Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

සතපහක්වත් යන්නෙ නැතුව තනිකරම ෆ්‍රී සිකිවර් වෙබ්සයිට් එකක් හදමු !

මේකට අපිට දේවල් 4ක් ඕනි වෙනවා ‌‌ 1- Domain ‌‌ 2-hosting‌‌ 3-cms එකක් (wordpress) හෝ අපිම හදපු සයිට් එකක්‌‌ 4-free SSL certificate එකක් (ඒ කියන්නෙ එක ගත්තාම අපේ සයිට් එක සිකිවර් එකක් කියලා පෙන්නනවා)
1. මුලින්ම අපි ඩොමේන් එකක් ගන්න ඕනි.හොද ඩොමේන් එකක් ගන්නව නම් අපිට සල්ලි ගෙවන්න වෙනවා. (.com,net,lk,org) ඒ වගේ හැබැයු අපිට Free ගන්නවනම් ගොඩක් තැන් වල දෙන්නෙ සබ් ඩොමේන් ඒ කියන්නේ නිකන් අපි බ්ලොගර් එකට ගිහිල්ලා බ්ලොග් එකක් හැදුවාම එන්නෙ. Blogspot.com කියලා ඒ වගේ ඉතින් එහෙම නැතුව අපිට කෙලින්ම Free ඩොමේන් එකක් ගන්න පුලුවන් freenom.com එකෙන් මේකෙ තමා .tk domains free දෙන්නෙ මේකේ .tk .ml .gq වගේ ඒවා තමා දෙන්නෙ ඉතින් ෆ්‍රී ගන්නවනම් ඒ වගේ එකක් තමා ගන්න ඕනේ දැනට ඕගොල්ලො ගන්නවනම් .ml එකක් ගන්න මොකද හේතුව මම ඉස්සරහට කියන්නම්.
2. හරි දැන් අපි ඩොමේන් එක ගත්තා කියමු දැන් අපිට හොස්ටින් එකක් ඕනි වෙනවා ඒකියන්නේ අපේ වෙබ්සයිට් එකේ තියන ඩේටා දාන්න තැනක් ඒකට ගොඩක් තැන් තියනවා ෆ්‍රී දෙන (000webhost, freewebhostingarea) වගේ ඒවා ඒ හැම එකක්ම ලිමිට් කල්ල තියෙන්නෙ අපි උන්ගේ පේඩ් එකක් සල්ලි දීලා ගන්නකන් එහෙම නැති එකක් තියනවා එක තමා infinityfree.net මේකේ අපිට හැමදෙයක්ම බැන්ඩ්විත් එක ස්ටොරේජ් ඔක්කොම ෆ්‍රී දෙනවා අන්ලිමිට් හැබැයි මේකේ තියන එකම අවුල තමා freenom එකේ තියන .tk domain මේකෙන් බෑන් කරලා තියෙන්නෙ ඉතින් අපිට .ml වගේ එකක් තමා ගන්න වෙන්නෙ.
Tip-ඕගොල්ලොන්ට සල්ලි තියනවනම් ඩොමේන් එකක් ගන්න පුලුවන් godaddy එකෙන් වගේ නැත්තන් ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන් namecheap එකෙන්..හරියට බැලුවොත් ඩොලර් එකට වගේ .net එකක් ගන්න පුලුවන්.
හරි ඉතින් දැන් අපි කරන්නේ අපි ෆ්‍රීනම් එකෙන් ගත්තු .ml domain එකේ නේම් සර්වර්ස් මේකට කනෙක්ට් කරන එක ඒකට කරන්න තියෙන්නෙ ඉන්ෆිනිටිෆ්‍රී එකෙන් දෙනවා නේම් සර්වර්ස් එටික අපේ ඩොමේන් එකෙ client area එකට ගිහිල්ලා name servers change කරන එක ඒක ලොකුඅ අමාරු වැඩක් නෙවී ..මොකක් හරි අවුලක් ආවොත් පොඩ්ඩක් ගුගල් කල්ල හරි නැත්තන් යූටියුබ් බලන්න ඕන තරම් වීඩියොස් තියනවා ..එහෙමත් නැත්තන් කමෙන්ට් එකක් දාන්න ! හරි ඊට පස්සෙ අපි දැන් ඩොමේන් එක කනෙක්ට් කරගත්තා කියමු ඊලගට,,
3 දැන් අපිට තියෙන්නෙ එක්කො වර්ඩ්ප්‍රෙස් දාන්න ඒක නිකන් බ්ලොගර් එකේ ලියනවා වගේ ලියන්න තියෙන්නේ නැත්තන් අපි html + Css වලින් ලියපු සයිට් එකක් හදලා ඒක දාන්නත් පුලුවන් personal web එකක් හදනවානම් මම ඒක තමයි කියන්නේ ගොඩක් කරන්න කියලා (ඕගොල්ලොන්ට ටිකක් ඒ වැඩේ අමාරු වගේ නම් google eke free css templates කියලා ගහලා ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරලා දාගන්න )
4 ssl certificate මේකතාව මෙහෙමයි දැන් අපි නිකන් සයිට් එකක් හදලා දැම්මට ඒක සිකිවර් වෙන්නෙ නෑ ඒකට අපි පොඩි අයිටම් ටිකක් කරන්න ඕනි ...මේකට ක්‍රම දෙක තුනක් තියනවා මම එකේන් දෙකක් කියන්න අපි හරි නම් මේකක් සල්ලි දීලා ගන්න ඕනි මන් දන්න විදිහට මේක ෆ්‍රී ගන්න මම කරපු විදි ගැන කියන්නම්
4(1) - මම මුලින් බැලුවෙ www.sslforfree.com එකෙන් ගන්න මේකේ මුලින්ම තියෙන්නේ අපේ සයිට් එකේ නම ගහල සයිට් එක අපේ කියල වෙරිෆයි කරන්න.හරි මේකේන් මැනුවල් වෙරිෆයි ගිහිල්ලා අපේ සයිට් එකේ ftp (ලොග් වෙන්න දන්නැත්තන් මම යට දාලා ඇති කරන විදිහ) එකට ලොග් වෙලා අපේ public html එක ඇතුලෙ folder හදනවා .well known කියලා ඒක ඇතුලේ එකක් හදනවා acme-challenge කියලා . ඊට පස්සෙ අර උන් අපිට දෙනවා පොඩි ෆයිල් දෙකක් ඒක ඩවුන්ලෝඩ් කල්ල මේ acme-challenge කියන එකට අප්ලෝඩ් කරනවා එකේන් ඊට පස්සෙ අපිට පොඩි සෙටිෆිකට් එකක් දෙනවා ඒක අපේ c-panel එකෙන් ගිහිල්ලා ssl/tsl කියන එකට ගිහිල්ල අප්ලෝඩ් කරන්න තියෙන්නේ...මට මේක්‍රමේ හරිගියේ නෑ ඇයි දන්න නැහැ
4(2)- අනික තම අපි cloudflare එකට ගිහිල්ලා එකවුන්ට් එකක් හදලා ඒකට අපේ සයිට් එක දාන එක මතක තියාගන්න එකවුන්ට් එකක් හදන කොට ෆ්‍රී එකක් හදන්න ඒකට හැබැයි පුලුවන් එක එකවුන්ට් එකයි ...මෙහෙම දාලා දවසක් විතර යනකොට මගේ සයිට් එකට ssl හම්බුනා ...
මෙහෙම හදපු සයිට් එකක්
https://oshadaonline.ml/

Comments

Sign In or Register to comment.