අටදාහෙන් ලක්ෂ පහලොවට අට පහත් වැඩකරලා

ජීවිතය කියන්නේ අපූරැම දෙයක්... නොදන්න දේවල් ගොඩක් එක්ක දන්න දේවල් ටික කොහොම හරි අසුරලා ගේමක් ගහන්න දගලපු අතීතයක සිට අද වෙනකොට ජීවිතය දෙස හැරිලා බලන විට ලොකු සතුටක් හා සැනසීමක් දැනෙනවා. මම හිතන්නේ සල්ලි විතරක්ම වූ ලෝකයක් වෙනුවට සල්ලි, ආසාව සහ හැකියාව පදන​ම්වූ අවශ්‍යතාවයන් වෙනුවෙන් පදනම්ව යම්කිසි දෙයක් කිරීම මගේ සාර්ථකත්වයට පදනමයැයි මම නිසැකවම විශ්වාශ කරනවා.

එම නිසා මුදල් මත පදනම් නෙවූ මෙන්ම හුදෙක් ආසාව මත පදනම් වූ දේවල් පමණක් මත හැකියාවන් වර්ධනය කිරීම ඉතාමන් අනුවන ක්‍රියාවකි. එසේනම් නොදැනුවත්ව හෝ මාගිය අඩිපාර වන්නේ මා ආසදේ, මට පුළුවන්දේ, මිනිසුන්ට අවශ්‍යය දේ සහ මුල්‍යය වටිනාකමක් ලැබිය හැකි දෙයක් වෙනුවෙන් මාගේ කාලය යෙදවීමයි. එමගින් මම ජීවිතයේ සාර්ථක පුද්ගලයෙකු වී ඇති බව මට වැටහේ.

ජීවිතය ජයගන්න පුළුවන් තරම් අභියෝගවලට මුහුණ දෙන්න. එමගින් ඔබ පරිනත පුද්ගලයෙකු බවට පත්වී ජීවිතයේ ඇති හැම බාධකයක්ම් නිසැකවම පරාජය කරනු ඇත.

මම චරිත් වීරසූරිය
Sign In or Register to comment.