Ebay Selling A-Z Part 7 [Ebay Listing]

මුලින්ම Create New Listing යන්න.
https://bulksell.ebay.com/ws/eBayISAPI.dll?SingleList

මෙතනින් තමයි ඔයාගේ listing එක පටන්ගන්නේ. ඊට කලින් මේවා ගැන කතා කරන්න යන්නේ . මේ දේවල් ඇයි මෙහෙම ඕනි කියලා මුලින් කියල දෙන්න්ම් . ඉස්සර වගේ නෙවෙයි දැන් තරගය වැඩි market එකේ. ඉතින් හැමෝම බලන්නේ තමන්ගේ item එක විකුණගන්න. ගොඩක් අය කරන්නේ price අඩු කරන එක. price අඩු වුනාම සේල් වැඩිවෙනවා කියලා හිතලා. ඔව් එහෙම වෙන්නත් පුළුවන් ඒත් Long Term ගේම් එකක් ගහනවා නම් ඔහොම බැහැ. Lowest Price කියන ඒක මිත්‍යාවක් වෙන්නේ කොහොමද කියල අපි වෙනම කතා කරමු . මේ ගේම් එක ගහන්න නම් ඔයා buyer විදියට හිතන්න ඕනි.

සරලවම තේරෙන්න කියනවා නම් ebay එකේ දෙයක් විකිනෙන්නේ මෙහෙමයි. buyer කෙනෙක් යනවා ebay search box එකට එයාට ඕනි item එක search කරනවා. එන item එකක් buy කරනවා. මේ item search කරාම එන search list එකේ search result 10 ක් තිබ්බ කියලා හිතමුකෝ. මෙන්න මේ item 10 න් 2ක් තමයි වැඩිපුරම(80%) විකිනෙන්නේ. ඒ තමයි මුල්ම දෙක. ඉතින් අන්න ඒ 80% ඇතුලට රිංග ගන්න තමයි මේ SEO Friendly විදියට අපි listing කරන්නේ. ඔයා කම්මැලි නම්, ලෝන්ග් ටර්ම් ප්ලැන් එකක් නැත්නම්. මේක අමතක කරලා නිකන්ම ලිස්ට් කරන්න. දැන් කව්රු හරි කියයි මේ මොකුත් නැතුවත් orders එනවනේ කියලා. ඔව් එනවා. top rated වෙන්න එහෙම ආසාවක් තියෙනවා නම්. මේක ecommerce Business එකක් විදියට Outsource කරන්න හිතනවා නම් , ඉස්සරහට තරගකාරී market එකේ game එකක් ගහන්න ඉන්නවා නම් SEO නැතුව බැහැ . මේ මන් කිව්වා 80/20 ගැන වැඩි විස්තර ඕනි නම් 80/20 pareto principle ගැන කියවලා ඉගෙන ගන්න.

1 Image Optimization (Meta Data)
2 Title Optimization (SEO)
3 Description
4 Mobile Friendly Listing
5 Price Psychology

1 Image Optimization (Meta Data)

ඔයාගේ source එක (supplier) ගේ සයිට් එකේ අයිටම් එකට යන්න. දැන් එකේ තියෙන image අපි ගන්න ඕනි අපේ ebay listing එක කරන්න. මෙතැනදී ගොඩක් අය කරන්නේ image download කරන එක. මේකේ වැරද්දක් නැහැ. හැබැයි හරියටම කරනවා නම් image download නොකර Screenshot ගන්න. මොකද image Download කරාම image metadata එක්ක තමයි එන්නේ. මේ ගැන හිතන්න එපා වැඩිය SEO වලට අයත් වෙන්නේ. Screenshot ගන්න එක වඩාත් හොදයි කියන එක හිතන්න වැඩි දේවල් ඕනි නැත්නම්.

2 Title Optimization (SEO)

මෙතැනදී අපි Keyword වලින් තමයි ගේම් එක ගහන්නේ. 70% විතර මේකෙන් තමයි අයිටම් එක ලිස්ට් එකේ උඩට එන්නේ. මේක කරන ක්‍රම කීපයක් තියෙනවා. හැම එකකින්ම කරන්නේ හොදම Keyword එක දාන එක. හැබැයි මතක තියාගන්න relevant Keyword දාන්න. නැත්නම් එත් case එනවා.

හොද Keyword හොයාගන්න පුළුවන්.

1. සුපුරුදු seo keyword research එකකයි. ( google keyword planner etc)
2. title-builder වැනි සයිට් එකකින්.
https://title-builder.com/
3. මේ හැමදේටම වඩා සාර්ථක ක්‍රමේ. Ebay Autocomplete වලින් Manually keyword research එක. එක මොහොතකට ඔයා buyer වෙලා ඊබේ එකට ගිහින් වචනෙන් වචනේ search කරන්න. search කරලා space එකක් ගහන්න. දැන් Drop Down list එකක් එනවා නම් Autocomplete suggestions අන්න ඒවා හොද keyword . මේක ඊබේ home page එකේ වෙන්නේ නැත්නම් https://community.ebay.com/ page එකේ ට්‍රයි කරන්න.

3 Description

Source එකේ තියෙන Description එක ඒ විදියටම දාන්න. http link තියෙනවා නම් අයින් කරන්න. මේ එක්කම Item Specification හරියට බලලා දාන්න. උදා: Waterproof කියලා Specification එකක් තියෙනවා නම් Source එකේ ඒක දාන්න. නැත්නම් දාන්න එපා බොරුවට. සුවර් නැත්නම් දාන්නත් ඒපා. මේකට ටිකක් කියවලා බලන්න Description එක. weight dimension දාන්න පුළුවන් හැම වෙලාවේම. cm,kg තියෙනවා නම් inch, lb වලට convert කරලා දාන්න.

4. Mobile Friendly listing

Mobile Friendly listing චෙක් කරන්න. Description එක දාන තැනම මේකට පහසුකම් තියෙනවා. මෙටා ටැග් එක එහෙම හදාගන්න (HTML mode එකෙනුත් පුළුවන් )

5. Price Psychology

දැන් ඔයා විකුණන අයිටම් එක කීයකටද විකුනන්නේ ?

market research එකෙන් හොයාගත්ත විස්තර එක්ක. හොද price එකක් හිතාගන්න. මේ වගේ Excel Sheet එකක් හදාගන්න වැඩේ ලේසි වෙන්න. මේක වටිනවා කවදාහරි Outsourcing කරන්න බලාපොරොත්තුවක් තියේ නම්
https://i.imgur.com/lsBFMY9.png

මේකේ තියෙන දේවල් පැහැදිලි කරන්නම් මන්

* SKU = අපේ දැනගැනීමට අපි පාවිච්චි කරන number එකක්. මේකේ නමින් ඔයාට මුලින් ගත්ත image folder කරන්න පුළුවන් පස්සේ ගන්න.
* Item Number = ebay item එක list කරට පස්සේ අපිට මේක ලැබෙන්නේ. මේකෙන් මේ sheet එකේ search කරලා soucr එක හොයාගන්න පුළුවන් පස්සේ.
* Source = අපේ source එකේ link එක
* Backup Source = ඒ item එකම තව තැනක හොයලා තියාගන්න. උදාහරණයක් : wallmart එකේ item එකට backup source එක amazon දාගන්න පුළුවන් .china ඒවා හොයාගන්න නම් මේක හොදයි https://en.pandacheck.com
* BIN = Buy It Now කියන එක. මේක ඔයාගේ Source එකේ තියෙන price දාන්න.
*Ship = Source එකේ shipping price. මේක අපි item එකේ price එකට එකතු කරලා. item එක ෆ්‍free shipping කියලා විකුනන්නේ. trick එකක් මේක.
* Tax = තිබුනොත් දාන්න
* Total Bin = සම්පුර්ණ cost එක item එක ගන්න
* Selling Price = ඔයාගේ profit තියාගෙන විකුණන ගාන . මම නම් item එකේ ගානෙන් 1.3% - 1.5% අතර ගානකට විකුනන්නේ. උදා: Total Bin= $100 අයිටම් එක මම විකුනන්නේ $150 ට කියමු (මේක වෙනස් වෙනවා මාකට් .Market Conditions , supply Demand , Competition වගේ සාදක මත ). ඔයාගේ profit $50. හැබැයි ඇත්තටම $50 ලාබ නැහැ. ඊබේ fees, පේපැල් fees අඩු වෙන්න ඕනි මේකෙන්.
මෙන්න මේකෙන් පුළුවන් ඊබේ fees සහ ඔයාගේ profit එක calculate කරලා ගන්න
http://newlifeauctions.com/calc.html

එතකොට මේකෙදි අපිට ($100 අයිටම් එකේදී )
Ebay Fees = $15
Paypal Fees $4.65
ශුද්ද ලාබය -= $30

මෙන්න මේ වගේ profit බලන්න්න. නැත්නම් අතින් කයිට්.

* Stock = ඔයාගේ Source එකේ stock එකේ කීයක් තිබ්බද කියලා අවදානයෙන් ඉන්න. (API වලදී මේ ගැන වැඩිපුර කතා කරමු)

මීට අමතරව Price Psychology ගැන ටිකක් හොයලා කරන්න. $100 අයිටම් එකට වඩා $99 අයිටම් එක විකිනෙනවා. ඊටත් වඩා විකුනෙනවා. මෙහෙම දැම්මොත්
was $199
Now $99
50% off Limited time.

මේවා ගැන ඉගෙන ගන්න. කියල දෙන්නම් කව්රුහරි ඇහුවොත් වෙනම ත්‍රෙඩ් එකකින්.

වැදගත් දේවල් ලිස්ට් කරද්දී

* Title = Title optimize වලදී කියපු දේවල් එක්ක දාන්න. 80 characters දාන්න පුළුවන් ඔයාට
* Category = හොදම කැටගරි එක දාන්න. කවදගත් Other කියන කැටගරි එක දාන්න එපා
* UPC = සමහර item වලට මේක ඉල්ලනවා. මේක දාන එකෙන් වාසියක් තියෙනවා අපිට. එක නිසා https://www.upcitemdb.com/ එකට ගිහින් ඔයාගේ අයිටම් එකේ නම සර්ච් කරලා UPC එකක් කොපි කරලා දාන්න
* Condition = New
* Photos = Image Optimization වලදී කිව්වා විදියට දාන්න. 500X500 අවම සයිස් එක. ෆ්‍රී ඉමේජ් 12ක් දාන්න පුළුවන්. පුමුවන් තරම් දාන්න
* Item specifics = හරියට බලලා දාන්න අදාළ දේවල් විතරක් . MPN එකයි Model Number එකටයි එකම දේ දැම්මට කමක් නැහැ
* Item description = හරියට දාන්න. මේක ලස්සනට හදලා දාගන්න. Ebay store එකක් තියෙනවා නම් Theme එහෙම දාලා ගන්න පුළුවන්. එකට වෙනම අය කරනවා. පස්සේ කතා කරමු. මේ basic
* Format = මුලින් පටන්ගනිද්දී Fixed Price වලට යන්න . Bid , Auction ගැන ඕනි නම් අහන්න
* Duration = good till cancelled දාන එක අපිට වාසි.
* Price = දාන්න හරියට. item Variation තියෙනවා නම් ඒවාට අදාළ විදියට දාන්න Price
* Quantity = 1 හෝ 2ක් දාන්න. 1ක් දන එකෙන් වාසියක් තියෙනවා. item එක buyer ට පෙන්නන්නේ last item remaining කියලා. මේකත් psychological trick එකක්
* Payment options = පේපැල් ඊමේල් එක හරියට දාලද බලන්න
* Return options = මේක මතක ඇතුව restocking fee 20% දාන්න. එතකොට ඔයාට return එකක් ආවත් loss නොවී ශේප් වෙන්න පුළුවන්.
* Shipping details = Flat : Same Cost to All Buyers දාන්න. ඊට පස්සේ Free shipping දාන්න. මේ ගාන අපි මුලින් cover කරලා තියෙන්නේ. psychological trick එකක් තවත්. Shipping Method එක Standard එකක් දාන්න . GSP පාවිච්චි කරනවා නම් මෙතන වෙනස්. එයාල අහන්න මගෙන්.
* Package weight & dimensions = හරියට convert කරලා දාන්න
* Exclude shipping locations = මේක දානවා නම් හොදයි. මොකද සමහර source ship කරන්නේ නැහැ සමහර තැන් වලට
* Item location = මෙතන ශ්‍රීලංකා නැතුව දාගන්න. sales එන්න හොදයි .නැතත් එනවා

එච්චරයි. ලිස්ට් කරන්න. අයිටම් නම්බර් එක කොපි කරගන්න. ඊට පස්සේ මාකටින් ගැන කතා කරමු.
Sign In or Register to comment.