කෝඩ් නැතුව ගේම් හදලා සල්ලි හොයමු!

කොහොමද කට්ටියට.මන් අද කියලා දෙන්න යන ක්‍රමේ සමහරක් අය දන්නවා වෙන්නත් පුලුවන්, ඒත් තව ඒක ගැන නොදන්න කට්ටියත් මේකෙ ඇති කියලා හිතනවා. හරි මම කියන්නම්කො අද මොකක් ගැනද මන් කියන්න යන්නෙ කියලා. ඒ තමයි Buildbox Software එක ගැන. මේ සොෆ්ට්වෙයා එකනම් පට්ට සොෆ්ට්වෙයා එකක්. උනන්දුව තියෙන එක්කෙනෙක්ට මේ සොෆ්ට්වෙයා එකෙන් ගොඩ යන එක එච්චර දෙයක් නෙමෙයි.

image

හරි මන් මුලින්ම මේ සොෆ්ට්වෙයා එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො.
මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ ඇත්තටම ගේම්ස් හදන එක. ඒත් ඔයාල දන්නවා ඇති ගේම් එකක් හදන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි කියලා. ප්‍රෝග්‍රැමින්ග් පැත්ත එහෙම හොදටම ඕනෙ සාමන්‍ය එන්ජින් එහෙකින් ගේම් එකක් ඩිවෙලොප් කරන්න. ඒත් මේ Buildbox සොෆ්ට්වෙයා එකෙන් එහෙම කිසි ප්‍රොග්‍රැමින්ග් දැනුමක් නැතුව. හරියට photoshop වලින් ෆොටෝ එකක් හදනවා වගේ drag and drop කරලා ගොඩක් ලේසියට අපිට අපේම 2D ගේම් එකක් හදා ගන්න පුලුවන් අපේම අයිඩියා එකකට. මේ සොෆ්ට්වෙයා එකේ තියෙන තව විශේශ දෙයක් තමයි අපිට අපි හදන ගේම් එක Apple, Android, Windows තුනටම export කරගන්න පුලුවන්. ඒකත් මේ සොෆ්ට්වෙයා එකේ තියෙන තවත් ලොකු වාසියක්.

ඇත්තටම කිව්වොත් මේ සොෆ්වෙයා එක පේඩ් සොෆ්ට්වෙයා එකක්. මේක අපි හරිනම් සල්ලි දීලයි ගන්න ඕනේ. ඒත් අපිට එච්චර වියදම් කරන්න සල්ලි නැනේ. ඒක නිසා අපිට යූස් කරන්න වෙන්නෙ ක්‍රැක් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ. සොෆ්ට්වෙයා එක Download මෙතනින් ගිහින් Download කරගන්න. මේ සොෆ්ට්වෙයා එක ගැන මට මුලින් කිව්වෙ Kodex ටීම් එකේ අයියා කෙනෙක්. මන් එදාම ඒක ඩවුන්ලෝඩ් කරගෙන යූටියුබ් එකේ වීඩිඕ බලලා Buildbox 2 හොදට පුරුදු උනා. දැන් ඒකෙන් ගේම් එකක් හදන එක එච්චර වැඩක් නෙමෙයි හැම තැනක්ම පුරුදු උන නිසා.

ඔයාලට සොෆ්ට්වෙයා එක ගැන පොඩි හරි අදහසක් එන්න ඇති කියලා හිතනවා. ඔයාලට තව වැඩි විස්තර ඕනෙනම් මන් පහලින් දාන්නම් ලින්ක් ටිකක් ඒ ටිකෙන් ගිහින් හරියටම විස්තර ටික බලා ගන්න. මේ සොෆ්ට්වෙයා එකෙන් ගේම් හදන හැටිත් ඉස්සරහට ස්ටෙප් බයි ස්ටෙප් දාන්නම්.
මේ සොෆ්ට්වෙයා එකෙන් හදපු ඇප්ස් තියෙනවා ප්ලේස්ටොර් එකේ, ඒවා මිලියන ගනන් ඩවුන්ලෝඩ්ස් තියෙනවා. ඔයාලටත් ඒක කරන්න පුලුවන් හොදට හිතලා හොද ගේමක් හැදුවොත්
Buildbox Official Website - https://buildbox.com/
Wikipedia - https://en.wikipedia.org/wiki/Buildbox
Buildbox Forum - https://buildbox.com/forum/index.php

ගේම් හදන එක ගැනත් ටියුට්ස් ටිකක් තියෙනවා මෙන්න - https://buildbox.com/tutorials-buildbox2/


හරි දැන් සොෆ්ට්වෙයා එක ගැන පැත්තකට දාමුකො. දැන් බලමු අපි කොහොමද මේ සොෆ්ට්වෙයා එක මාර්ගයෙන් සල්ලි හොයන්නෙ කියලා.

ඒක වෙන්නෙ මෙහෙමයි. ඔයාලා දන්නවා ඇති නේද මොබයිල් ඇප්ස් මොනටයිසේශන් ගැන. අන්න ඒ මෙතෝඩ් එකෙන් තමයි අපි මේකෙ ටාර්ගට් කරන්නෙ. මෙහෙම හිතන්නකො. ඔයාලා ෆෝන් එකේ ගේම් එහෙම ගහලා ඇතිනෙ. ඒ ගේම් වල ඔයාලා දැකලා ඇති නේද එක එක ඇඩ් ඩිස්ප්ලේ වෙනවා අවුට් උනහමයි, තව වෙන වෙන තැන් වලදියි. අන්න ඒක තමයි අපිත් කරන්න හදන්නෙ. ඒ කියන්නෙ අපි අර මම මුලින් කියපු සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා හොද ගේම් එකක් හදා ගන්නවා. ඊට පස්සෙ ඒකට හොද ඇඩ් නෙට්වර්ක් එකකින් (admob) ඇඩ්ස් ප්ලේස් කරලා ඒක අපි අපේ ගේම් එක පබ්ලිශ් කරනවා. ඊට පස්සෙ අපේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන එක්කෙනාට අපි ඇඩ්ස් ඩිස්ප්ලේ කරනවා. ඒකට සාර්තක ක්‍රම ගොඩක් තියේ. මන් පහලින් ලිස්ට් එකක් දන්නම් ඇඩ් වර්ග ටිකක් ගැන.

1. Banner Ads - මේකෙදි වෙන්නෙ යූසර් ගේම් එක ගහනකොට හරි වෙන මෙනු එහෙකදි හරි පොඩි ඇඩ් එකක් ගේම් එක යටින් හරි උඩින් හරි මැද්දෙන්
හරි කොහෙන් හරි පෙන්න දාන එක.

2. Industrial Ads - මේ ඇඩ් වර්ගෙදි වෙන්නෙ අපේ මුලු ඩිස්ප්ලේ එකටම ඇඩ් එක එන එක. මේ ඇඩ් එක දන්න හොදම වෙලාවක් තමයි අපේ ගේම් එක ප්ලේ කරන එක්කෙනා අවුට් උනා කියලා හිතන්නකො. අන්න ඒ වෙලාවට මේක දැම්මනම් හරි. තව තැන් වලටත් දන්න පුලුවන් ඒ වුනාට.

3. Reward Videos - මේ ඇඩ් වර්ගෙදි වෙන්නෙ වීඩිඕ එකක් හරි වෙන පොඩි ඇඩ් එකක් හරි විව් කරාට පස්සෙ ඒ අපේ ගේම් එක ප්ලේ කරන එක්කෙනාට තෑග්ගක් දෙනවා වගේ වැඩක්. උදා හරණ ටිකක් කිව්වොත්. ගේම් එකේ තියෙන කොයින් ෆ්‍රී දෙන්න පුලුවන් මේ ඇඩ් එකක් ඩිස්ප්ලේ කරාට පස්සෙ තව ඔයාලා හිතන්නකො ගේම් එකෙන් අවුට් උනා කියලා. එතකොට ආයෙත් එතන ඉදන් පටන් ගන්න ඕනෙනම් ඇඩ් එකක් විව් කරලා ප්ලේ කරන්න පුලුවන් වෙන්නත් හදන්න පුලුවන්. තව ගොඩක් ක්‍රම තියේ මේ ඇඩ් වර්ගෙ යූස් කරන්න පුලුවන් වෙන තව එක්ක් කියන්නම් ඕනෙනම් ඒ තමයි අපි ගන්න ලකුනු ඩබල් කර ගන්න ඕනෙනම් ගේම් එකේ අන්තිමට මේ ඇඩ් එකක් දාලා ඒක ඩිස්ප්ලේ කරාට පස්සෙ ලකුණු ඩබල් වෙන්න හදන්නත් පුලුවන්.

හැබැයි මෙතනදි ගොඩක්ම වැදගත් වෙන්නෙ මේ ඇඩ් අපි දාන්න ඕනේ අපේ ගේම් එක ප්ලේ කරන කෙනාට කරදරයක් නොවෙන විදිහට. නැත්තම් වැඩි ආයුශ නෑ.

ඔයාලගෙ ගේම් එක ප්‍රොමෝට් කරගන්නෙ කොහොමද?
ඒක කරන්න ගොඩක් ක්‍රම තියේ. ඒකෙන් සාර්තකම ක්‍රමයක් තමයි Adwords (Facebook, Google). ඒකෙදි වෙන්නෙ අපි අපේ ගේම් එක ගැන ඇඩ් එකක් දානවා අන්තර්ජාලයෙ සැරිසරන ගේම් ගහන අය ටාර්ගට් කරලා ඒ ගොල්ලොන්ට පේන්න(Europe). ඒකෙන් අපේ ගේම් එකට අලුතින් කට්ටිය එකතු කරගන්න පුලුවන්. ඔයාලා අඩුම දවසකට $3ක් වගේ ඇඩ් එකට ඩිස්ප්ලේ කරලා මාසෙකට $90ක් වගේ ඉන්වෙස්ට් කරා කියන්නෙ මාසයක් වගේ යද්දි ඩවුන්ලෝඩ්ස් 1000ක් වගේ ගන්න පුලුවන් වෙයි ( ඔයාගෙ ගේම් එකේ ගුනාත්මක බව අනුව තමයි) . ඒක හරියටම කියන්න බෑ.

මන් දැනට හොයපු විස්තර අනුව ඩවුන්ලෝඩ්ස් 1000ක් වගේ මාසෙකට ආවැයි කියන්නෙ අඩුම ඕකෙන් 500ක් වත් අපේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන අයින් කරපු අය (මාසෙ ඉවර වෙනකොට) ඉතින් එතකොට අපේ ඇක්ටිව් යූසර්ස්ලා ඉන්නෙ 500ක් වගේනේ. ඒක ඕකෙනුත් දවසට ප්ලේ කරන්න ඇත්තෙ අඩුම 100ක් වගේ කියලා කියමුකො. එතකොට සාමන්‍යෙන් දවසකට ඇඩ් ක්ලික් 20ක් වගේ ආවා කියමුකො. එතකොට අඩුම දවසකට $10ක් වගේ ආවා කියලා හිතමුකො. එතකොට අපිට දවසකට $10 ගානේ මාසෙකට බැලුවොත් $300ක් මාසෙකට එනවා (හරියටම කියන්න බෑ මෙහෙම ඒවිද කියලා, මේ උදාහරණයක් විතරයි) එතකොට මාසෙකට අපේ ගේම් එක ප්‍රොමෝට් කරන්න වියදම් කරේ දවසකට $3න ගානෙ මාසෙටම $90යි. එතකොට අපේ ඒ මාසෙ ප්‍රොෆිට් එක $210ක්.

ඔය ප්‍රොසෙස් එකම හැම මාසෙම වගේ ගේම් එක අප්ඩේට් කර කර කරගෙන යන්න තියෙන්නෙ අපේ ගේම් එකට තව තව කට්ටිය ගෙන්න ගන්න. හිතන්නකො ඔයවගේ පොඩි පොඩි ගේම් 5ක් හදා ගත්තා කියලා හොදට එකකින් මාසෙකට ප්‍රොෆිට් එක $150ක් වගේ එන. එතකොට අපේ මාසෙකට $750යි. මන් මේ නිකමට ඒකනම් කිව්වෙ. මහන්සි උනොත් කරගන්න බැරි නෑ.


හැබැයි එක දෙයක් කියන්නම්. කියන තරම් හැම දෙයක්ම ලේසි නෑ. කැපවීම තමයි වැදගත්.

NOTE - මම තාම මේ ක්‍රමෙන් සල්ලි හොයන්නෙ නෑ. මාත් තාම ඉගෙන ගන්නවා මේ ගෑන. මන් දැනට ඉන්ටර්නෙට් එකෙන් හොයාගනිපු විස්තර ටික එකතු කරගෙන තමයි මේ පෝස්ට් එක ලිව්වේ. ඔයාලත් කැමතිනම් ට්‍රයි කරලා බලන්න. මේ පෝස්ට් එකේ ගොඩක් වැරදි අඩුපාඩු ඇති මේ මගේ පලවෙනි පෝස්ට් එක නිසා. මන් හිතනවා මේ ගෲප් එකේ අය වැරදි මොනවාහරි මේ පෝස්ට් එකේ තිබුනොන් පහලින් ඒක නිවැරදි කරාවි කියලා. මොකක් හරි උදව්වක් ඕනෙ උනොත් හරි ප්‍රශ්නයක් තිබුනොත් හරි පහලින් දාන්න මන් රිප්ලයි කරන්නම් මන් දන්න දෙයක්නම්.

කියන්න සතුටුයි Buildbox 2 වලින් පටන් ගත්තු මන් අද පාවිච්චි කරන්නෙ Buildbox 3 Pro License එක. Buildbox 3 වල ක්‍රැක් එක තාම නෑ. ඒකයි ඒක ගැන කිව්වෙ නැත්තෙ.

එහෙනම් හොදට ගේමක් හදන්න හොදට පුරුදු වෙලා. Good Luck!

#PraneethMadush

Comments

Sign In or Register to comment.