Adsense Journey to $100/mo in Micro Niche Website

ගොඩක් අය දැකලා ඇති පිටරට වෙබ් ෆොරම් වල Internet Marketing Journey ගැන ලියලා තියෙන දේවල්, එත් ලංකාවේ එහෙම තියෙනවා මම නම් දැකලා නෑ. ඒ නිසාම මම සිංහලෙන්ම මගේ වැඩ කොටස කරගෙන යන්න හිතුවා.ඒ නිසා ලංකාවේ Adsense කරන online entrepreneurs ලට ගොඩක් වැදගත් වේවි.

මම කරන් යන Micro Niche Website Project එකට අදාළ තොරතුරු Public Records විදිහට Daily Update කරන් යන්න බලනවා.ඒ නිසා ඔයාලටත් මගේ Progress එක බලා ගන්න පුලුවන්.

අද මම මගේ micro niche adsense website එක Launch කරා. (2019/06/12) (Google Webmaster Submitted)
Niche : android app එකක් ගැන
Platform : WordPress
Theme : WordPress Free theme (සල්ලි දිලා ගන්න තාම අමාරුයි)
Hosting : Namecheap
Domain : Top Level Domain එකක්
Article Count : 01 (Words 700+) (අදට)
Keyword Difficulty : 01 (ahrefs)
USA monthly Traffic : 4k

මම දන්න විදිහට මට හොයාගන්න පුලුවන් උන keyword එකේ details පහතින් දාන්නම්..


cpc එක නම් ටිකක් අඩුයි, මම මේ keyword එක තොර ගත්තේ Difficulty අඩු නිසා,

මට අද වෙනකන් ගිය වියදම්.
Domain : 1,500/=
Hosting : 2,700/=
Content : 1,700/=
Total : 5,900/=

මගේ Monthly Income Target එක 100$, ඒ නිසා මාසෙට traffic එක 10,000ක් වත් ගන්න වෙයි කියලා හිතනවා. ඒ නිසා Google 1st page එකේ මුල් position 03 අතරට සයිට් එක ගෙන්නම වෙනවා.
cpc = 0.09 කියලා තමයි තියෙන්නේ.
ඒ නිසා දවසට අඩුම Click 30-40ක් විතර ගන්න වෙනවා. දවසට traffic එක 300-350 අතර ගන්න තමයි මගේ target එක.

ඒ වෙනුවෙන් මම කරගෙන යන SEO වැඩ ටිකයි, Progress එකයි update කරන් යන්නම්.
මේ වැඩේ තියෙන අඩුපාඩුයි, කරන්න ඕන දේවල් තියෙනවා නම් ඒ දෙවලුත් කියන්න පහළින් .

මේවගේම තවත් Website 2ක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා මේ මාසය ඇතුළත. ඒ ගැනත් විස්තර පුලුවන් විදිහට දාන්නම්.
මේ දෙවල් කරන්නේ නම් පොඩි Job එකක් කරන ගමන්. :)
*මගේ වෙබ් අඩවියේ url එක ඉල්ලිමෙන් වලකින්න.
«134

Comments

Sign In or Register to comment.