Shopify Guide - Part 2


මුලින්ම ඔයා තීරණය කරන්න ඕන ඔයා හදන්න යන්නේ මොන වගේ store එකක්ද කියන එක. Shopify stores ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා
1 General Store
2 Niche-Specific Store

1 General Store

මේ ගැන කිව්වොත් හරියට සිල්ලර බඩු කඩයක් වගේ විකිණෙයි කියලා හිතන හැම දේම විකුණනවා. අපේ රටෙත් මේ වර්ගයේ ඔන්ලයින් කඩ සාප්පු දකින්න පුලුවනි.
උදාහරණ - My deal, Wasi,

මේවගේ කරන්නෙත් කොහෙන් හරි ලාබෙට ගන්න පුලුවන් බඩුවක් තොග වශයෙන් අරගෙන විකුණනවා. නමුත් ඒවගෙයි ඩ්‍රොප් ෂිපිං කරන එකෙයි වෙනස තමයි අපි බඩු විකුණුවාට අපි ඒ බඩු කලින් මිලදීගෙන ගබඩා කරගෙන ඉන්නේ නැහැ. ඒක නිසා අවශ්‍ය ආරම්භක ප්‍රාග්ධනය ඉතාම අඩුයි.

2 Niche-Specific Store

මේවගේ කෙරෙන්නේ තෝරාගත් පාරිභෝගික කොට්ඨාශයකට භාණ්ඩ අලෙවි කිරීම. මෙතනදී බොහෝ දුරට කිසියම් පිරිසකගේ interest එකක් මූලික කරගෙන මේ වගේ සයිට් පවත්වාගෙන යනවා.

උදාහරණ -
https://colourpop.com/
https://www.fashionnova.com/
https://www.childofwild.com/
https://swaggsauce.com/

මෙතනට ගියාම මේ වෙද්දී Shopify වල දැනට තියෙන ඔක්කෝම වෙබ් සයිට් ටික බලාගන්න පුලුවනි

COMPLETE SHOPIFY SITES LIST


ඒ වගේම Shopify marketplace එකට ගියාමත් බලාගන්න පුලුවනි


ඔයාලට මේ ක්‍රම දෙකෙන් කැමති විදිහක ස්ටෝර් එකක් හදාගන්න පුලුවන්. නමුත් බඩු විකිණෙන්න නම් ගැලපෙන niche එකක් තෝරගන්න ඕන. මෙන්න මේ පහල ලිංක් එකේ තියෙනවා ලිස්ට් එකක්ම

image


මම උදාහරණයක් විදියට Beauty Products කියන niche එක තෝරගන්නවා. නමුත් මේ niche එකට තියෙන තරගකාරීත්වය ගොඩක් වැඩී. මුලින්ම අපි වැඩියෙන්ම විකිණෙන අයිටම් එකක් හොයාගන්න ඕන. ඒ වගේම ඒක කලින් කවුරුත් විකුණලා නැත්නම් හෝ අඩුවෙන් විකුණලා තියෙනවා නම් ගොඩක් හොඳයි.
මම මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් දෙන්නම්. ඒක පාවිච්චි කරන හැටි පහල වීඩියෝ එකෙන් බලන්න






image


දැන් ඔයා බලන්න ඕන මේ අයිටම් එක මීට කලින් ෆේස්බුක් එකේ ඇඩ් දාලා විකුණලා තියෙනවද? ඔව් නම් කොහොමද ප්‍රතිචාර, කොච්චර පිරිසක් ඇඩ් එක ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා තියෙනවාද කියලා. ඒක කරන්නේ මෙහෙමයි

උදාහරණයක් විදියට මේ දවස් වල කෙල්ලෝ මූණේ කුරුලෑ ගලවගන්න අර දැලි ගානවා වගේ ගාන charcoal mask එක තෝරගන්නවා. ඊලඟට මෙන්න මේ සයිට් එකට ගිහින් සර්ච් කරන්න peel off charcoal mask කියලා.

BigSpy

එතකොට කලින් කවුරු හරි ඇඩ්වටයිස් කරලා තියෙනවානම් හොයාගන්න පුලුවනි. මේක පොඩ්ඩක් වෙහෙස මහන්සි වෙලා winning product එකක් හොයාගන්න.
හොයාගත්තු ප්‍රොඩක්ට් ටික එක්සෙල් එකක සේව් කරලා තියාගන්න

කම්මැලි අයට පහල තියෙන සයිට් වලින් හොඳ winning products හොයාගන්න පුලුවන් වේවි.

https://alishark.com/
https://pexda.com/#features-1
http://xpareto.com/
https://bigspy.com/dropship/spy#/main/dropship/first

මහ ගොඩක් වැඩ මැද්දේ මේක ලිව්වේ. ඊලඟ දවසේ මම කියලා දෙන්නම් Shopify Store එක හදාගන්න හැටි. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.

* මම මෙතන දීලා තියෙන සොෆ්ට්වෙයා ස්කෑන් කරලා අප්ලෝඩ් කලේ නමුත් ඔයත් අනිවාර්යයෙන්ම ස්කෑන් කරලා ගන්න.

ජය වේවා!!
Sign In or Register to comment.