවන්. නමුත් ඔයාට තියෙනව ඊබේ ඔයා ටිකක් ඔන්ලයින් බලලා ඊබේ වලත් දැන් හොයනවා හේතුව ඔයා කඩේකට යනවා බඩු බලනව ඔයාට ඕනේ කරන එක නැහැ එක්කෝ ගෙන්න ගන්න නැත්තනම් කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕනේ අනික ටිකක් මිලෙන් වැඩියි. ඉතින් ඔයා Hard Drive Enclosure හරි නැත්තන් HDD Case කියලා ගහනවා හැබැයි ඔයාට අවබෝදයක් නැහැ ඔයාගේ අතේ තියෙන හර්ඩ් එකට මේ කෙස් එක ගැලපෙනවද කොහමද හරි එක හොයාගන්නේ කියලා තෝරන්න පටන්ගන්නවා මුලින් ම එන ලිස්ට් එකේ තියනව සෙලර් ලා තුන් දෙනෙක් Top Rated ඊටපස්සේ එනවා සාමාන්‍ය සෙලර් ඉතින් අලුතෙන් අයිටම් එකක දැම්මම මටත් පුළුවන් පලවෙනි පේජ් එකට එකට යන්න. දැන් පළවෙනියට Top Rated Plus සෙලර් ගැන සඳහන් කරන්න ඕනේ මෙයාලා ඊබේ කාලයක් ඉඳලා හොඳ නමක් හදාගෙන ඉන්න සේලර් ලා මෙයාලගෙන් ප්‍රශ්නයක් උනොත් සල්ලි කෙලිම්ම ගත්තැකි අනික බඩුවක විස්තරය නියමෙටම දානවා ඉතින් බය නැතුව බඩු ගන්නවා නම් Top Rated කියලා ඊබේ බඩු ගන්න අය දන්නවා. අනිත් සෙලර් දෙන්නටම ෆීඩ් බැක් එකක් වත් නැත්තන් රේටින් වත් නැත්තම් වේලෙන්න තමා තියෙන්නේ.

හොඳයි මම මේ සේරම කැපිලා යන්න හොඳ තරඟයක් දෙන්න නම් මගේ අයිටම් නම Hard කියලා ගැහුවත් පෙන්නන්න හදාගන්න ඕනේ දැන් අපේ කැටගරි එක Computers/Tablets & Networking>Drives, Storage & Blank Media>Drive Enclosures & Docks කියන එක එතකොට Hard drive Casing කියලා දැම්මම හරිද ? කොහෙත් ම නෑ කැටගරි එකේම "Drive Enclosures" කියලා ඉතින් මම wd hard drive case කියලා සරලවම ගුගල් ගහනව ගහලා සෙලින් වෙබ් සයිට් කහිපයක WD 3.0 External Hard drive Casing එකක් නම් කරලා තියෙන්නේ කොහමද කියලා බලනවා ඔන්න මම කිවර්ඩ් තුනක් හොයාගන්නවා Enclosure/Element/External Hard Drive Case ඉස්සරලා ඊබේ මම ටෙස්ට් කරන්න නමක් හදාගන්නව Western Digital Elements Portable External Hard Drive Case USB 3.0 Enclosure කියන එක මේ නමට Top Rated සෙලර් ලා අහුවෙනවා පේජ් තුනක වත් බඩු එනවා මම සර්ච් කරනකොට මේ සම්බන්දයෙන් ප්‍රධානම කිවර්ඩ් තමයි දාලා තියෙන්නේ මගේ නේම් එක ඔකේ. ඊටපස්සේ මම ගුගල් වලින් අරන් පොටෝ දාන්නේ නෑ හොඳට පැහැදිලි බොක්ස් එකත් එක්ක අයිටම් එක තියෙන පොටෝ එකක් ගහලා තමයි දන්නේ. ඊට පස්සේ ඉතින් හර්ඩ් ඩිස්ක් එකේ විස්තර තමයි දාන්න තියෙන්නේ.

Condition:- Brand New (අලුත් භාණ්ඩයක් ද පරණ පාවිච්චි කරපු එකක් ද කියලා මෙතනින් දැම්මකි)

Additional item specifics

මෙතන දාන්න ඕනේ මොඩල් එක පාට හැඩය වර්ගය මොන බ්‍රෑන්ඩ් එකද වගේ බයර් ට අයිටම් එක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් විස්තරයක් තමයි දාන්න ඕනේ මන් පහලින් දාලා තියෙනවා දළ අදහසක් ගන්න පුළුවන් වෙන්න

Brand - Western Digital

MPN -

UPC -

Model - WD 3.0 Element

Interface USB 1.0/1.1, SATA II, USB 2.0, SATA III, SATA I, eSATA

To Fit - 2.5" Drive

Features - Shock Resistant, USB-Powered

Color - Black

Interface - USB 2.0, USB 3.0

Type - Portable External Case/Enclosure

Product Line - Elements

Country/Region of Manufacture - China

ඉතින් මෙතන + Add custom item specific කියලා එකක් තියෙනවා ඒකෙන් පුළුවන් ඔයාලට තව කැමති දේවල් හදල දාගන්න විශේෂ යමක් තියේ නම් එකට අදාළ Brand නම් Brand කියල දාලා ඊට පස්සේ වර්ගේ දානවා. ඉතින් මෙතනින් පස්සේ Additional item description කියන බොක්ස් එකට ඔයාලා හොඳ විස්තරයක් දාන්න ඕනේ භාණ්ඩයේ සම්පුර්ණ විතරයක් හරියට Top Rated සෙලර් ගේ වගේ HTML වලිනුත් මේක හදාගන්න පුළුවන් වඩාත් ලස්සනට එකට eBay HTML Template Generator නොමිලේ දෙන ඒවා තියෙනවා ගුගල් ගැහුවම සයිට් එනවා ඒවගේ පොටෝෂොප් වගේ හදලා කෝඩ් එක කොපි කරලා මෙතෙන්ට දාන්න විතරයි තියෙන්නේ.

Selling details දාන්න

auction style (ලන්සු තියනවා )/fixed price (ස්ථිර මිලක් දානවා)/classified ad (ඇඩ් එකක් දානව)

Duration කියන තැනට ඔයා ඇඩ් කරන භාණ්ඩය දවස් 30 කින් විකිනුනේ නැත්තම් විකුනුන් නැති බඩු ගොඩට වැටෙන්න දාගන්න පුළුවන් Good 'Til Cancelled දැම්මොත් මම අයිටම් එක ඊබේ ප්‍රදර්ශනයෙන් ඉවත්කරන තුරු පෙන්නුම් කරනවා. auction වලට නම් ලන්සුව කල් ඉකුත් වෙන දිනයක් දැම්මැකි. Start my listings when I submit them කියන ඒකෙ ම තියන්න Schedule to start on දැම්මොත් පටන් ගන්න දිනයක් වෙලාවක් දෙන්න ඕනේ

Price මෙතනට මිල දාන්න Best Offer කියන එක දුන්නොත් බයර් ට ඔෆර් ගැහුවකි ඒ කියන්නේ අපි කඩේ විකුනනවා නම් 500ට කස්ටමර් ඇවිල්ල අහනව මුදලාලි 400ට කරමු කියලා අන්න ඒවගේ තමයි

Quantity දාන්න මම අලුත් නිසා මට දෙකයි දාගන්න පුළුවන් මම ඒ දෙක දානවා (පළමු භාණ්ඩය අලෙවි කල පසු මාස තුනක් යනකන් කැටගරි බ්ලොක් කරලා තියෙන්නේ මාස තුනකට පස්සේ ඒක අයින් වෙනවා නමුත් ඊබේ එකට කතා කරලා මට තව අයිටම් තුනක් දාගන්න බ්ලොක් එක අයින් කරල දෙන්න කිඋවොත් සමහර විට අහකරලා දෙනවා එතකොට මට මගේ ලිස්ටින්ග් 10ක් ෆ්‍රී නම් 10ම දැම්මකි ඊට පස්සේ ආයේ මේ අයිටම් එක ලිස්ට් කරාම ආයේ බ්ලොක් වෙනවා )

Sell as lot කියන්නේ හොල්සෙල් කරන්න පුළුවන් Allow buyers to remain anonymous to other eBay users කියන එක දුන්නම බයර් ට පුළුවන් මගෙන් බඩුවක් ගත්තොත් ඒ ගත්ත කට්ටිය බැලුවකි නේ ඒ කියන්නේ 5,470 sold කියල වැටෙන තැන එබුවම ගත්ත අය ගේ නම ගත්ත ප්‍රමාණය බැලුවකි මේ පල්ලෙන් පේනවා වගේ private listing -- buyers' identities protected කියන එක වැටෙනවා අතන හරිය දැම්මම නැත්තනම් ඔයාගේ බයර් ලා ගේ යුසර් නේම් එක ඔතන වැටෙනවා බයර් ලා කැමති පෞද්ගලිකව බයි කරන්න එක නිසා අනිවරෙන් දාන්න ඕක

User ID-private listing -- buyers' identities protected

Buy It Now Price-US $0.99

Quantity-1

Date of Purchase-Aug-01-19 19:25:51 PDT

Make a donation කැමත්තක් ආධාර යන්නේ පිටරට කැන්සර් රෝහලට වගේම ළමා කටයුතු සඳහා ඕනේ නම් Or, select another nonprofit you love එකෙන් තෝරන්න පුළුවන් Donation percentage තියේ භාණ්ඩයේ විකිනුමෙන් සියට ගානක් ආධාර කරනවා කියලා තෝරන්න පුළුවන්

Payment options පේපැල් විතරයි තියෙන්නේ ඒක දීලා Require immediate payment with Buy It Now කියන එක දෙන්න එතකොට පෙන්ඩින් පේමන් එන්නේ නෑ මොකද සමහර ඕඩර් පස්සේ ගෙවන්න පුළුවන් වෙන විදියට දැම්මකි ඒක මහා කරදරයි ඇයි කියලා තේරෙයි කරගෙන යනකොට එක නිසා මතක ඇතුව දාගන්න Merchant Credit Card Options එකෙන් අපිට පේපැල් නැතුව කාර්ඩ් පේමන් දාගත්තකි Visa / MasterCard වගේ ඒවා පේපැල් නැති බයර් ලා ඩිරෙක්ට් කාර්ඩ් පේ කරනවා එතකොට. Receive payment upon pickup එහෙම්ම තියලා Sales tax (Charge sales tax for a single state or region, or set up a sales tax table for multiple states or regions. Learn more) කියන එක පුරවන්න එපා එකත් ඔහොම් තියන්න Return options ඔයාගේ භාණ්ඩය අපසු බාරගන්නවා ද

Domestic returns accepted

International returns accepted

දවස් තිහ හෝ හැටක් දැම්මකි බඩු යවල කේස් එකක් තිබ්බොත් බයර් ට පුළුවන් ආපසු අපිට එවන්න දින තිහක් හෝ හැටක් දැම්මකි. ඒවගේ ම Return shipping will be paid by: ආපසු එවීමේ ගාස්තු ගෙවන්නේ සෙලර් හරි බයර් හරි කියලා දාගන්න පුළුවන්

Replacement or exchange available කියන එකත් බඩු මාරු කරලා දෙනවා කියන එක තමයි

මම නම් මේ සේරම හදනවා මොකද බයර් බඩු ගන්න බය වෙන්නේ නැ එතකොට

Shipping details නම් කැමති විදියට දැම්මකි. Domestic shipping වලටයි International shipping වලටයි දාගන්න Flat: same cost to all buyers කියන එක ෆ්‍රී ෂිපින් දෙනවා නම් Services වල Stranded එකක් තෝරන්න Stranded ගොඩේ පලවෙනි එක දැම්මත් කමක් නැහැ ඊටපස්සේ Free shipping එකට හරියක් දාගන්න Handling time වලට ඔයාට බඩු පැක් කරලා තැපෑලට දෙන දවස් ගාන දාගන්න ගොඩක් වෙලාවට same business day දැම්මොත් වැඩ කරන වෙලාවල් දාගන්න ඕනේ හැබැයි ඒක හොඳයි 1 business day දැම්මත් ප්‍රශ්නයක් නැහැ එදාම බඩු යවන එක ඔයාට තමයි හොඳ.

International shipping වලදී Ship to Worldwide දෙන්න පුළුවන් නැත්තම් කස්ටම් ලොකේෂන් එකක් දාගන්න මේකෙත් Services එක Stranded/Economic/expedited international shipping කියන තුනෙන් කැමති එකක් තෝරලා දෙන්න Cost එකට 0.00 දාන්න එතකොට ෆ්‍රී ෂිපින් වෙනවා

දැන් ඔන්න ෆ්‍රී ෂිපින් හරි සල්ලි ගන්නවා නම් බඩු යවන්න Services වල Stranded දීලා Cost එකට ගාන දැම්මනම් හරි Offer additional service වලින් තව Services දුන්නකි මොනවද මේ Services කියන්නේ මේවා DHL වගේ ෂිපින් සර්විස් තමයි මෙතන තියෙන්නේ ඉතින් ඔයාලට මේවගේ එකකින් යවන්න පුළුවන් හැබැයි පට්ට ගණන් මේ සර්විස් මම Stranded දාන්න කිඋවේ අපි ලෝකල් තැපැල් යවන නිසා. එතකොට Ship to කියන එකට කස්ටම් ලොකේෂන් දාලා අපිට අපි බඩු යවන රටවල් ටික තෝරලා දෙන්න පුළුවන්. Offer another service වලින් Services දෙක තුනක් ඒ කියන්නේ තැපැල් ක්‍රම දෙක තුනක් දැම්ම්මකි ඔයා යවන්න අකැමති රටක් තියේ නම් Ship to Worldwide දාලා යටම තියෙන Exclude shipping locations කියන තැන යවන්න අකැමති රටවල් දැම්මනම් වඩා හොඳයි

Package weight & dimensions අඩිරූලක් අරගෙන පැකින් එකේ දිග පළල මැනලා (අනුමාන කරලා හරි ) අනිවරෙන් දාන්න නොදා ඉන්න පුළුවන් කැමති නම් Package type තෝරන්න ලියුම් කරවයක් ද පැක් එකක් ද ඊට පස්සේ Weight බර දාගන්න ගුගල් වල තියේ lbs සහ oz කියන ඒවා කිලෝ වලට හරවන්න කර්වයිටර් lbs කියන්නේ රාත්තල් oz කියනේ අවුන්ස මේකත් ඕනේ නම් නොදා හිටියැකි

Item location කියන තැන රට පළාත දැම්මකි උදා : China Honkong

Sell it faster වගේ ඒවා අනවශ්‍යයි ඔයා සල්ලි දීලා අකුරු බෝල්ඩ් කරනවා නම් උප මාතෘකා දානවා නම් Sell it faster දානවා නම් Fees එකතුව වැටෙනවා අවසානයට මම නම් ඔය මොනවත් දාන්නේ නැහැ මතක ඇතුව description වලට දාගන්න ඕනේ Return Accept කරනවා Money Back Guaranteed කියලා දැන් preview එකෙන් බැලුවකි අපේ වැඩ ටික හරියට වෙලා ද කියල පස්සේ එඩිට් කරනවා නම් Save as Draft දෙන්න ලිස්ට් අයිටම් කරපු ගමන් ම ඔයාගේ අයිටම් එක ලයිව් ගොඩට වැටෙනවා. හැබැයි පෙන්නන් දවසක් වත් යනවා සමහර වෙලාවට

ඉතින් මගේ අයිටම් එකේ නම හදල තියේ විස්තර දාලා තියේ ෂිපින් දාලා තියේ ඉතින් ටොප් රේටඩ් සේලර් වගේ මම දාපු ඒක අනිවරෙන් ඔයාගේ සර්ච් එකට අහුවෙනවා මයි ඒවගේ ම මම මගේ අයිටම් එකට පොඩි බැග් එකක් දෙනවා නොමිලේ free hard disk enclosure pouch එකක් දැන් එතකොට කාගේ එකටද වැඩියෙන් ම හිත යන්නේ මම පෝටබල් හර්ඩ් ඩිස්ක් කෙස් එක ගැන එකෙන් වෙන්නේ මොකද්ද දාන්න පුළුවන් හර්ඩ් මොනවද වගේ ලොකු විස්තරයකුත් දෙනවා ඔයාට වැඩේ පැහැදිලි වෙනවා ඔයාට ගැලපෙන එක මොකද්ද කියන මගේ භාණ්ඩයේ විශේෂත්වය් ඕනෙම එකකට ගැලපෙනවා කියන විස්තර දාලා තියේ. තව තෑග්ගකුත් දෙනවා අනික ෆ්‍රී ෂිප් ඉතින් මගේ අයිටම් එක අනිවර්න් ම ඔයාට අනිත් ඒවත් එක්ක විශේෂ එකක් මම කරලා පෙන්නනවා ඒවගේ ම අනිවාර්න්ම් ම දවස් 10ක් ඇතුලත මගේ පළමු සේල් එක වෙනවා.

හොඳයි අද දිග කතාවක් කරා ඊළඟ එකෙන් හම්බෙමු.

Comments

Sign In or Register to comment.