Ebay Selling A-Z Part 8 [ (SMM) social media marketing For Ebay ]

දැන් කට්ටිය list කරලා එහෙම ඇතිනේ. මේ ත්‍රෙඩ් එකේ ඉදන් ඉස්සරහට කතා කරන්නේ list කරාට පස්සේ කරන්නේ මොනාද කියලා. ලිස්ට් කරලා orders එනකම් බලන් ඉන්නේ නැතුව මේ වගේ දේවල් ටිකක් කරලා බලන්න. මේ කියන්න යන්නේ Social Media Marketing ගැන. සරලවම කිව්වොත් සාමාජ ජාල වල ඔයාගේ item ටික Share කරන එක . සරලව එහෙම කිව්වත් කොටස් 4 කින් කතා කරමු

1. Share on Social Media
2. Targeted Audience Marketing
3. Paid Promotions
4. Watchers and Cart

මුලින්ම පටන්ගන්න කෙනෙක්ට කරන්න පුළුවන් ලේසිම දේ තමයි තමන්ගේම කියලා Social Media pages ටිකක් හදාගන්න එක

# Facebook
# Twitter
# Google Plus
# Youtube
# Tumblr
# Pinterest

හදලනකොට ලංකාවේ ඉදලා හැදුවා කියල ලොකු වැඩක් නැතිවෙයි. මොකද ලංකාවේ potential ebay customers ලා නැති නිසා. Asia වල මිනිස්සු කොහොමත් අඩුවටම තියෙන අයිටම් එක හොයන්නේ. ඉතින් අඩුවටම හොයන එකා ඊබේ නැතුව අඩුම තැනකින් ගන්නවා. ඔයා ටාගට් කරන්න ඕනි Premium Customers ලා. ඒක නිසා හොද VPN එකක් හරි VPS එකක් හරි පාවිච්චි කරලා US, EU මාකට් එක ටාගට් කරලා social media හදාගන්න.

දැන් මේක ශෙයා කරද්දී හොදම ටයිම් හොයාගන්න. සාමන්යෙන් සෙනසුරාද උදේ කියන්නේ හොදයි Audience එක. අපේ වේලාවෙන් නෙවෙයි US වේලාවෙන් හිතන්න. හරියට වැඩේ කරොත් බලන් ඉද්දි views, impression , watchers වැඩි වෙයි.

Targeted Audience Marketing කියන්නේ ඉතින් ඔන්න ඕකට. ඔයාගේ අයිටම් එකට ආදාළ audience එක තෝරලා එයාලට market කරන එක.
Paid Promotions කිව්වේ Advertising (facebook adds වගේ )

දැන් මේ කියන්නේ ඊළගට පොඩි ට්‍රික් එකක්. ඔය Watchers ලා කියන්නේ ඇත්තටම අපේ item එකට interest අයට. මෙයාලට වඩා උඩින් ඉන්නේ Add to cart කරලා ඉන්න අය. මෙයාලා ගොඩ දාගන්න පුළුවන් ඔයාට Price එක 5% Drop කරලා. මෙහෙම කරාම eBay එක ඒ buyer ලට email එකක් යවනවා 5% Discount කියලා .( Normally ebay එකම අපිට මේ ගැන email එකකින් කියනවා ) .

මීට අමතරව Investment එකක් එක්ක මේ බිස්නස් එක පටන්ගන්න කෙනෙක්ට පුළුවන් ebay Promoted listing කරන්න.
https://pls.ebay.com/plsweb/plwelcome

Psychological effect එකක් තියෙනවා මේ වගේ පාවිච්චි කරනවා නම්. (Bold Title , Subtitle )

තව ඊබේ Store Subscription ගැන කතා කරලා තියෙනවා මේ ත්‍රෙඩ් සෙට් එකේම English version එකේදී. අපි සිංහලෙන් ඒ ගැන ඉස්සරහට කතා කරමු ෆෝරම් එකේ.

English Version of this article
https://ebayselling4u.blogspot.com/2019/01/social-media-marketing-for-ebay.html

Coming Up Next : Ebay Selling A-Z Part 9 (Shipping and Tracking)
Next Thread Release Date : 1/15/2019 8:00 P.M
Sign In or Register to comment.