eBay Amazon Paypal මොනවද ? ඩ්‍රොප් ශිපින් කියන්නේ මොනවද ?

First Edition

Readme First:
මේ ලිපිය පළකරන්නේ Online Entrepreneurs Club™ එකේ නිසා මෙහි සම්පුර්ණ අයිතිය මේ ගෘප් එක සතු කරනවා. මෙම ලිපිය ශෙයා කිරීම, වෙනස් ස්‌ථානවල පල කිරීම සපුරා තහනම් වන අතර මේ ලිපිය අන්තරජාලය හරහා භාණ්ඩ විකිනම, මිලදී ගැනීම පිළිබඳව සම්පූර්ණ දැනුමක් ඔබට ලබාගැනීමට සකස් කර ඇත. නිරන්තරයෙන් ඔබට ඇතිවන සියලුම ගැටළු මෙම ලිපිය කියවීම මගින් නිරාකරණය කර දෙන අතර ලිපි කිහිපයක් මගින් යාවත්කාලින කරනු ලැබේ. මෙම ලිපි ඔබේ ව්‍යාපාරය ආරම්භයට මූලික අඩිතාලමයි මෙතනින් පසු ඔබ තනිව ඔබේ ගැටළු නිරාකරණය කර ඔබේ ඉදිරි ගමන යාමට සිදු වේ.

Warning:
ඔන්ලයින් ව්‍යාපාර ස්ථිර ව්‍යාපාරක් නොවේ එය දිනෙන් දින වෙනස් වේ. ඔබට කාලයෙන් කාලයට වෙනස් ව්‍යාපාර වලට යොමුවීමට සිදුවේ නැත හොත් ඔබේ ඔන්ලයින් මුදල් පැමිණීම නතරවූ දිනෙක ඔබට සිදුවන්නේ කුමක් ද ? උදාහරණයකට ගත්තතොත් ඔබට මුදල් පැමිණෙන පේපැල් ගිණුම් යම් දිනෙක වසා දැමුවා හොත් ඔබට සිදුවන්නේ කුමක්ද කියා ඔබ සිතුවාද ඔබේ ගුගල් ඇඩ් ගිණුමට ඔබේ යූටියුබ් ගිණුමට යම් දිනෙක මෙය සිදුවිය හැක එම නිසා ඔබ සැබෑ ලෝකයේ ස්ථිර ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න නැතිනම් ඔබේ මුදල් වලින් ඔබ ව්‍යාපාරයක් මිලට ගන්න එවිට ඔබේ අදායම ස්ථිරයි මන්ද අප ඔන්ලයින් සේවා සිදුකරන්නේ යම්කිසි සමාගමක් පාදක කොට ගෙනයි ඒම සමාගම් ඔවුනගේ අභිමතය පරිදි ඔවුනගේ නීතිරීති ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ව්‍යාපාරයට ස්ථිරව මුදල් ගලා ඒමට සකස් කර ඇත ඔබ එහි වැලිකැටයක් පමණයි. සෑම ව්‍යාපාරයක් ම එකම විදියට පවතින්නේ නැහැ ඉස්සරලාම පරිඝනකය අත්‍යවශ්‍ය වුනා නමුත් දැන් ජංගම දුරකථනය නොමැතිව ඔබට කිසිවක් කල නොහැකියි මෙන්න මේ වගේ ලෝකය වෙනස් වෙනවා අපි දන්නේ නැහැ ඉස්සරහට මොනාද එන්නේ කියලා නමුත් පෙර සුදානමක් සහිතව වැඩ කරන්න.

Special Note:
මේ Online Entrepreneurs Club™ එකෙන් ම ඉගෙන ගෙන මේකෙම බඩු විකුණලා ගොඩ ගියාට පස්සේ ලොකු ලොකු වැඩ කෑලි දාන අය ඉන්නවා මේ ගෘප් එකේ ඇඩ්මින් තුමා මේකේ විවෘත්තව සංවාදයක් ආරම්භ කරන්න අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා මොකද වෙන ලොකු ගෘප් වල පොස්ට් ඇඩ්මින් නොබල පලකරන්න බැහැ ඉතින් අපි ඒ ගැන ස්තුති කරන්න ඕනේ. ඒවගේම මේකේ ඉන්න ගොඩක් අය මේ ගෘප් එකේ අදාල නැති ඒවා දාන්නේ නැතුව ලස්සනට පිළිවෙලට මේ ගෘප් එක කරගෙන යනවා. ඒ අස්සෙම හැම තැනකම ඉන්නවා වගේ හොරු සෙට් එකයි කයිවාරු ගහන සෙට් එකකුයි ඉන්නවා මනුස්සයෙක් නොදන්නා දෙයක් ඇහුවම හිනා වෙනවා ඇත්තටම අපි ඒ දේ ගැන සැහෙන්න දන්නවා වෙන්න පුළුවන් නමුත් අලුත් කෙනෙක් ඇත්තටම ඒ දේ ගැන දන්නේ නැහැ අපිත් අද ඒ දේගැන හොඳට දන්නේ කවුරු හරි අපිට කියල දුන්න නිසා. සමහර අය බඩුවක් විකුනන්න දැම්මම ඒ බඩුවල මිලගණන් අහන්න ඉන්බොක්ස් කරන්න කියනවා එකට හේතුව තමයි ඒ බඩුව තවත් කෙනෙක් විකුනනවා ඊට වඩා අඩුවට තව කෙනෙක් ඇවිල්ල කියනවා අපෝ මුගේ ගණන් මන් ගත්තේ අරගෙන් මෙයාගෙන් මුගෙන් ගන්න පිස්සුද කියලා ඒ වැඩේ නැත්තට නැති කරලා දානවා. එහෙම කරන්න එපා එහෙම කියන අයගේ කතා අහන්නත් එපා සර්විස් ගැන කාගෙන් වත් අහන්න එපා ඔයාම හොයාගන්න මන් ඒ වැඩේ කරන්නේ කොහොමද කියලත් මේ ලිපියෙන් කියල දෙනවා. තවත් අය ඉන්නවා කුනුවට බඩුව ගන්නත් ඕනේ පස්සේ එකක් හරි අඩු නම් නැත්තටම නැති කරලා දාන්න හදන්නේ අතන මෙතන චීත්ත කෑල්ල වගේ කියෝනව එහෙම වෙන්න එපා. ඒවගේ අයට කියන්නේ කූඩැල්ලා කියලා. කූඩැල්ලා කියන්නේ අනුන්ගේ ලේ බිලා ජිවත් වෙන සතෙක් ඉතින් මේවගේ ගෘප් එකකින් වැඩක් අරගෙන එකට ගරහන්නේ නැතුව අලුතෙන් එන අයටත් තව ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට මෙතන තියල යන්න. මිල වැඩි නම් වැඩේ අසාදරනයි නම් ඉස්සරලා කතා කරලා ප්‍රශ්නේ පොඩියට විසඳගන්න එතකොට හැමෝම මිල දාල බඩු විකුනන්න පටන්ගනියි. So Don't Be a Leech

ඉතින් හැමෝටම ස්තුතියි අපේ ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ ජාත්‍යන්තරයේ ව්‍යාපාරයක් කරලා ගොඩ යනවා නම් ඒක තමයි අපේ ප්‍රාර්ථනය ! ඒවගේම බනින ඒවා හොඳ කියන ඒවා සේරම පල්ලෙන් දාගෙන යන්න වෙලාවක් තිබ්බොත් බලන්නම්.

Story:
මුලින් ම කතා කරමු ඉතිහාසය ඕනෙම දෙක ඉතිහාසය දන්නේ නැතුව අපි වැඩකට බැස්සට වැඩක් නෑ. මන් නම් පොඩි කාලෙමයි මේ සබ්ජෙක් එකට බැස්සේ එතකොට ෆේස් බුක් තිබ්බෙත් නෑ 4G තිබ්බෙත් නෑ තිබ්බේ 56 kbps modem තමයි වයිෆයි එහෙම එකක් දන්නෙත් නෑ පොන් එකෙන් නම් GPRS ඩිස්ප්ලේ කහයි අකුරු කලුයි ටීවී එකත් කළු සුදු වර්ණ බලන්න හම්බුනා නම් තිබ්බේ එකම එක පරිගණයක ඉස්සරෝම හම්බුනේ මට පෙන්ටියම් 3 පරිගණකයක් රැම් එක තිබ්බේ 64 හරි 32 හරි තමයි 128 ක එකක් ගහගත්තනම් ඉතින් සුපිරියට වැඩ ඉන්ටර්නෙට් දැකලා වත් නෑ එන්කාට (Encarta) තමයි ඉන්ටර්නෙට් ඉතින් මේ කලේ බදු ගන්න ඕනෙනම් අපි කඩේට ගියා ගත්තා ආව. සුපර්මාර්කට් දකලා වත් නෑ හෝම් ඩිලිවරි දන්නෙත් නෑ

1991 දී අන්තර්ජාලය ව්‍යාපාර වලට පිවිසීමත් සමග මේ ecommerce පටන් ගත්තා අන්තර්ජලය ඔන්ස්සේ කේබලයක් හරහා විද්‍යුත් පණිවිඩ යැවීමට වගේම භාණ්ඩ හා සේවා සේපයිමට පටන් ගත්ත කාලයයි මේ. දහස් ගණනින් සමාගම් තම ව්‍යාපාර පුළුල් කිරීමට අන්තර්ජාලය ඔස්සේ තම නිල වෙබ් අඩවි මගින් භාණ්ඩ හා සේවා සැපයීම ආරම්භ කරා. ඒ විතරක් නම් මදැයි ඉස්සරලම ඇමසන් කියන ව්‍යාපාර ගෙදරටම මේ අන්තර් ජලය ඔස්සේ සිඩි තැටි පොත් වීඩියෝ පට වගේ පොඩි දේවල් නිවසටම ගෙන්න ගණන් පුළුවන් වෙන ව්‍යාපාරක් ආරම්භ කළා මේක ඇමරිකාව විතරක් නෙමේ එංගලන්තය සහ ජර්මනිය දක්වා ව්‍යාප්ත වුනා ඕවර් සී එහෙමත් නැති නම් මුහුදු මගින් ගුවන් මගින් නිවසටම භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන් ලොව ප්‍රචලිතම ක්‍රමය ඇමසන් වුනා ඒ ව්තරක් නෙමේ ඒකාලයේ කහ කළු ඩිස්ප්ලේ තියෙන නොකියා පොන් එකෙන් GPRS පාවිච්චි කරලා ඇමසන් වෙබ් සයිට් එකට යන පුළුවන් වුනා. ඔන්න ඔහොම තමයි පටන් ගත්තේ හැබැයි අද ලොකුම e-commerce සයිට් එක වෝල්මාර්ට් එකට හේතුව ඇමසන් ව්‍යාපාරය කොටස් වෙළඳපොලට යොමු වීම. ඉතින් ස්පෑම් ඊමේල් එන්න පටන් ගත්තේ මීට කලින් හැබැයි දැන් ඊමේල් හරහා බදු විකුනන්න ඩිස්කවුන්ට් වගේ ඒවත් මේ ඊමේල් වලට එකතු වෙනවා ඉතින් ඇමසන් කාලයක් කරගෙන යනකොට ඊබේ එකත් මේ ඇමසන් ට අභියෝගයක් ලෙස ආරම්භ වෙනවා මේකත් එක්තරා ඇමරිකානු බහුජාතික සමාගමක්. හැබැයි පටන් ගන්නේ ඇමරිකානු programmer කෙනෙක් ඊබේ එන්නේ ලංසු තියලා භාණ්ඩ මිලට ගන්න වෙබ් අඩවියක් ලෙසට (AuctionWeb) පස්සේ තමයි සිල්ලර බඩු විකුනන්නේ ඉතින් මිලියන 12ක් විතර ඊබේ වල ලියාපදිංචිය අරගෙන තියෙනවා ඉතින් මේ කාලේ අන්තර් ජාලය හරහා මුදල් යවන්න පුළුවන් පේපැල් කියලා ක්‍රමයක් තිබිලා තියෙනවා ඉතින් ඊබේ බඩුගන්න මේ පේපැල් වලිනුත් ගෙවන්න පුළුවන් වෙන්න ඉස්සරෝම ඊබේ හදලා තියෙනවා පසුවට ඊබේ මේ සමගම මිලට ගන්නවා එකියන්නේ ෂෙයාර් සල්ලි වලට ගන්නවා කියන එක ඉතින් බඩු විකුනන්න පුළුවන් බඩු ගන්නත් පුළුවන් ඊබේ ඊබේ ඉතින් ජනප්‍රිය වුනා.

ඇමසන් ඊබෙ වෝල්මාර්ට් වගේ වෙබ් අඩවි වලින් බඩු විකුනන්න මෙච්චර පොර කන්නේ ඇයි ? දැම්ම ගමන් සුටුස් ගාලා විකිණෙනවා නේ හැබැයි අද වෙනකොට චීන තොග සමාගම් මේ වෙබ් අඩවි වල කුණු කොල්ලෙට බදු විකුනනවා ඒක නිසා අපිට මේ මර්කර්ට් වලට යනකොට අපේ බඩුගන්න බයර් ලා ඉන්නේ හරිම අඩු ප්‍රතිශතයක් සුද්දෝ චයිනා බදු වලට කැමති නෑ හේතුව බඩු තත්වයන් බාලයි ඉක්මනට කැඩෙනවා හැබැයි බැන බැන බඩු ගන්නවා. දැන් හිතමු අපි මෙහෙ ඉඳලා මොනවම හරි දෙයක් ඊබේ වල ලංසුවට දානව නැත්තන් ස්ථාවර මිල ගණන් යටතේ දානවා විදුලි බඩුවක් නම් ගේන්නේ කොහෙන්ද චීනෙන් එතකොට ඊබේ වල ඒ බඩුව අපිට වඩා තියේ ද නැද්ද ? අනිවාරෙන් ම තියෙනවා ගණන් අඩුයි නොමිලේ තැපැල් කරනවා අපි මෙහෙ ඉඳලා තැපැල් ගාස්තු ලියකියවිලි ගාස්තු බඩුවේ මිල ඒ විතරක් ද ඊබේ විකුණුම් ගාස්තු පේපැල් ගාස්තු එකතු කරලා බඩු විකුනන්න ගියොත් මොනවා වෙයි ද ? ඉතින් මේකට විසඳුමක් මට කියන්නකෝ මෙහෙන් ඒවගේම බඩුවක් හදල යවන්න හාපෝ කීයටවත් ඒක වෙන්නේ නෑ මොකද ලංකාවේ දේශපාලනය හැමදාම ව්‍යාපාර කන්න බදු ගහන්න ව්තරයි හිටියේ ව්‍යාපාර නැගිට්ටවන්න හිටියේ නෑ මොකද පිටරට කොම්පැනි වලින් කුට්ටිය එනවා අතටම. එහෙනම් ඉතින් අපි කරන්න ඕනේ චීනේ අඩුවටම බඩු විකුණන අර සෙලර් ට සෙට් වෙලා උ එක්ක කතා කරලා උට එහෙන්ම මට එන ඕඩර් තැපැල් කරනන් කියන එක තමයි. පස්සේ චීන හෝල්සේල් ව්‍යාපාරය අලි බබා ඊබේ වගේ අලි එක්ස්ප්‍රස් වෙලා ආවා මේකත් කාර්ඩ් එකෙන් ගැහුවා ඊබේ වගේ නෙමේ ගානත් අඩුයි ගෙදරටම එනවා. පස්සේ දැන් බඩු ගණන් අඩුයි නේ ඊබේ වල බඩු විකුනන්න පුළුවන් පේපැල් හදන්නත් ලේසි ලිමිට් සස්පෙන් කෙස් ඒකාලේ තිබ්බේ නෑ ඉතින් ඊබේ අයිටම් එකක් දැම්ම අලි එකෙන් යැවුවා සල්ලි ගත්තා ඔන්න ඩ්‍රොප් ෂිපින් හදුනා ඒ විතරක් නම් මදැයි. කොලිටි බඩු කියලා යවන්නේ මෙලෝ රහක් නැති ඒවා සෙලර් බඩු එවන රට වෙනස් ඊබෙ එකට ප්‍රශ්න ගොඩයි කොල්ලයි බල්ලයි සේරම ඔක්කොම හැත්තෑ බුරුත්ත ඊබේ එකේ කෙලින්ම යන්නේ කොපි පේස්ට්. ඉතින් ඊබේ එකේ නම කැත වෙන නිසා කස්ටමර්ස් ලා බේරගන්න ඕනේ නිසා බඩු හොඳ නැත්තනම් කෙලින්ම සල්ලි ආපසු දෙන්න ඕනේ සෙලර් වැරදි වැඩ කරොත් කෙලිම්ම ගෙදර යවනවා ආයේ පැත්ත පළාතේ පස් පාගන්න බෑ හැබැයි බඩු ගන්න එන්න පුළුවන් අමුත්තෙක් විදියට. අද වෙනකොට ඊබේ අකවුන් එකක් හදනකොට දන්නවා මූ මොකාටද එන්නේ කියලා හැරෙන තැපෑලෙන් ගෙදර යන්න වෙන්නේ.

ලංකාවේ අපිට ඊබේ කරන්න බැරිද ? ලංකාවේ අපිට ඊබේ ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තනි පුද්ගල ඊබේ ගිණුමක් ලෙස පුද්ගලික හෝ සංස්ථාවක් ලෙස විශාලව කරගෙන යන අයට ව්‍යාපාරික ගිණුමක් ලෙස ඊබේ වලට එකතු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට තනි පුද්ගල ගිණුමක් හැදුව ගමන් ම සස්පෙන් කරනවා ඒවගේ ම ඊමේල් එකක් එනවා සස්පෙන් කරපු හේතුව දන්වලා. ඊබේ ලගේ ඉස්සර තිබ්බ ගිණුම් දත්ත එක සමාන ලෙස පරික්ෂා කරන මෘදුකාංගයක් දැන් තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන් කෘතීම බුද්ධිය මේකෙන් අපි ඊබේ වල හොර විදියට හදන ක්‍රම සියල්ලම එකතු කරලා එහෙම ගිණුමක් ඔයා හැදුවොත් ඉක්මනටම අයින් කරලා දාන්න ක්‍රම තියෙනවා ඒක ඔයාගේ පරිගණකයේ සේව් වෙනවා කුකීස් ජාතියක් ඒවා මකන්න බෑ ෆෝමැට් නොකර මේ කුකී වගේම https://whatismyipaddress.com/
වලින් ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ අයිපී ලිපිනය දැන් තියෙන්නේ මොන රටේ ද කියන එක මේකත් මේ ගිණුම හදනකොට එයාල සේව් කරගන්නවා. https://www.whatsmybrowser.org/
මේ වෙබ්සයිට් එකට ගියාම පුළුවන් ඔයා භාවිතා කරන්නේ මොනවගේ වෙබ් බවුසර් එකක් ද ඔයාගේ මොනිටර් ප්‍රමාණය කොච්චරද වින්ඩෝස් ද වෙනත් ඩිවයිස් එකක් ද කියන එක මේ සිස්ටම් එක පාවිච්චි කරලා ඊබේත් ඔයාගේ මේ ඩේටා සේව් කාරනාව එතකොට ලිපිනය නම මේ සේරම ඊබේ තියෙන නිසා ඔය එකපාරක් හරි සස්පෙන් උනොත් අයේ හදන්න බෑ අලුතෙන් ගිණුමක් කෙලින්ම අතේ කෝට්. ඉතින් ඊබේ සස්පෙන්ඩ් වෙන්න ක්‍රම කිහිපයක් තියෙනවා හොඳට හදාගත්ත ඊබේ එකට අයිටම් එකක් දානකොට ඒක ඊබේ වල තියෙන අනිත් බඩු වලට වඩා මිලෙන් වැඩි නම් ඒ හා සමාන අනිත් බඩු සමග ගැලපෙන්නේ නැත්තනම් යම්කිසි කූට උපක්‍රමයක් කියල දැනුනොත් කෙලින්ම දොට්ට ඊළඟට බඩු යවලා බාල බඩු කියලා නෙගටිව් ෆීඩ් බැක් අවොත් සස්පෙන් කරන්න ඕනේ නෑ වහ කැවා වගේ තමයි හැබැයි චාන්ස් එකක් තියේ අවුරුද්දටම බයර් ට වැඳලා කරලා නෙගටිව් එක හරිගස්ස ගන්න feedback revision request 5ක් දෙනවා එකක් යවන්න පුළුවන් නෙගටිව් එක හරිගස්ස්නා කියලා එකත් දවස් දහයයි දෙන්නේ බයර් හැදුවේ නැත්තන් ආයේ යවන්න බෑ බඩු බනිස්. ඊළඟට ඩ්‍රොප් ශිපින් කරලා අහුඋනොත් එලවනවා හැබැයි ඊබේ එක ඩ්‍රොප් ශිප් ක්‍රමයක් දෙනවා ඒක අවුලක් නෑ මන් පහලින් දැන්නම්

Drop shipping, also known as product sourcing, is when you buy stock from a supplier and work with them to send items directly to your buyers without ever handling them yourself.

Drop shipping, where you fulfill orders directly from a wholesale supplier, is allowed on eBay. Remember though, if you use drop shipping, you're still responsible for the safe delivery of the item within the time frame you stated in your listing, and the buyer's overall satisfaction with their purchase.

However, listing an item on eBay and then purchasing the item from another retailer or marketplace that ships directly to your customer is not allowed on eBay. In such cases, we may remove your listings from search, display them lower in search results, or remove them completely from the site. We may also limit, restrict or suspend your ability to buy, sell, or use site features on eBay, and you could lose any special status and/or discounts associated with your account.

මේකේ කියන විදියට අපි බඩු ගන්න සප්ලයර් ඉන්නවනේ අන්න එයා හරහා අපි භාණ්ඩය යවනවා ගැනුම් කරුට හැබැයි අපි භාණ්ඩය පිළිබඳව සියලුම වගකීම ගන්න ඕනේ ආරක්ෂාකාරීව යවන්න ඕනේ බයර් සතුටු වෙන්න ඕනේ. ඔන්න ඔය ටික වෙනවනම් ඩ්‍රොප් ෂිපින් කරන්න ඊබේ එකෙන් කිසිම අවුලක් නැහැ හැබැයි සිල්ල බඩු විකුණන ඔන්ලයින් සයිට් එකක් කින් අරගෙන බයර් ට බඩු යැව්වොත් බඩු බනිස් කියල තමයි ඔය අන්තිම ටිකෙන් කියලා තියෙන්නේ

ඊළඟට හොරබඩු වික්කොත්, ඊබේ Refund ආපසු නොගෙව්වොත්, ඊබේ සෙලින් ෆී එක නොගෙව්වොත්, නීතිරීති උල්ලංගනය කරොත්, ගිණුම් විස්තර තහවුරු කීමට අපොහොසත් වුව හොත් ඔබගේ ගිණුම අහිමිවී යනවා කියලා ඊබේ වල සඳහන් වෙලා තියෙනවා.

ඊබේ සස්පෙන්ඩ් කරනවා දෙවිදියකට එකක් තාවකාලික සස්පෙන්ඩ් ඊබෙ භාණ්ඩ විකිණීම ආරම්භ කරලා ඔයාගේ ගිණුම සස්පෙන්ඩ් කරලා හෝ ඊමේල් එකක් මගින් දන්වලා ඇහුවේ නැත්තනම් ඉස්සරහදි අහනවා කියලාත් මතක තියාගන්න මෙන්න මෙහෙම ඇහුවොත් ඔයාගේ ඊබේ එක අපහු ගන්න පුළුවන්

ඊබේ සස්පෙන්ඩ් කරලා එවන ලියුමේ කොහේ හරි තියේ නම් ඔයාට ඇපිල් එකක් දාන්න හරි ඔයාගේ ගිණුම් විස්තර වෙරිෆයි කරන්න කියලා ඔයාට ඔයාගේ ඊබේ එක අපහු ගන්න චාන්ස් එකක් තියෙනවා ඒ ඇරෙන්න අනික් එකකින් වත් කියන්නේ අපහු ඊබේ ගිණුම අරගන්න බැහැ කියල තමයි. කොහොමද ගන්නේ ? ගන්න ඊබේ එකට කෝල් එකක් අරගෙන කතා කරන්න වෙනවා ඔයා කියන්න ඔයාගේ ගිණුම සස්පෙන් කරලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා ඉතින් ඔයාලට ඕනේ තොරතුර දෙන්න තමයි කෝල් කරේ කියල කියන්න. ඉතින් එකපාරක් ගන්න බැහැ කිවුවොත් තුන් හතර පාරක් ම අරගෙන ඉස්සරෝම කතා කරනවා වගේ විස්තරේ කියලා සද්ද නැතුව ඉන්න 5 වෙනි වතාවෙත් බෑ නම් අතැරලා දාන්න. පිටරටට කෝල් ගන්න සල්ලි කෝ එච්චර වෙලාවක් කතා කරන්න. ඇත්තටම ඊබේ එකේ තියෙනවා Help & Contact කියලා එකක් ඒ පේජ් එකේ යටම තියේ Need more help? කියල එකක් එතන ඇති Call US කියන එක එබුවම දෙනවා One TIme Passcode කියලා අංකයක් ඔයා ඊබේ එකේ දෙන නම්බර් එකට කෝල් කරන්න එතකොට අර කෝඩ් එක අහයි ඒ කෝඩ් එක ගැහුවම ඔයාගේ ගිණුම් විස්තර කෝල් එක යන ඒජන්ට නිකන් ම ලින්ක් වෙනවා. එහෙම වුනේ නැත්තනම් ඔයාට ඒජන්ට ගිණුම් විස්තර කියනන් වෙනවා. ඊටපස්සේ කෝල් එකක් නිකන් ගන්නේ මෙන්න මෙහෙමයි ගුගල් ප්ලේ ස්ටෝස් වල තියේ 2n line කියලා ඇප් එකක එහෙමත් නැතිනම් skype මේ දෙකෙන් ම පුළුවන් ඊබේ කෝල් කරන්න සතයක් වත් කැපෙන්නේ නැහැ. කෝල් එක ගන්න කලින් ඔයාගේ ඊබේ එකේ සියලු විස්තර අරගන්න ඒ කියන්නේ නම උපන්දිනය ලිපිනය ඊබේ එකට දැම්ම ෆෝන් නම්බර් ඒක වගේ සියලුම තොරතුරු හොරට හදන ගිණුමක් නම් කල් ඇතුවම මේ විස්තර ළඟ තියාගන්න.

දැන් විස්තර ගොඩක් කිව්වනේ ඉතින් ඉතුරු ටික මේ වගේම ලිපියකින් දානවා ඊබේ විතරක් නෙමේ තමන් ට කරන්න පුළුවන් ව්‍යාපාර සියල්ලම ඉස්සරහට දැනගත්තකි ඉතින් අදට මෙච්චරයි.
Sign In or Register to comment.