Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

😮 Youtube එකෙන් මාසෙට $54120 😮

YouTube 100K Sub සහ FB (FaceBook) 600K Likes පිරීම නිමිත්තෙන් Social Media සම්බන්ද පොඩි පොඩි දේවල් ටිකක් කියල දෙන්නම්. (සැ.යු. Titles එක Clickbait.Social Media වල ඉතින් සාමන්‍ය දෙයක්නේ.)

image
image

කලින් මං කරේ Amazon Affiliate සම්බන්ද Article එකක්. ඒක මෙතනින් බලන්න පුලුවන්.
Amazon වලින් මාසයට $1000
(Base එක වෙනස් නොවුනත් මේකෙ සමහර කරුනු Out of date .)

FB එකේ Likes ලක්ශ1.5 වගේ තිබුන කාලේ Madushka තමයි කිව්වේ ''Content Creators ලට FB එකෙන් ඉඩ දෙනව අඩුයි ඒක නිසා YT (YouTube) Try කරන්න කියල. හැබැයි මම YT හැදුවේ Backlinks වලට. ඒ 2016. හරියට Audience එක බලල Videos දැම්මේ 2019 මාර්තු වල. Video එකක් Viral ගියා.ඒකෙන් Sub 70K අවා එක මාසෙන්. FB නම් ලමයෙක් වගේ බලාගෙන හැදුවේ. අවුරුදු තුනක් විතර ගියා. හැබැයි 100% Pure Audience එක.

මේක Full Guide එකක් නෙවෙයි. General Discussion එකක්. ප්‍රශ්ණ තියේ නම් මේකෙම අහන්න. Inbox අහන ඒවට උත්තර දෙන්නේ නෑ.

මුලින්ම FB Page එකක් ගැන කතා කරමු.

FB Page එකකින් සල්ලි හොයන්න ක්‍රම කීපයක් තියේ.

🤩 FB එකෙන්ම දෙන Adbreaks
🤩 FB එකෙන්ම දෙන Fan Subscriptions
🤩 Sponsored Posts / Influencer Marketing
🤩 Instant Articles
🤩 Partnerships - ඒ කියන්නේ වෙන Website එකක් එක්ක Content Share කර ගන්න Partnership එකක් ගහන්න පුලුවන්. Revenue Share වෙන්නෙ 60% - 80% වගෙ.

🤩 Money Site Traffic generation - Adsence වලට වගෙ Traffic එකක් Generate කරන්න පුලුවන්.
🤩 Sell Products / Dropshipping

මීට අමතරව Page එක Grow වෙද්දි සමහර Compay වලින් Offers එනව. හැබැයි ගොබ්බ විඩියට පොස්ට් දාන්නේ නැතුව Genuine විදියට Page එක තියෙන්න ඕන.

මේව තමයි මූලික දේවල්. උබල දන්න ක්‍රම තව තියේනම් පහල Comment කරන්න. මේ එකින් එක මම විස්තර කරන්නේ නෑ. Google තියෙන්නෙ ඒකට තමයි.

Sucsess වෙන්න පොඩි කරුණු ටිකක්.

👉 FB එකේ 3min Video වලට වැඩි Reach එකක් තියේ.
👉 Auto Messenger Bot කෙනෙක් දාන්න.
👉 නිතරම Update කරන්න ඕන. ඒ කියන්නේ Images/Videos.
👉 Niche එකේ උඩම Pages නිතරම බලන්න. උන්ගෙ Methods Try කරල බලන්න.
👉 Links Use කරද්දි අනිවා Thumbnail එක Social Media වලට ගැලපෙන එකක් දාන්න. Social Media වල Links වලට Keyඑක Thumbnail එකයි, Tittle එකයි තමයි.අනිත් Competitors ල Use කරන Thumbnail බලන්න. ගොඩක් වෙලාවට උන් Teams Hire කරනව මේ වැඩේට. උන්ගේ එකම කොපි කරන්නෙ නැතුව Idea එකක් අරන් තමන්ගෙ එකක් හදාගන්න.

👉 සමහර Pages තියේ අපේ පෝස්ට් Share කරන. උන් එක්ක Partnership එකක් Or Paid Service එකක් අරගන්න. හැබැයි උන්ගෙ Audience එක ගැන Idea එකක් තියෙන්න ඕන.

👉 යාලුවො සෙට් එකක් ඉන්නවනම් Pages සෙට් එකක් කරන්න. ඉක්මනට උඩට එන්න පුලුවන්.

👉 තමන්ගේ Niche එකේ අනිත් Pages එක්ක Fit එකේ ඉන්න. ඇඩ්මින්ල අඳුරගන්න. Business එකක් Success වෙන්න Contacts ගොඩක් දුරට බලපානව.

YouTube වලත් මේ වගේම තමයි. වෙන රටවල් වලට ගොඩක් Features තියෙ. Adsense විතරක් තිබුනත් ඇති. හැබැයි Top Earnings තියෙන්නෙ Affiliate වලින් තමයි.

👉 YT වල මුල් Sub 1000 ගන්න තමයි අමාරු.
👉 Sub 15000 Magic Number එකක් කියල කියනව. (හේතු දන්නේ නෑ) මගෙත් Viral ගියේ 15000 පස්සෙ තමයි.
👉 Channel එක Optimize කරන Tips තියේ.

👍 Brand Logo එකට Subscriber Button එකක් දාන එක,
👍 Auto Subscriber ලින්ක් එක Description එකේ දාන එක,
👍 Attractive Channel Art එකක් දාන එක,
👍 Auto Subscriber ලින්ක් එක ලින්ක් Section එකේ දාන එක.
👍 Social Media Links, Video Description එකේ දාන එක,
👍 Comment එකක් පින්ක් කරන එක.
👍 High Quality Video දාන එක, Tags, End Templates දාන එක.

මේ වගෙ ගොඩක් දේවල් තියේ. තව අලුත් දේවල් ඉගන ගන්න නම් නිතරම Update එකේ ඉන්න ඕන. සමහර Blackhat Methods පවා තියෙ සම්පූර්ණයෙන්ම Success වෙන.

Youtube හොඳම දෙවනි Search Engine එක. ඒ නිසා Video Rank කර ගන්න පුලුවන් නම් හොඳයි.

උඩින් කියපු හැම දෙයක් ගැනම පැය ගනන් කතා කරන්න පුලුවන්. මේ ෆීල්ඩ් එක ඒ තරමටම ලොකුයි. මාත් තාම ඉගන ගන්නවා.

සාමාන්‍යයෙන් මේ හැම එකටම පොදු කරුණක් තියේ. ඒ තමයි නිතරම Update කරන එක. දිගටම Videos දාගෙන යද්දි එකක් දෙකක් Viral යනවා. ‍YT/FB දෙකේම එහෙම තමයි. FB එකේනම් එක Viral Video එකකට Page Likes ලක්ශ 1.5 විතර YT නම් Sub 50000 විතර එනව.(මගේ Accounts අනුව ). ඉතින් ඉවසීම තියාගෙන කැපවීමෙන් වැඩකරන්න තමයි තියෙන්නේ.

ගොඩක් අයට තියන ලොකුම ප්‍රශ්ණයක් තමයි, කොච්චර Income එකක් එනවද කියන එක. FB Pages සෙට් එකක් නම් ලොකු Income එකක් ගන්න පුලුවන්. මං දන්න පේජ් එකක් තියේ Adbreaks වලින් $3000 per Day එහා හෙව්ව (ලන්කාවෙ එකක් නෙවෙයි ). සාමාන්‍යයෙන් 1000 Views (At least 1miniute views වලට $1 එනව. Fan Subscription නම් $4.99 ඉදන් පටන් ගන්නෙ. හැම මාසෙම ඒක එනව. Fans 100 Subscribe කරොත් $499.99 ගානේ හැම මාසෙම එනව. මේක සෑහෙන්නම වාසි. ලන්කවට තම නැත්ද කොහෙද. මගේ නම් Active.😂😂😂

Youtube එකේ මූලිකවම Adsense තමයි. වෙනරටවල් වල Patreon එහෙමත් ප්‍රසිද්දයි. ඒකත් Fan Subscription සීන් එකක් තියෙන්නේ. ‍Yt Adsense වලට Social Blade එකෙන් Income හොයන එක එච්චර සර්තක නෑ. හැබැයි Idea එකක් ගන්න පුලුවන්.
CPM එක දන්නවනම් $500/day හොයන්න කොච්චර views ඕනද කියල බලල ඒ වෙනුවෙන් වැඩකරන්න පුලුවන්.
image

සමහර Videos විතරක් Viral/trending යන්නේ ඇයි කියල හිතල තියේද?

මේ හැමදේකම Algorithm එකක් තියේ. මොන Platform එකේ Use කරත් හැම එකේම බලන්නේ උබෙ Videos බලන උන්, ඇත්තටම උබෙ Videos වලට කැමතිද කියල විතරයි. ‍YT උනත් FB Pages උනත් රැඳේන්නේ Content Creators and Users නිසා. Content කෙනෙක් Usersla සතුටු කරනව නම් ඌව උඩට දාන්නේ Algorithm එකෙන්. (සරලව කියන්නේ හොඳේ).

User කෙනෙක් උබේ Videos එකක් ඉවර වෙනකම් බලනව නම් (High Retention Views), Comment, Like, Share (engagement) කරනවනම්, Page එකට ගිහින් තව Videos බලනව නම් Algo එකෙන් උබෙ Videos Userta වැඩියෙන් පෙන්නනවා. හොඳම Videos වැඩි වැඩියෙන් පෙන්නනවා.

සරලව කිව්වොත් Audience එකට ගැලපෙන Videos දැම්මොත් Viral යන ප්‍රවනතාවය වැඩී.

දැන් තමයි හොඳම හරිය. උබට උබේ Audience එකේ හැසිරීම Predict කරන්න (අනුමාන ) කරන්න පුලුවන් නම් මේ හැමදෙම Nothing. Adsense/ Affliate/ Dropshoping / Fiverr / මොන ලබ්බ උනත් උබේ Audience එක/ Customer/ Visitor /User Satisfy කරන්න පුලුවන් නම් ගොඩ. (Adsense Content Site එකක් උනත් රැන්ක් වෙන්නෙ User Experience එක අනුව. Google Rank Brain එක ඉන්නේ ඒකට.(මේක ගැන වෙනම කතා කරන්න ඕන.) )

හරිම Audience එක (laser target traffic) හිටියොත් අඩුම Traffic එකකින් වැඩිම Result එකක් ගන්න පුලුවන්. (Social media Traffic වල Bounce rate එක වැඩි සහ Organic Traffic වල Bounce rate අඩු මේ හේතුව තමයි.)

මට අනුව නම් ඕක තමයි Key එක. Audience එකට ඕන දේ දෙන්න පුලුවන් / අපිට ඕන දේ දෙන්න ඕන audience එක අඳුර ගන්න පුලුවන් නම්. Social Media Nothing.

ඉතින් උබලගෙ අදහස්/ප්‍රශ්න තියේනම් Comment කරන්න. ප්‍රශණ වලට පිලිතුරු දන්නවනම් උත්තරේ දෙන්න. මමම උත්තරේ දෙනකම් ඉන්න ඕන නෑ. අනිත් English Forum වලත් Active වෙන්න. වෙන රටවල් වල අලුත් අය අඳුරගන්න. මමත් තාම මේක ඉගන ගන්න උත්සහ කරනව. ඉගන ගත්ත අය තමන්ගේ සිහින ජීවිතය විඳිනවා.
image

Comments

  • Thank you PaZaN Ayya, Issellama eeye 100k Subs gahuwata bokkenma wish karanawa. AZ Aff. walin gaanak hoyaganneth oyai channa ayyai daala deepu basic eka nisa. YouTube karala na eth me thread eka dakala aasawak aawa. Normally upload karana quality eka and screen size eka kohomada? mokada mn target karanna inne mobile usersla witharai. 1:1 or 4:5 1080p walin athi weida?
  • @KaZuN මම නම් 4K දනව සමහර ඒව. නැත්නම් 1080p තමයි.පුලුවන් උපරිම quality එක දාන්න. අපි හිතමු තව අවුරුදු 5කින් වගේ FULL HD වලට වඩා 4K වලට තැනක් එවි. Youtube Search එකේත් වැඩි Opportunity එකක් තියෙ High Quality Video වලට.
    ratio එක 1:1 දාල වැඩක් නෑ. මොබිලෙ උනත් 1080p දාන්න.
  • Elakiri, Thank you ayye! Mth ada patan gannawa hithan hitapu niche ekata video hadanna. Oyage wedawalata jayawewa!
  • @PaZan Vidumal
    පට්ට සතුටුයි අපේ කොල්ලෙක් ගහන ගේම දැක්කම!! 👌😍
    වැඩි වැඩියෙන් හරියන්න ඕන!!
    අනිත් උන්වත් මෝටිවේට් කරන්න මේ වගේ පෝස්ට් දාන එක ගොඩක් වටිනවා!🙏

    මමත් amazon පෝස්ට් එක බලලා මේ දවස් වල සයිට් එකක් ගොඩ දාගෙන යන ගමන්. ඒ post එකේ outdated දේවල් මොනාද කියලා කියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා බ්‍රෝ...
  • " Fans 100 Subscribe කරොත් $499.99 ගානේ හැම මාසෙම එනව. මේක සෑහෙන්නම වාසි. ලන්කවට තම නැත්ද කොහෙද. මගේ නම් Active.😂😂😂
    මචං උඹ පේජ් රන් කරන්නෙ VPN දාලද?
    ඉතින් උබලගෙ අදහස්/ප්‍රශ්න තියේනම් Comment කරන්න. ප්‍රශණ වලට පිලිතුරු දන්නවනම් උත්තරේ දෙන්න. මමම උත්තරේ දෙනකම් ඉන්න ඕන නෑ. අනිත් English Forum වලත් Active වෙන්න. වෙන රටවල් වල අලුත් අය අඳුරගන්න. මමත් තාම මේක ඉගන ගන්න උත්සහ කරනව. ඉගන ගත්ත අය තමන්ගේ සිහින ජීවිතය විඳිනවා.
    මචං හොද English Forum ටිකක් කියපන්කො (blackhatworld දන්නවා)
  • @kwbro
    post එකේ outdated දේවල් මොනාද කියලා කියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා බ්‍රෝ...
    මං ඒ ගැන පොස්ට් එකක් දාන්නම්. ගොඩක්ම තියෙන්නෙ new Methods තමයි.

    @DamindaDarshana
    මචං උඹ පේජ් රන් කරන්නෙ VPN දාලද?
    නෑ බන්. හැබැයි UK, USA විදියට හදපු මගේම profiles 2, අඩ්මින් දාල තියෙන්නේ. Audience එක නම් බහුතරය USA, UK.
    English Forum ටිකක් කියපන්කො
    මාත් වැඩිපුරම Active BHW තමයි. ඊලඟට FB Groups. Shopify වලට එහෙම සෑහෙන්න වැදගත් FB Groups. Warrior Forum එකත් හොඳයි.
  • මචන් බොහොම ස්තූතියි ආර්ටිකල් එකට. අපි කොහොමද චැනල් එකක් ප්‍රමෝට් කරන්නේ. Google Ads වලින් බෑනේ මචං?
  • Oya karana FB page eke contents mona wage contents da kiyala idea ekak denna puluwanda ?
  • @Charith Weerasooriya
    අපි කොහොමද චැනල් එකක් ප්‍රමෝට් කරන්නේ
    ඒක Content එක අනුව වෙනස් වෙනවා. තමන්ගේ Niche එකේම Influencer කෙනෙක්ගෙන් Shoutout / Sponsored Posts තමයි හොඳටම Result එන්නෙ.
  • Aiya, Ad breaks wala payment method eka setup karapu hati poddk kiynnko pluwnnam?
  • fake American Facebook account එකක් හදල ඒක මාර්ගයෙන් adbreak ගන්න පුලුවන්ද ?
  • Fans 100 Subscribe කරොත් $499.99 ගානේ හැම මාසෙම එනව. මේක සෑහෙන්නම වාසි. ලන්කවට තම නැත්ද කොහෙද. මගේ නම් Active.

    ඔන්න ඕක පොඩ්ඩක් ගන්න විදිහ පැහැදිලි කරනවද මචන්..
  • අය්යේ අපි international audience එකට channel එකක් හදද්දී location එක english රටක් දාලා , email සහ adsense වලට location එක ශ්‍රී ලංකා උනාම අවාසියක් තියෙනවද ?

    (මගේ email address එක සහ IP address එක ශ්‍රී ලංකා හින්දා audience එක අඩු වීමක් වෙනවද ? නැත්නම් american කෙනෙක් english channel එකක් කරන එකයි , ලංකාවේ මම english channel එකක් කරන එකෙයි අවාසියක් තියෙනවද )
Sign In or Register to comment.